19න් පහළ ශ්‍රී ලංකා ලෝක කුසලාන සංචිතයේ වෙනස්කම් රැසක්

19න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය 2020

175

ජනවාරි මස 17 වැනිදා සිට පෙබරවාරි මස 9 වැනිදා දක්වා දකුණු අප්‍රිකාවේ දී පැවැත්වීමට නියමිත වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා යොවුන් සංචිතය නම් කර තිබේ. 

ස්මිත් තමන්ටම දඬුවම් කර ගනියි

දැනට ලොව සිටින අංක 1 ටෙස්ට් පිතිකරුවා වන ………..

ක්‍රීඩකයින් 15 දෙනෙකුගෙන් සමන්විත මෙම සංචිතය මෙහෙය වීමේ වගකීම පැවරී ඇත්තේ සුපුරුදු පරිදී සාන්ත ජෝසප් වාස් විද්‍යාලයේ නිපුන් ධනංජය වෙතයි. 

කෙසේ නමුත් ආබාධයක් හේතුවෙන් කොදෙව් තුන්කොන් තරගාවලිය සඳහා සහභාගී නොවූ වමතින් වේගපන්දු යවන ඩිල්ශාන් මදුසංක ඉන් සුවය ලැබීමෙන් අනතුරුව ලෝක කුසලානය සඳහා ඇතුලත් කර තිබේ. 

බංග්ලාදේශ 19න් පහළ කණ්ඩායම සමඟ පැවති තරගාවලියේ තරුණ ටෙස්ට් තරග දෙකම ජය පරාජයෙන් තොරව අවසන් වුවත්, තරුණ එක්දින තරග 5කින් සමන්විත තරගාවලිය 4-0ක් ලෙස පරාජයට පත්වීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ට සිදු විය.  කෙසේ නමුත් අනතුරුව කොදෙව් දේශයේ දී පැවති තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ දී ශ්‍රී ලංකාව ශූරතාවය දිනා ගත්තේය,  

කෙසේ නමුත් කොදෙව් දේශයේ පැවති තුන්කොන් ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගී වූ සංචිතයේ වෙනස්කම් හතරක් පහත පරිදි සිදුකිරීමට තේරීම් කමිටුව පියවර ගෙන ඇත.

ඇතුලට – ඩිල්ෂාන් මදුසංක, තවීෂ අභිෂේක්, මොහොමඩ් ශමාස්, මතීෂ පතිරණ

එළියට – චමිඳු වික්‍රමසිංහ, යසිරු රොද්‍රිගෝ, ලක්ෂාන් ගමගේ, නවීන් ප්‍රනාන්දු

ඩිල්ශාන් මදුසංක ආබාධයකට ලක්ව සිටි නිසාවෙන් කොදෙව් සංචාරය සඳහා සහභාගී වූයේ නොමැත. එම සංචාරය සඳහා සහභාගී වූ චමිඳු වික්‍රමසිංහගේ පිට කොන්ද ආශ්‍රිතව ඇතිවූ ආබාධයක් නිසාවෙන් තවත් එක් වෙනස්කමක් සිදු කිරීමට තේරීම් කමිටුවට සිදුවිය. අවසානයේ එම වෙනස්කම් දෙකද ඇතුලත්ව වෙනස්කම් හතරක් සිදුවිය. 

දක්ෂ වේගපන්දු යවන ක්‍රීඩකයින් තිදෙනෙක් වන අම්ෂි ද සිල්වා, ඩිල්ශාන් මදුසංක සහ මතීෂ පතිරණ දකුණු අප්‍රිකාවේ තිබෙන වේගවත් තණතීරු මත යම් වෙනසක් සිදු කරනු ඇතැයි අපේක්ෂා කිරීමට හැකිය. ඊට අමතරව චමිඳු විජේසිංහ තුන් ඉරියව් වේගපන්දු යවන්නෙක් ලෙස මේ සංචිතය තුල සිටියි.    

වමතින් දඟපන්දු යවන සොනාල් දිනූෂ, දිලුම් සුධීර, පා දඟපන්දු යවන ක්‍රීඩක කවිඳු නදීශාන් සහ පිට දඟපන්දු යවන ක්‍රීඩක අශේන් ඩැනියල් මේ සංචිතයේ සිටින ප්‍රධාන දඟපන්දු යවන්නන් වන අතර අමතරව නායක ධනංජයට ද දඟපන්දු යැවීමට හැකිය.   

ලෝක කුසලානයක් අත ළඟ; 19න් පහළ කණ්ඩායම ලොකු ගැටලුවක

බටහිර ඉන්දීය කොදෙව් දේශයේ පැවැත්වෙන ………

13වැනි වරටත් පැවැත්වෙන මෙම ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා රටවල් 16ක් සහභාගී වන අතර කාණ්ඩ 4ක් යටතේ තරගාවලිය පැවැත්වේ. ශ්‍රී ලංකාව එහි A කාණ්ඩය යටතේ තරග වදින අතර ශ්‍රී ලංකාවට අමතරව ජපානය, නවසීලන්තය හා ගියවර ලෝක ශූරතාව දිනා ගත් ඉන්දියාව A කාණ්ඩය යටතේ තරග වදිනු ලැබේ. 

