එංගලන්ත ලයන්ස් කණ්ඩායම හා ශ්‍රී ලංකා A කණ්ඩායම අතර මසක පමණ කාලයක් තිස්සේ පැවැත්වුන දීර්ඝ ක්‍රිකට් සංචාරය අවසන් කරමින් අද (11) එහි පස්වන හා අවසන් නිල නොවන එක්දින තරගය පැවැත් වූ අතර එම තරගයෙන් එංගලන්ත ලයන්ස් කණ්ඩායම ඩක්වර්ත් ලුවිස් න්‍යායයට අනුව ලකුණු 12කින් ජයග්‍රහණය ලබා ගනිමින් එක්දින තරගාවලිය ගෞරවාන්විත අවසන් කිරීමට සමත් විය.

දෙපසට දෝලනය වූ තරගයේ ජය ලයන්ස් කණ්ඩායමට

ශ්‍රී ලංකා A කණ්ඩායම සහ එංගලන්ත ලයන්ස් කණ්ඩායම අතර පැවැත්වෙන ටෙස්ට් තරගාවලියේ ජයග්‍රහණය දැනටමත් සනිටුහන් කර ගැනීමට ශ්‍රී ලාංකිකයෝ සමත්ව සිටියි. කෙසේ වෙතත් අද (09) පැවති සිව්වැනි එක්දින තරගයේ ජයග්‍රහණයට හිමිකම් කියන්නට සමත් වූයේ එංගලන්ත කණ්ඩායමයි. ඊයේ දිනය සඳහා තරගය කරන විට කඩුලු 4ක් දැවී ලකුණු 321ක් ලබා සිටි ශ්‍රී ලංකා කණ්ඩායම අද (08) තම ප්‍රථම ඉනිම ලකුණු 494ක් දක්වා වැඩි වර්ධනය…

කෝල්ට්ස් පිටියේ දී කාසියේ වාසිය ජයග්‍රහණය කල ශ්‍රී ලංකා A කණ්ඩායම පළමුව පිතිකරණය යෝග්‍ය යැයි තීරණය කරන ලදි. ඒ සමඟ පිටියට පැමිණි ආරම්භක පිතිකරුවන් යුගලය වන දනුෂ්ක ගුණතිලක හා රොන් චන්ද්‍රගුප්ත පළමු කඩුල්ල සඳහා ලකුණු 29ක් සබඳතාවයක් ගොඩ නැංවූ අතර, ඉනිමේ පළමු කඩුල්ල ලෙස ලකුණු 10ක් ලබාගෙන සිටි චන්ද්‍රගුප්ත දැවී යන ලදි.

ලකුණු 82ක් වන විට ශ්‍රී ලංකා A කණ්ඩායමේ කඩුලු 6ක් ඩැහැ ගැනීමට ලයන්ස් පන්දු යවන්නන් සමත් වූයේ ශ්‍රී ලංකා කණ්ඩායමේ මැදපෙළ දුර්වලතා නිසාවෙනි. නමුත් ශ්‍රී ලංකා ලකුණු පුවරුවට යම් ආකාරයකින් සැනසිල්ලක් ගෙන ආ ආරම්භක පිතිකරු ගුණතිලක 4 පහර 6ක් සමඟින් ලකුණු 51ක් රැස්කර ගැනීමට සමත් විය.

පසුපෙල පිතිකරණය සවිමත් කරමින් 7 වන කඩුල්ල සඳහා ලකුණු 49ක හොඳ සබඳතාවයක් ගොඩනැංවීමට ඇන්ජලෝ පෙරේරා හා දසුන් ශානක සමත් වූයේ තරගයක් දිය හැකි ලකුණු පුවරුවක් වෙත ශ්‍රී ලංකා A කණ්ඩායම ඔසවා තබමිනි. එහි දී ඇන්ජලෝ ලකුණු 21ක් ලබා ගන්නා ලදි.

