Home Sinhala ශ්‍රී ලංකා නැගී එන පිළ අවසන් පන්දුවාරයේ දී වැඩ වරද්දා ගනියි!

ශ්‍රී ලංකා නැගී එන පිළ අවසන් පන්දුවාරයේ දී වැඩ වරද්දා ගනියි!

1031
Sri Lanka Emerging Tour of Bangladesh 2nd ODI

ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායමට එරෙහිව පැවති දෙවැනි එක්දින තරගය තියුණු සටනකින් අනතුරුව අවසන් පන්දුවාරයේ දී ජය ගැනීමට බංග්ලාදේශ නැගී එන පිළ අද (21) සමත් විය. ඒ තරගාවලිය 1 – 1ක් ලෙස සම තත්ත්වයකට ගෙන එමිනි. ඒ අනුව 24 වැනිදා බංග්ලාදේශයේ කුල්නා හිදී පැවැත්වෙන තෙවැනි සහ අවසන් එක්දින තරගයෙන් ජය ගන්නා කණ්ඩායමට තරගාවලියේ ජයග්‍රහණය හිමිවනු ඇත.

වනිඳුගේ තුන් ඉරියව් දස්කම් ඉදිරියේ බංගලියෝ අසරණ වෙති!

යොවුන් ක්‍රීඩක වනිඳු හසරංග පිත්තෙන් මෙන්ම පන්දුවෙන් දැක්වූ සුපිරි දක්ෂතා නිසා බංග්ලාදේශයට..

අද කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා නායක චරිත් අසලංක මුලින් පන්දුවට පහර දීමට තීරණය කළේ දිවා තරගයක මුලින් පන්දුවට පහර දීම බොහෝ සෙයින් වාසිදායක වන බැවිනි. නමුත් ඔහු සිතූ පරිදි පළමු තරගයේ දී මෙන් ලකුණු 300 ඉක්මවා යාමට අද ශ්‍රී ලංකා පිතිකරුවන්ට හැකි නොවීය. පන්දුවාර 49යි පන්දු 4ක් අවසානයේ ඔවුන් සියලු දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 273කි. මෙය එක්දින තරගයක හොඳ ලකුණක් වුවද තණතිල්ලේ හැසිරීම අනුව අද දිනයේ එය තුලනාත්මක ලකුණු ප්‍රමාණයක් විය.

ආරම්භක පිතිකරණ ස්ථානයේ සාර්ථක වූ පැතුම් නිශ්ශංක අද ලකුණු 55ක් රැස් කළේ පන්දු 57කට මුහුණ දෙමිනි. ඔහුගේ ඉනිමට හතරේ පහර 8ක් ඇතුළත් විය. අංක 3 ස්ථානයේ ක්‍රීඩා කරන චරිත් අසලංක ලකුණු 45කට දැවී ගියේ ශෆියුල් ඉස්ලාම් යැවූ පන්දුවකට කඩුල්ල මුවා කිරීමේ වරදට හසු වීමෙනි. ශ්‍රී ලංකා ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ කමිඳු මෙන්ඩිස් ලකුණු 65ක් ලබා ගත්තේ පන්දු 81කට මුහුණ දෙමිනි. ඊට හතරේ පහර 5ක් ඇතුළත් විය. පසුගිය තරගයේ දී ප්‍රවේගකාරී ඉනිමක් ක්‍රීඩා කරමින් ශ්‍රී ලංකා ලකුණු පුවරුව ඉහළ දැමූ වනිඳු හසරංගට අද රැස් කිරීමට ලැබුනේ ලකුණු 5ක් පමණි.

නැගී එන කණ්ඩායමේ පසුපෙළ පිතිකරුවෙකු ලෙස ක්‍රීඩා කළද පාසල් අවධියේ දී යොවුන් තුන් ඉරියව් ක්‍රීඩකයෙකු ලෙස හොඳින් දස්කම් දක්වා ඇති ජෙහාන් ඩැනියෙල් අද ලකුණු 43ක් රැස්කර ගත්තේය. පන්දු යැවීමේ දී තවමත් 22 හැවිරිදි වියේ පසුවන ශෆියුල් ඉස්ලාම් ලකුණු 51කට කඩුලු 3ක් බිඳ හෙලමින් දස්කම් දක්වද්දී නයීම් හසන් කඩුලු ද්විත්වයක් දවා ගත්තේය. 

