කොරියාව හමුවේ යොවුන් ඇතුන් කබලෙන් ලිපට වැටේ

210

ආසියානු වයස අවුරුදු 19න් පහළ රග්බි ශූරතාවලියේ සිය අවසාන තරගයෙන් ද ලකුණු 26-29ක් ලෙස කොරියාව හමුවේ අවාසනාවන්ත පරාජයක් ලැබූ ශ්‍රී ලංකා යොවුන් රග්බි කණ්ඩායම මෙවර තරගාවලියේ සියලුම තරග පරාජය වීම නිසා ලබන වසරේ දී ප්‍රධාන කාණ්ඩයෙන් පළමු කාණ්ඩය දක්වා පහළට ඇද වැටෙනු ඇත.

චීන තායිපේ හමුවේ යොවුන් දළ ඇතුන් දණ ගසයි

2018 ආසියානු වයස අවුරුදු 19න් පහළ රග්බි තරගාවලියේ සිය පළමු තරගය සඳහා ශ්‍රී ලංකා වයස අවුරුදු

ආසියානු වයස අවුරුදු 19න් පහළ රග්බි ශූරතාව පසුගිය දෙසැම්බර් 12 වැනිදා තායිවානයේ දී ආරම්භ වූ අතර තරගාවලියට අවාසනාවන්ත ආරම්භයක් ලබා ගනිමින් ඔවුන් සිය පළමු තරග දෙක චීන තායිපේ හා හොංකොං හමුවේ පරාජය විය.

තව දුරටත් ප්‍රධාන කාණ්ඩයේ රැඳී සිටීමට නම් කොරියානු තරගයේ ජය ඔවුන්ට අත්‍යවශ්‍ය විය.

පළමු අර්ධයට සුපිරි ආරම්භයක් ලබා ගත් Geunyu Park ශ්‍රී ලංකා ආරක්ෂක වළලු බිඳිමින් 7 වන මිනිත්තුවේ දී ක්‍රියාත්මක වූයේ උත්සාහක දිනුමක් රැස් කරමිනි.

කොරියාවට එරෙහිව ඉදිරි පෙළ ක්‍රීඩකයින් යොදා ගැනීම අසාර්ථක බව ශ්‍රී ලංකා පුහුණුකරුවන්ට තේරුම් යාමට මිනිත්තු 19ක් ගත වූ අතර කෙසේ වෙතත් ඔවුන් පසුව සිය පසු පෙළ යොදා ගනිමින් කොරියානු අර්ධය ආක්‍රමණය කිරීම ආරම්භ කළෝය.

එහි ප්‍රතිඵලයක් ලෙස රුක්ෂාන් මදුසංක දක්ෂ ලෙස කොරියානු ක්‍රීඩකයින් දෙදෙනෙකු අතර සිදු වූ පන්දු යොමු කිරීමකින් පන්දුව ඩැහැ ගත්තේ කේෂාන් කාවින්ද හට ශ්‍රී ලංකාව වෙනුවෙන් පළමු උත්සාහක දිනුම රැස් කිරීමට මග විවර කර දෙමිනි. මුබින් ෆලීල් අමතර ලකුණු එකතු කළේ ලකුණු තත්වය 7-5ක් බවට පත් කරමිනි.

යොවුන් රග්බි කණ්ඩායමේ සුක්කානම ගැමුණු චේතියට

වින්ග්, සෙන්ටර් මෙන්ම ෆුල් බැක් ස්ථානවල ද එක සේ දස්කම් දක්වන ක්‍රීඩකයෙකු වන මේ වසරේ සාන්ත

මිනිත්තු කිහිපයකට පසු ජනිදු දිල්ශාන්ගේ දක්ෂ ධාවනයක් ඉෂාර ලියනගේ ලකුණු බවට පරිවර්තනය කරන ලදි.

ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ගේ ආරක්ෂක වළලුවල හිඩැස් මැනවින් ප්‍රයෝජනයට ගත් කොරියානුවෝ Woobeen Pak හා Ilkwon Wooගේ සුරතින් දෙවරක්ම ධවල රේඛාව ඉක්මවා ගියේ තරගයේ පෙරමුණ කොරියාවට රැගෙන දෙමිනි.

පළමු අර්ධය: කොරියාව 19 (3T 2C) – 12 (2T 1C) ශ්‍රී ලංකාව

දෙවන අර්ධය ද පළමු අර්ධයට වඩා වැඩි වෙනසක් නොපෙන්වූ නමුත් මෙවර පළමුවෙන් රැස් කළේ ශ්‍රී ලංකාවයි. රවිඳු හෙට්ටිආරච්චි ශ්‍රී ලංකාව වෙනුවෙන් ලකුණු රැස් කළේ තරගයේ ලකුණු රැස් කරමිනි.

තරගය අවසානයට තවත් මිනිත්තු 10ක් පමණක් ඉතිරිව තිබිය දී Jungsun Seo හා කාවින්ද කේෂාන් කණ්ඩායම් දෙක වෙනුවෙන් උත්සාහක දිනුම් ද්විත්වයක් රැස් කළේ තරගයේ ලකුණු 26-26ක් ලෙස නැවත සම කරමිනි.

අවසාන මිනිත්තු කිහිපයේ දී ශ්‍රී ලංකා ක්‍රීඩකයින් දිගින් දිගටම කළ අතපසුවිම් නිසා කොරියාවට අවසන් මොහොතේ දඬුවම් පහරක් හිමි වූ අතර එම අවස්ථාව සාර්ථක කර ගත් ඔවුන් තරගය ජය ගත්තේ ලකුණු තුනකින්.

අවසන් ලකුණු තත්වය: කොරියාව 29 (4T, 3C, 1P) – 26 (4T, 3C) ශ්‍රී ලංකාව

ලකුණු රැස් කළ ක්‍රීඩකයෝ

කොරියාව – Geunyo Park (1T), Ilkwon Woo (1T), Jungsun Seo (1T), Woobeen Park. Conversions(3C), Chandeul Kim (1P)

ශ්‍රී ලංකාව – ජනිදු දිල්ශාන් (1T), ඉෂාර ලියනගේ (1T), රවිඳු හෙට්ටිආරච්චි (1T), කේෂාන් කාවින්ද (1T), මුබින් ෆලීල් (3C)

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<