ශ්‍රී ලංකාව බංග්ලාදේශය හමුවේ පරාජය වෙයි

81

13 වැනි දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ පාපන්දු තරගාවලියේ ශ්‍රී ලංකා පිරිමි කණ්ඩායම සහභාගි වූ තුන්වැනි තරගය අද (05) බංග්ලාදේශය සමඟින් පැවැත්විය. එම තරගයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම ගෝල 1-0ක් ලෙස පරාජය කිරීමට බංග්ලාදේශ කණ්ඩායම සමත් විය. 

SAG2019 – ජූඩ් සුමන් අවසන් මොහොතේ තරගය උණුසුම් කරයි

මෙවර නේපාලයේ කත්මණ්ඩු අගනුවර පැවැත්වෙන 13 වැනි දකුණු ආසියානු ක්‍රීඩා….

තරගාවලියේ මූලික වටයේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි වූ තුන්වැනි තරගය ලෙස මෙම තරගය සටහන් විය. පළමු තරගයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම මාලදිවයින සමඟින් තරග වැදුණු අතර එම තරගය ගෝල නොලබා නිමා වූ අතර නේපාලය සමඟින් පැවති දෙවන තරගයේ ද, අවසන් මිනිත්තුවේ දී ලබා ගත් ගෝලයත් සමඟින් තරගය ජය පරාජයෙන් තොරව අවසන් කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. 

බංග්ලාදේශ තරගයේ ආරම්භයේ දී ම ශ්‍රී ලංකා කණ්ඩායම තරමක් පසුබෑමකට ලක්වූ අතර වේගවත් පන්දු හුවමාරු මගින් බංග්ලාදේශය ශ්‍රී ලංකා පසුපෙළ ආක්‍රමණය කිරීමට සමත් විය. 

තරගයේ 11 වැනි මිනිත්තුවේ දී බංග්ලාදේශ ලකුණු පුවරුව ක්‍රියාත්මක කිරීමට මොහ්බුබූර් රහ්මාන් සමත් විය. ශ්‍රී ලංකා ගෝල රකින ක්‍රීඩක සුජාන් පෙරේරාට වැළැක්වීය නොහැකි වූ එම ගෝලය බංග්ලාදේශයට ගෝල එකකින් පෙරමුණ ගෙන දීමට සමත් විය. 

SAG2019 – ශ්‍රී ලංකා – මාලදිවයින් තරගය ජය පරාජයෙන් තොරයි

මෙවර නේපාලයේ කත්මණ්ඩු අගනුවර පැවැත්වෙන 13 වැනි දකුණු ආසියානු ක්‍රීඩා…..

තරගයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම ගෝල ලබා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම ගත් උත්සාහයන් සියල්ල සාර්ථකව ව්‍යර්ථ කිරීමට බංග්ලාදේශ පසුපෙළ හා ගෝල රකින ක්‍රීඩකයා සමත් විය. පළමු අර්ධය නිමා වූයේ කණ්ඩායම් දෙකටම තවත් ගෝල ලබා ගැනීමට අවස්ථාවක් උදාකර නොදෙමිනි. 

පළමු අර්ධය: බංග්ලාදේශය 01 – 00 ශ්‍රී ලංකාව

දෙවන අර්ධයේ දී ද කණ්ඩායම් දෙකම ගෝල ලබා ගැනීම සඳහා ප්‍රබල සටනක නිරතවී සිටිය ද එම උත්සාහයන් සාර්ථකව ව්‍යර්ථ කිරීමට කණ්ඩායම් දෙකෙහිම පසුපෙළ ක්‍රීඩකයන් සමත් විය. දෙවන අර්ධයේ දී ගෝලයක් ලබා ගැනීමට කණ්ඩායම් දෙකම අසමත් වූ අතර තරගය නිමා වූයේ ශ්‍රී ලංකා කණ්ඩායමට තරගාවලියේ පළමු පරාජය උරුමකර දෙමිනි.

අවසන් ලකුණු තත්ත්වය: බංග්ලාදේශය 01 – 00 ශ්‍රී ලංකාව

  • ගෝල ලබා ගැනීම – මොහ්බුබූර් ‍රහ්මාන් (බංගලාදේශය) 11′

තරගාවලියේ මෙතෙක් පැවති තරග තොරතුරු මෙසේයි. 

  • බංග්ලාදේශය 00 – 01 භූතානය 
  • මාලදිවයින 00 – 00 ශ්‍රී ලංකාව
  • නේපාලය 04 – 00 භූතානය 
  • බංග්ලාදේශය 01 – 01 මාලදිවයින 
  • නේපාලය 01 – 01 ශ්‍රී ලංකාව 
  • මාලදිවයින 01 – 02 භුතානය

ශ්‍රී ලංකා පිරිමි පාපන්දු කණ්ඩායම මීළඟ තරගය සඳහා භූතානය සමඟින් එළඹෙන 07 වැනිදා තරග වැදීමට නියමිතය. 

13 වැනි දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ සියලු තොරතුරු ඔබ වෙත ගෙන ඒමට thepapare.com අප සූදානම්. රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<