ශ්‍රී ලංකාව 2009න් පසු කිවියන්ට එරෙහිව ටෙස්ට් තරගාවලි ජයකට

සංචාරක නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායම හා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අතර පැවැත්වෙන තරග දෙකකින්…

ලකුණු 273ක ඉලක්කයක් හඹා යාම සඳහා පිටියට පිවිසි බංග්ලාදේශ පිළේ මුල් කඩුල්ල ලකුණු 12කට බිඳ වැටුනද එතැන් පටන් ඔවුන් හොඳ ලකුණු සබඳතා ගොඩ නැගීමට සමත් විය. ඒ දෙවැනි කඩුල්ලට අර්ධ ශතක සබඳතාවයක් සහ තෙවැනි කඩුල්ලට ශතක සබඳතාවයක් වශයෙනි. පළමු තරගය පරාජය වී තිබූ අවස්ථාවක නායකයෙකු ලෙස දෙවැනි තරගය දිනවා දීමට කැපවුණු නජ්මුල් හොසේන් අද ලකුණු 77ක් රැස්කර ගත්තේ පන්දු 88කට මුහුණ දෙමිනි. ඒ අතරතුරේ ඔහු හතරේ පහර 9ක් සහ එක් හයේ පහරක් එල්ල කළේය. 

නායකයා සමඟ ශතක සබඳතාවයට මුල පිරූ යසීර් අලි අද දැවී ගියේ බංග්ලාදේශ ලකුණු පුවරුව ලකුණු 85කින් ඉහළ නංවමිනි. ඔහුගේ ඉනිම හතරේ පහර 3කින් සහ හයේ පහර 5කින් වර්ණවත් විය. බංග්ලාදේශ පිළේ පසුපෙළ කඩුලු ඉක්මනින් බිඳ වැටුනද මෙම සබඳතාවය ඔවුන්ගේ ඉලක්කය කරා යෑමේදී තීරණාත්මක සාධකය බවට පත්විය. එතැන් පටන් විටින් විට කඩුලු බිඳ වැටුනද අවසන් මොහොතේ පිටියට පිවිසි යීසින් අරෆත් තමන්ට ලැබුණු පන්දු 3ට හයේ පහර 2ක් එල්ල කරමින් නොදැවී ලකුණු 12ක් ලබා ගැනීම ශ්‍රී ලංකා පිළේ ජයග්‍රහණ බලාපොරොත්තු බොඳ කර දැමීමට ප්‍රමාණවත් විය.

ස්මිත්ගේ ආදේශකයා නිසා කැන්ගරුවෝ තරගය බේරා ගනිති!

සුප්‍රසිද්ධ ලෝඩ්ස් ක්‍රීඩා පිටියේදී ක්‍රියාත්මක වූ අළු බඳුන දෙවැනි ටෙස්ට් තරගය ඊයේ (18) නිමාවට පත්වූයේ..

ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම වෙනුවෙන් ශිරාන් ප්‍රනාන්දු සහ ජෙහාන් ඩැනියෙල් කඩුලු 2 බැගින් දවා ගැනීමට සමත් වූහ. මෙම තරගයේ දී පොඩි මාලිංග ලෙස දේශීය පිටියේ හැඳින්වෙන නුවන් තුෂාර පන්දුවාර 4ක් ක්‍රියාත්මක කළ අතර එහිදී ලකුණු 37ක් ලබා දෙමින් දැඩි ප්‍රහාරයකට ලක්විය. පසුගිය තරගයේ දී කඩුලු 4ක් දවා ගනිමින් තරගයේ වීරයා සම්මානය ද දිනාගත් වනිඳු හසරංගට අද දිනයේ දවා ගැනීමට හැකි වූයේ එක් කඩුල්ලක් පමණි. අද තරගයේ වීරයා ලෙස විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කරමින් බංග්ලාදේශයේ ජය මාවත විවර කළ යසීර් අලි සම්මාන ලබා ගත්තේය.