මෙම තරග සංචාරය තුල ද 19න් පහළ කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩකයෙක් වන හෂාන් තිලකරත්න මහතා කටයුතු කරන අතර කණ්ඩායම් කළමනාකරු ලෙස කටයුතු කරන්නේ හිටපු තුන් ඉරියව් ක්‍රීඩකයෙක් වන ෆර්වීස් මහරූෆ් මහතායි.   

1988 සිට ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා ක්‍රීඩා කරනු ලබන ශ්‍රී ලංකා කණ්ඩායම 2000 වසරේ දී ලෝක අනුශූරයින් බවට පත්වූ අතර එහි දී ශ්‍රී ලංකා නායකත්වය දරනු ලැබුවේ මලින්ත ගජනායක විසිනි. අවසන් මහා තරගයේ දී ශ්‍රී ලංකාව පරාජයට පත්වූයේ ඉන්දියාව හමුවේයි. 

19න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ වැඩිම යරක් ශූරතාව දිනාගෙන තිබෙන ඉන්දීය කණ්ඩායම සිව්වතාවක් ලෝක ශූරතාව ජය ගන්නා විට, ඕස්ට්‍රේලියාව තුන්වතාවක් ශූරතාව ජයගෙන තිබේ. ඊට අමතරව එංගලන්තය හා දකුණු අප්‍රිකාව දෙවතාවක් ශූරතාව දිනාගෙන ඇත.  

එම රටවල්වලට අමතරව වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලානය දිනාගෙන තිබෙන රටවල් වන දකුණු අප්‍රිකාව හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම එක් වතාවක් මේ ශූරතාවයේ හිමිකරුවන් වී තිබේ. 

19න් පහළ ලෝක කුසලාන තරගාවලියට යන ශ්‍රී ලංකා 19න්  පහළ සංචිතය,   

නිපුන් ධනංජය (නායක – සාන්ත ජෝසප් වාස් විද්‍යාලය), කමිල් මිශාර (කොළඹ රාජකීය විද්‍යාලය), නවෝද් පරණවිතාන (ගාල්ල මහින්ද විද්‍යාලය), අහන් වික්‍රමසිංහ (කොළඹ රාජකීය විද්‍යාලය), රවිඳු ද සිල්වා (ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය), සොනාල් දිනූෂ (කොළඹ මහානාම විද්‍යාලය), චමිඳු විජේසිංහ (කොළඹ නාලන්දා විද්‍යාලය), අශේන් ඩැනියල් (මරදාන සාන්ත ජෝසප් විද්‍යාලය), දිලුම් සුධීර (ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය), ඩිල්ශාන් මදුසංක (හුංගම විජයබා ජාතික පාසල), අම්ෂි ද සිල්වා (ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය), කවිඳු නදීෂාන් (අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලය), මොහොමඩ් ශමාස් (මරදාන සහිරා විද්‍යාලය), තවීෂ අභිෂේක් (ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය), මතීෂ පතිරණ (මහනුවර ත්‍රිත්ව විද්‍යාලය).

තරග වදින කාණ්ඩ, 

  • A කාණ්ඩය – ඉන්දියාව, නවසීලන්තය, ශ්‍රී ලංකාව, ජපානය 
  • B කාණ්ඩය – ඕස්ට්‍රේලියාව, එංගලන්තය, බටහිර ඉන්දීය කොදෙව්, නයිජීරියාව 
  • C කාණ්ඩය – පාකිස්තානය, බංග්ලාදේශය, සිම්බාබ්වේ, ස්කොට්ලන්ඩ් 
  • D කාණ්ඩය – ඇෆ්ගනිස්තානය, දකුණු අප්‍රිකාව, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, කැනඩාව 

ශ්‍රී ලංකා තරග කාලසටහන (මූලික වටයේ), 

  • ජනවාරි 19 (ඉරිදා) – ඉන්දියාව සමඟ බ්ලූම්ෆොන්ටයින් හිදී (North West University Oval) 
  • ජනවාරි 22 (බදාදා) – නවසීලන්තය සමඟ බ්ලූම්ෆොන්ටයින් හිදී (Mangaung Oval) 
  • ජනවාරි 25 (සෙනසුරාදා) – ජපානය සමඟ පොචෙෆ්ස්ට්රූම් හිදී (Mangaung Oval) 

තරගාවලියේ සියලුම තතු ඔබ වෙතට රැගෙන ඒමට ThePapare.com සූදානමින් සිටියි. රැඳී සිටින්න ThePapare.com සමඟම.   

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<