ක්‍රිස් මොරිස් දකුණු අප්‍රිකානු වැසියන්ගෙන් ඉල්ලීමක් කරයි

1511
South Africa

2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඊයේ (05) දකුණු අප්‍රිකාව හා ඉන්දියාව අතර පැවති තරගය දකුණු අප්‍රිකාව කඩුලු 6කින් කින් පරාජයට පත්විය. දකුණු අප්‍රිකානු කණ්ඩායමේ සිටින තුන් ඉරියව් ක්‍රීඩක ක්‍රිස් මොරිස් තරගයට පසුව මාධ්‍යයට අදහස් දක්වමින් දකුණු අප්‍රිකානු කණ්ඩායම සමඟ තවදුරටත් සිටින ලෙස එරට ක්‍රිකට්  ප්‍රේක්ෂකයින්ගෙන් ඉල්ලා තිබේ.

රෝහිත් හා චාහල් දකුණු අප්‍රිකානුවන් අසරණ කරයි!

ලෝක කුසලාන තරගාවලියේ අටවැනි තරගය අද (05) එංගලන්තයේ සවුත්හැම්ප්ටන් හිදී සාර්ථකව…

2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ තරග වදිනු ලබන සෑම කණ්ඩායමක්ම මූලික වටයේ තරග 5ක් හෝ 6ක් අවම වශයෙන් ජයග්‍රහණය කළ යුතු අතර එය එසේ නොවුවහොත් අවසන් පූර්ව තරග වටයට යාම සිදු කළ නොහැකිය. නමුත් දකුණු අප්‍රිකානු කණ්ඩායම ඔවුන් සහභාගී වූ මූලික වටයේ තරග 3 (එංගලන්තය, බංග්ලාදේශය හා ඉන්දියාව) හමුවේ පරාජයට පත්ව මේ වන විට ඉතාමත් අසීරු මට්ටමකට පැමිණ සිටී.

“දැන් වුනු දේවල් ගැන පසුතැවිලා වැඩක් නැහැ. අපි පළමු තරග 3ම දැන් එක දිගටම පරාජයට පත්වෙලා ඉන්නේ. මෙතැන ඉඳන් තියෙන තරග 6ම දින්නොත් අපිට මීළඟ වටයට යන්න පුළුවන් වෙයි. දැන් අපේ ක්‍රීඩකයින් දන්නවා ඒගොල්ලෝ මොනවද කරන්න ඕන කියලා. අපේ ක්‍රීඩකයිනුත් දැන් ටිකක් මානසිකව වැටිලා ඉන්නේ. එයින් නැගිටින්න අපිට අපේ ප්‍රේක්ෂකයින්ගේ සහාය ඕන කියලා මම හිතනවා.” ක්‍රිස් මොරිස් පැවසීය.

ඊයේ පැවති ක්‍රිකට් තරගයේ දී ක්‍රිස් මොරිස් අංක 8 පිතිකරුවා ලෙස පැමිණ ලකුණු 42ක් ලබාගෙන දකුණු අප්‍රිකානු ඉනිම ලකුණු 227ක් දක්වා රැගෙන යාමට සවියක් ලබා දුන්නේය.

දකුණු අප්‍රිකානු කණ්ඩායම ඊයේ දිනයේ පැවති තරගය පරාජය වීම සඳහා ඔවුන්ගේ තිබූ දුර්වල පන්දු රැකීම විශාල හේතුවක් වූ අතර එම තරගයේ වීරයා ලෙස සම්මාන දිනා ගත් රෝහිත් ශර්මා විසින් ලබා දුන් උඩපන්දු දෙකක්ම දකුණු අප්‍රිකානු පන්දු රකින්නන්ගේ අතින් ගිලිහී යාමේ ප්‍රතිඵලයක් ලෙස ශර්මා නොදැවී ලකුණු 122ක් ලබාගත්තේය.

ශ්‍රී ලංකාව ලබා ගන්නා දෙවැනි පරාජය හෝ ජයග්‍රහණයට පෙර

12 වැනි ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දී ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වන තුන්වැනි තරගය..

“අපිට ලැබුණු තරග කාලසටහන ටිකක් තරගකාරී වැඩියි. නමුත් දැන් ඒ ගැන කතා කරලා වැඩක් නැහැ. දැන් අපි ඉදිරිය ගැන  හිතලා සෙල්ලම් කරන්න ඕන. අපිට හොඳ සවිමත් කණ්ඩායමක් ඉන්නවා ඒ දේ කරන්න.” මොරිස් වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසීය.

මේ තරගයේ කාසියේ වාසිය දිනා ගත් දකුණු අප්‍රිකානු කණ්ඩායම පළමුව පන්දුවට පහර දීමට දීමට තීරණය කළ නමුත් ජස්ප්‍රීට් බුම්රා ඇතුළු ඉන්දීය පන්දු යවන්නන් හෂීම් අම්ලා හා ක්වින්ටන් ඩි කොක් ඇතුළු පිතිකරුවන්ව ඉතාමත් දක්ෂ ලෙස පාලනය කළේය.

“අපි ඕනෙම කෙනෙක්ට මොනවා හරි දෙයක් වැරදුනොත්, අපි එයින් ඉගෙන ගන්න ඕන. අපිත් තරග ජයග්‍රහණය කරන්න ආසයි. අපි දන්නවා මේ තණතීරුවල හැසිරීම කොහොමද කියලා. මේ තණතීරුවේ නම් ලකුණු 300කට යන්න ටිකක් අමාරුයි. නමුත් ලකුණු 250-260ක් කියන්නේ නම් මේ තණතීරුවේ තරගයක් දෙන්න පුළුවන් ලකුණු ප්‍රමාණයක්.” යැයි දකුණු අප්‍රිකානු කණ්ඩායමේ ආරම්භක පිතිකරුවෙක් වන හෂීම් අම්ලා පැවසීය.

තරගාවලියේ උණුසුම් තතු, සියලුම තරග වාර්තා, විශේෂාංග ලිපි, ඡායාරූප පමණක් නොව, ICC ආයතනයේ නිල ඩිජිටල් වීඩියෝ පට සහකරු ලෙස විශේෂ වීඩියෝ ඇතුළු තවත් බොහෝ දෑ ඔබ වෙත රැගෙන ඒමට ThePapare.com සූදානමින් සිටී. රැඳී සිටින්න ThePapare.com සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<