Result


Sri Lanka Emerging Team
273/10 (49.4)

Bangladesh Emerging Team
274/8 (49.3)

Batsmen R B 4s 6s SR
Pathum Nissanka lbw b Aminul Islam 55 57 8 0 96.49
Sandun Weerakkody b Nayeem Hasan 7 15 1 0 46.67
Charith Asalanka lbw b Shafiqul Islam 45 45 5 0 100.00
Sammu Ashan c Jaker Ali b Mohammad Naim 21 15 1 2 140.00
Kamindu Mendis lbw b Shafiqul Islam 65 81 5 0 80.25
Wanindu Hasaranga c Najmul Hossain Shanto b Shafiqul Islam 5 7 1 0 71.43
Ashen Bandara lbw b Yeasin Arafat 12 24 0 0 50.00
Jehan Daniel b Sumon Khan 43 41 4 0 104.88
Shiran Fernando run out (Sumon Khan) 4 7 0 0 57.14
Amila Aponso run out (Afif Hossain) 5 5 0 0 100.00
Nuwan Thushara not out 1 1 0 0 100.00


Extras 10 (b 4 , lb 0 , nb 0, w 6, pen 0)
Total 273/10 (49.4 Overs, RR: 5.5)
Fall of Wickets 1-31 (5.2) Sandun Weerakkody, 2-97 (16.6) Pathum Nissanka, 3-130 (21.1) Sammu Ashan, 4-137 (22.6) Charith Asalanka, 5-154 (24.4) Wanindu Hasaranga, 6-184 (33.6) Ashen Bandara, 7-241 (44.6) Kamindu Mendis, 8-254 (47.1) Shiran Fernando, 9-272 (49.2) Amila Aponso, 10-273 (49.4) Jehan Daniel,

Bowling O M R W Econ
Shafiqul Islam 10 0 51 3 5.10
Nayeem Hasan 10 0 35 2 3.50
Sumon Khan 6.4 0 50 1 7.81
Afif Hossain 3 0 19 0 6.33
Aminul Islam 10 0 53 1 5.30
Yeasin Arafat 10 0 61 1 6.10


Batsmen R B 4s 6s SR
Saif Hassan c Sandun Weerakkody b Jehan Daniel 27 49 4 0 55.10
Mohammad Naim run out (Ashen Bandara) 5 8 1 0 62.50
Najmul Hossain Shanto c Ashen Bandara b Shiran Fernando 77 88 9 1 87.50
Yasir Ali c Ashen Bandara b Wanindu Hasaranga 85 93 3 5 91.40
Afif Hossain c & b Jehan Daniel 18 23 2 0 78.26
Aminul Islam run out (Wanindu Hasaranga) 8 10 2 0 80.00
Jaker Ali lbw Shiran Fernando b 11 14 1 0 78.57
Nayeem Hasan not out 9 8 0 0 112.50
Sumon Khan lbw Amila Aponso b 5 3 1 0 166.67
Yeasin Arafat not out 12 3 0 2 400.00


Extras 17 (b 0 , lb 0 , nb 2, w 15, pen 0)
Total 274/8 (49.3 Overs, RR: 5.54)
Fall of Wickets 1-12 (3.2) Mohammad Naim, 2-64 (14.4) Saif Hassan, 3-184 (35.6) Najmul Hossain Shanto, 4-227 (42.4) Yasir Ali, 5-233 (43.5) Afif Hossain, 6-244 (46.2) Aminul Islam, 7-254 (47.6) Jaker Ali, 8-261 (48.5) Sumon Khan,

Bowling O M R W Econ
Shiran Fernando 10 1 30 2 3.00
Nuwan Thushara 4 0 37 0 9.25
Amila Aponso 10 0 74 1 7.40
Jehan Daniel 8.3 0 46 2 5.54
Wanindu Hasaranga 10 0 54 1 5.40
Kamindu Mendis 7 0 33 0 4.71



>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<