ඩයලොග් චැම්පියන්ස් ලීග් පාපන්දු තරගාවලියේ පස්වැනි සතිය වෙනුවෙන් බ්ලූ ස්ටාර් කණ්ඩායම සහ සොලිඩ් ක්‍රීඩා සමාජය අතර පැවති තරගයේ දී ගෝල 2-0ක් ලෙස ජය ගත් බ්ලූ ස්ටාර් ක්‍රීඩකයින්, ලකුණු 3ක් තම කණ්ඩායමට එක්කර ගැනීමට සමත් විය. කණ්ඩායම් දෙකටම තරගය වැදගත් වූයේ හේතූන් දෙකක් මත ය.

රිනවුන් අතින් ගුවන් බලය පරාජය වේ

රිනවුන් කණ්ඩායම කැලණිය පාපන්දු ක්‍රීඩා සංකීර්ණයේ පැවති තරගයේ දී ඉතා අගනා ජයග්‍රහණයක් ගුවන් හමුදා කණ්ඩායමට එරෙහිව වාර්තා කිරීමට සමත් විය.

බ්ලූ ස්ටාර් කණ්ඩායමට ශූරතාවය සඳහා සටන් වදින්නට ඉඩ සලසා ගැනීමට නම් මේ තරගය ජය ගැනීම වැදගත් වූ අතර, සුපිරි අට දෙනාගේ වටයේ දී දුෂ්කරතාවයන්ට ලක් වූ සොලිඩ් කණ්ඩායමට නැවත තම අභිමානය ස්ථාවර කර ගැනීම වෙනුවෙන් මේ තරගය වැදගත් විය. කෙසේ වෙතත් බ්ලූ  ස්ටාර් කණ්ඩායමට වැඩි වාසි අත්කරදෙමින් සොලිඩ් කණ්ඩායමට ක්‍රීඩා කරන්නට සිදු වූයේ කිසිදු අතිරේක ක්‍රීඩකයෙකු නැතිවයි.

ප්‍රථම අර්ධයේ මුල් භාගයේ සිටම ආක්‍රමණය දැඩි කිරීමට බ්ලූ ස්ටාර් කණ්ඩායමට හැකිවුවත් සොලිඩ් කණ්ඩායමේ සවිමත් ආරක්ෂක පෙළ විනිවිද යාමට ඔවුන් අසමත් විය. මිනිත්තු 20ක පමණ ඇවෑමෙන් බ්ලූ ස්ටාර් කණ්ඩායමේ හමීඩ් හිසින් එල්ල කළ පහර ප්‍රතිවාදී ගෝලයේ හරස් දණ්ඩේ වැදුණු අතර ජිබෝලා විසින් එය ගෝලය තුළට යැවූවත්, විනිසුරුගේ තීරණය වූයේ පිටියේ සීමා උල්ලංඝණය වූ බවයි.

ප්‍රථම අර්ධය: බ්ලූස්ටාර් ක්‍රීඩා සමාජය 1-0 සොලිඩ් ක්‍රීඩා සමාජය

දෙවන වටය ආරම්භයේදීත් බ්ලූ ස්ටාර් කණ්ඩායම සොලිඩ් ආරක්ෂකයන්ට තර්ජනයක් එල්ල කළ නමුත් සොලිඩ් කණ්ඩායම වෙනුවෙන් අමිත් කුමාර සහ තිලිණ බණ්ඩාර අතිදක්ෂ ආරක්ෂණයක නිරත විය.

සොලිඩ් ක්‍රීඩා සමාජයට ප්‍රථම අර්ධයට වඩා අවස්ථාවන් මඳ වූයේ අතිරේක ක්‍රීඩක බංකුවේ තිබූ හිස්තැන් හේතුවෙන් පිටියේ සිටි ක්‍රීඩකයන්ට තම 100%ක දායකත්වය සෑම විටම ලබා දිය නොහැකි වූ බැවිනි.

බ්ලූ ස්ටාර් වෙනුවෙන් හමීඩ් සහ ජිබෝලා එල්ල කළ පහරවල් දෙකක්ම සොලිඩ් ගෝලයේ හරස් දණ්ඩේ වැදී ගෝලයෙන් පිටතට විසිවූවත්, ෆර්සීන් විසින් වාර්තා වූ ගෝලයත් සමඟින් ලකුණු 3ක්ම ඔවුනට එක්විය.

සම්පූර්ණ කාලය: බ්ලූ ස්ටාර් ක්‍රීඩා සමාජය 2-0 සොලිඩ් ක්‍රීඩා සමාජය.

ThePapare.com තරගයේ වීරයා – ඉදොවු හමීඩ් (බ්ලූ ස්ටාර්)

සොලිඩ් කණ්ඩායමේ කළමණාකරු ප්‍රදීප් ද සොයිසා, තරගයෙන් අනතුරුව ThePapare.com සමඟින් අදහස් දැක්වීය.

මේ තරගාවලිය දිගු කාලයක් ඇදීම නිසා කලාප තරග ක්‍රීඩා කරන අපේ ක්‍රීඩකයන් කිහිපදෙනෙක්ම ආබාධවලට ලක්වුණු බැවින් සුදුසු කණ්ඩායමක් මේ තරගයට ඉදිරිපත් කිරීම අපට අපහසු වුණා. කෙසේ වෙතත් ඒ සියලු ප්‍රශ්න පැත්තක තියලා හොඳම කණ්ඩායමට එරෙහිව අපේ කණ්ඩායම අද ක්‍රීඩා කරපු විදිය ගැන මම සතුටු වෙනවා.”

බ්ලූ ස්ටාර් පුහුණුකරු චන්ද්‍රදාස කරුණාරත්න තරගයෙන් අනතුරුව දැක්වූයේ මෙවන් අදහසක්.

අවස්ථා කිහිපයක් මගහැරීම නිසා අපට තව ගෝල වාර්තා කරන්න තිබුණු අවස්ථා නැති වීම ගැන මම තෘප්තිමත් නැහැ. කොළඹ ක්‍රීඩා සමාජයට එරෙහිව ලබන සතියේ දී අපට ලොකු තරගයක් තිබෙනවා. මං උත්සාහ කරනවා මගේ ක්‍රීඩකයන්ගෙන් හොඳම දක්ෂතා එළියට අරන් අපට වැදගත් ඒ ජයග්‍රහණය ලබාගන්න.”

ගෝල වාර්තා කළ ක්‍රීඩකයන්

  • බ්ලූ ස්ටාර් – මොහොමඩ් ෆර්සීන් 26′, 87′.

කහ කාඩ්පත්.

  • බ්ලූ ස්ටාර් – ඊ.බී. චන්න 56′.
  • සොලිඩ් – දීපාල් කුලරත්න 62′.

  තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට