SAG පදක්කම් ලාභීන්ට රුපියල් මිලියන 85ක්

121

13 වැනි දකුණු ආසියානු ක්‍රීඩා උළෙල නිමා වූයේ ශ්‍රී ලංකා කණ්ඩායමට තරගාවලියේ තුන්වැනි ස්ථානය හිමිකර දෙමිනි. පදක්කම් 250කට ආසන්න සංඛ්‍යාවක් දිනා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් සමත්වූයේ ඉතිහාසයේ දකුණු ආසියානු ක්‍රීඩා උළෙලක දී වාර්තා කළ වැඩිම පදක්කම් සංඛ්‍යාව සටහන් කරමිනි. 

උණ ගැනුණ මලල ක්‍රීඩා පිටිය සුවපත් කළ පදක්කම් වෙද්දු

දකුණු ආසියාවේ ඔලිම්පික් උළෙල ලෙසින් නම් ලද දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ මලල ක්‍රීඩා තරග නිමා වූයේ ශ්‍රී ලංකාවට…….

තරගාවලියේ දී රන් පදක්කම් 40ක්, රිදී පදක්කම් 83ක් හා ලෝකඩ පදක්කම් 128ක් දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වූ අතර ශ්‍රී ලංකා ක්‍රීඩා ඉතිහාසයේ ප්‍රථම වතාවට ශ්‍රී ලංකාව වෙනුවෙන් පදක්කම් දිනා ගත් සියලුම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට මුදල් ත්‍යාග ප්‍රදානය කිරීම ඊයේ (14) සිදු කෙරිණි. ඒ සඳහා රුපියල් මිලියන 85ක් වෙන්කර තිබුණි. 

>>Photos: SAG 2019 Medalists Felicitation Ceremony<<

ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හා අධ්‍යාපන, ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතාගේ උපදෙස් පරිදි ක්‍රීඩා අමාත්‍යාංශය, ජාතික ඔලිම්පික් කමිටුව මේ සඳහා විශේෂ උත්සවයක් සංවිධානය කර තිබුණි. ඒ සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් මෙන්ම ඔවුන්ගේ පුහුණුකරුවන් ද කැඳවා තිබුණි. මෙහි දී ලෝකඩ පදක්කමක් සඳහා මුදලින් රුපියල් 200,000ක් ද, රිදී පදක්කමක් සඳහා රුපියල් 300,000ක් ද, රන් පදක්කමක් සඳහා රුපියල් 500,000ක් ද පිරිනමා තිබුණි.

මැතිව්ගේ ගෙලට රන් 7ක් සහ රිදී පදක්කමක්

නේපාලයේ කත්මණ්ඩු අගනුවර දී පැවැත්වෙන 13 වැනි දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ පිහිනුම් ඉසව්වේ පස්වැනි සහ අවසන් දිනය…..

ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් වැඩිම රන් පදක්කම් ලාභිනිය වූ ඩිල්ශි කුමාරසිංහ මීටර් 400, මීටර් 800 හා මීටර් 4*400 සහය දිවීමේ තරග ඉසව්වල දී රන් පදක්කම් දිනා ගැනීමට සමත් වූ අතර ඒ අනුව ඇයට රුපියල් මිලියන 1.5ක මුදලක් පිරිනමා තිබුණි. නිලානි රත්නායක හා අරුණ දර්ශන මෙම තරගාවලියේ දී රන් පදක්කම් දෙක බැගින් දිනා ගත් අතර ඔවුන්ට රුපියල් මිලියනයක මුදලක් පිරිනැමීය. 

ශ්‍රී ලංකාව වෙනුවෙන් තරගාවලියේ වැඩිම පදක්කම් ලාභියා වූ මැතිව් අබේසිංහ රන් පදක්කම් 7ක් දිනා ගැනීමට සමත් විය. 

  • Medal winners of SAG 2019 with their Prize money
  • Medal winners of SAG 2019 with their Prize money
  • Medal winners of SAG 2019 with their Prize money
  • Medal winners of SAG 2019 with their Prize money

>> තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල් පිටුවට <<