ශ්‍රී ලංකාව හමුවේ හොංකොං පරාජයට

292
Sri Lanka beats Hong Kong;

11 වන වරටත් මියන්මාරයේ නෙයි-පියි-ටෝ හි දී පැවැත්වෙන SMM ආසියානු වොලිබෝල් තරගාවලියේ  ශ්‍රී ලංකාවට සුපිරි 8 වටය මඟ හැරුණ ද, 9, 10, 11 ස්ථාන අතුරෙන් එක් ස්ථානයක් දිනා ගැනීමට හොංකොං කණ්ඩායමට එදිරිව පැවැත්වූ තරගයෙන් වට 3-1ක  ජයග්‍රහණයක් ලබා ගන්නා ලදි.

ලක් යෞවනයන්ගෙන් ප්‍රබල ජපානයට සටනක්

ඊයේ (28) ඇරඹි ආසියානු යොවුන් වොලිබෝල් ශූරතාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වූ දෙවන තරගය අද (29) පැවතියේ ප්‍රබල ජපාන කණ්ඩායමට එරෙහිවයි…

මූලික වටයේ තරග වලදී ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රබල ජපානය හමුවේ වට 3-0ක් (25-14, 25-21, 25-17) ලෙස හා තායිලන්තය හමුවේ වට 3-0ක් (25-10, 25-15, 25-23) ලෙස පරාජයට පත්වීම නිසාවෙන් සුපිරි 8 දෙනා අතරට පිවිසීමට ශ්‍රී ලංකා කණ්ඩායමට නොහැකි විය.

2014 වර්ෂයේ දී පැවැත්වූ වොලිබෝල් තරගාවලියේ දී ශ්‍රී ලංකා කණ්ඩායමට 5 වැනි ස්ථානය දිනා ගැනීමට හැකි විය.

මෙවර තරගාවලිය තුල 9, 10, 11 යන ස්ථාන දිනා ගැනීමට ශ්‍රී ලංකාව සමඟින් හොංකොං හා බංග්ලාදේශ කණ්ඩායම් තරග වදින අතර, එහි මුල්ම තරගය ඊයේ (1) ශ්‍රී ලංකාව හා හොංකොං අතර පැවැත්විය. එම තරගයෙන් වට 3-1ක් (23-25, 25-22, 25-20, 25-20) ලෙස ජයග්‍රහණය ලබා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

  • 9, 10, 11 ස්ථානයන් දිනාගැනීමට තරග වදින කාණ්ඩයේ ලකුණු පුවරුව

අනෙකුත් තරග ප්‍රතිඵල

අවසන් තරගාවලි 6 තුලම ශූරතාවය දිනා ගත්  ජවසම්පන්න ඉරාන කණ්ඩායම හමුවේ ප්‍රබල චීන කණ්ඩායම වට 3-2ක් (25-21, 18-25, 25-23, 17-25, 10-15) ලෙස තියුණු ජයග්‍රහණයක් ලබා ගන්නා ලදි.  කොරියානු කණ්ඩායම හා චීන තායිපේ කණ්ඩායම අතර පැවැත්වූ තරගයෙන් වට 3-0 ක් (25-14, 25-23, 25-22) ලෙස කොරියාව ජයග්‍රහණය කරන ලදි.

  • E කාණ්ඩයේ ලකුණු පුවරුව

සත්කාරක මියන්මාර හා තායිලන්තය අතර දිනයේ උණුසුම්කාරීම තරගය ලෙසින් පැවැත්වූ මෙම තරගයෙන් තරග වට 3-0ක් (25-27, 18-25, 23-25) ලෙස තායිලන්තය ජයග්‍රහණය කරන විට,  ජපානය හා ඕස්ට්‍රේලියාව අතර තරගය වට 3-0ක් (25-15, 25-13, 25-10) ලෙස ප්‍රබල ජපානයට ජය හිමිකර දෙමින් අවසන් විය.

  • F කාණ්ඩයේ ලකුණු පුවරුව

මෙම තරගාවලිය ලබන 5 වැනිදා අවසන් වීමට නියමිතව ඇත.

 තවත් වොලිබෝල් පුවත් සඳහා පිවිසෙන්න – වොලිබෝල් පිටුවට