තෝමස් හෙලම්ගේ පන්දුවක් හමුවේ දැවී ගිය ශානක 4 පහර 2ක් හා එක් 6 පහරක් සමඟින් ලකුණු 32ක් රැස්කර ගත්තේය. වේග පන්දු යවන විකුම් සංජය තම පිතිකරණ හැකියාවන් ද විදහාලමින් 4 පහර 5ක් සමඟින් නොදැවී ලකුණු 30*ක් රැස්කර ගන්නා ලදි.

දකුණතින් මඳ වේග පන්දු යවන තෝමස් හෙලම් ශ්‍රී ලංකා A කණ්ඩායමේ කඩුලු 5ක් තම කඩුලු ගොන්නට එකතු කර ගන්නා ලදි.

අනතුරුව පිටියට පිවිසි එංගලන්ත ලයන්ස් කණ්ඩායම තරගයට වර්ෂාවෙන් විය හැකි බාධා සලකා බලා මුල සිටම වේගවත් පිතිකරණයක නිරත වූයේ, ඩක්වර්ත් ලුවිස් න්‍යායට අනුව හෝ තරගය ජයග්‍රහණය කිරීමේ අරමුණ පෙරදැරි කරගෙනයි. එයට සවියක් වුනු බෙන් ඩක්ට් ලකුණු 28කට දැවී ගියේ එංගලන්ත ලයන්ස් ලකුණු  පුවරුව ලකුණු 54ක් ලෙස සටහන් වන විටයි. ඔහුගේ එම ඉනිම මනරම් 4 පහර 5කින් වර්ණවත් විය.

නායකත්වයේ පිතිකරණයක නිරත වූ කීට්න් ජෙනින්ස් දැකුම්කළු 4 පහර 6ක් සමඟ ලකුණු 38ක් ලබා ගැනීමට සමත් විය. බෙන්ජමින් ෆෝක්ස් හා සැමුවෙල් කර්න් පිතිකරණයේ නිරත වෙමින් සිටිය දී වර්ෂාවෙන් තරගයට බාධා එල්ල විය. එම නිසා විනිසුරුවරුන් තරගයේ තීරණය ඩක්වර්ත් ලුවිස් න්‍යායට අනුව ලබා දීමට තීරණය කරන ලදි. එසේ ගණනය කර විට ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 26 පන්දු 3කදී ලබාගෙන තිබුණේ ලකුණු 112ක් වන අතර එංගලන්ත ලයන්ස් කණ්ඩායම දැනට ලකුණු 124ක් ලබාගෙන අවසන් නිසා  එංගලන්ත ලයන්ස් කණ්ඩායමට ලකුණු 12ක ජයග්‍රහණයක් ලබා ගැනීමට හැකි විය.

පන්දු යැවීමේ දී චතුරංග ද සිල්වා හා දනුෂ්ක ගුණතිලක අතරේ කඩුලු 2ක බැගින් බෙදී ගිය අතර, එහි දී ගුණතිලකගේ තුන් ඉරියව් දස්කම් කැපී පෙනින.

කෙසේ වෙතත් තරගාවලිය 3-2ක් ලෙස ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා A කණ්ඩායම සමත් විය.

ශ්‍රී ලංකා A කණ්ඩායම – සියල්ලන්ම දැවී ලකුණු 192 (පන්දුවාර 46.1): දනුෂ්ක ගුණතිලක 51, දසුන් ශානක 32, විකුම් සංජය 30*, රමිත් රඹුක්වැල්ල 23, තෝමස් හෙල්ම් 5/33, ලෙයිම් ලිවින්ස්ටන් 2/27

එංගලන්ත ලයන්ස් කණ්ඩායම – කඩුලු 5ක් දැවී ලකුණු 124 (D/L) (පන්දුවාර 26.3): කීට්න් ජෙනින්ස් 38, බෙන් ඩක්ට් 28, චතුරංග ද සිල්වා 2/20, දනුෂ්ක ගුණතිලක 2/25

තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න  ක්‍රිකට් ක්‍රීඩා පිටුවට