ඕස්ට්‍රේලියාව පාලනය අතට ගද්දි ස්මිත් ශතකයකට මාන බලයි

130

ඕස්ට්‍රේලියාව හා නවසීලන්තය අතර බොක්සිං දින ආරම්භ වූ දෙවන ටෙස්ට් තරගයේ පළමු දිනය අවසානයේ ස්ටීව් ස්මිත් ලකුණු 77ක් ලබා නොදැවී සිටි අතර ඕස්ට්‍රේලියානු කණ්ඩායම තරගයේ පාලනය සම්පුර්ණයෙන් තමන්ගේ අතට ගැනීමට සමත්ව තිබුණා.

පියාට උපස්ථාන කළ තුන් ඉරියව් ක්‍රීඩකයා නැවත එංගලන්තයට

එංගලන්ත තුන් ඉරියව් ක්‍රීඩක බෙන් ස්ටොක්ස් දකුණු අප්‍රිකාවට එරෙහිව එළඹෙන බ්‍රහස්පතින්දා පැවැත්වෙන පළමු ටෙස්ට්…..

1987 වසරින් පසුව නවසිලන්ත කණ්ඩායම මෙල්බර්න් ක්‍රීඩා පිටියේ දී සහභාගී වන පළමු බොක්සිං දින ටෙස්ට් තරගය වන මේ තරගයේ කාසියේ වාසිය දිනා ගත්තේ නවසිලන්ත නායක කෙන් විලියම්සන්. 

නවසීලන්තය පළමුවෙන් පන්දු යැවීමට ගත් තීරණය නිවැරදි බව ඔප්පු කරමින් ඕස්ට්‍රේලියානු ආරම්භක පිතිකරු ජෝ බර්න්ස් පළමු පන්දුවෙන්ම දැවී ගිය අතර දිවා විවේකයට පෙර ඩේවිඩ් වෝනර් ද නැවත හරවා ක්‍රීඩාගාරයට යවන්නට නවසීලන්ත පන්දු යවන්නන් සමත් විය.

2019 වසරේ ලොව වැඩිම ලකුණු ලාභියා වන Marnus Labuschagne හා ස්ටීව් ස්මිත් අර්ධ ශතක සමඟින් තරගයේ පාලනය නැවත ඕස්ට්‍රේලියාව දෙසට හැරවූ අතර දිනය අවසානයේ ලකුණු සටහන දිස්වුනේ කඩුලු හතරක් දැවී ලකුණු 257ක් ලෙසයි.  

දිනය අවසානයේ ස්මිත් සමඟ නොදැවී සිටියේ ලකුණු 25ක් ලබා ගෙන සිටි ට්‍රැවිස් හෙඩ්. Labuschagne ලකුණු 63ක් ලබා ගැනීමට සමත් වූ අතර කොලින් ඩි ග්‍රෑන්ඩ්හෝම් ලකුණු 48කට කඩුලු දෙකක් දවා ගැනීමට සමත් විය.

ස්ටීවන් ස්මිත් මෙල්බර්න් ක්‍රීඩා පිටියේ දී ඔහු අවසානයට ක්‍රීඩා කළ තරග හතරේ දී ම ශතක ලබා ගැනීමට සමත් වූ අතර ඔහු පස්වැනි ශතකයටත් ඉතා ආසන්න වී සිටීම හෙට දිනයේ දී නවසීලන්තයට ප්‍රබල අභියෝගයක් වනු ඇත. 

“ඔවුන් පන්දු යවපු ආකාරයට හා පන්දු රකින්නන් ස්ථානගත කරපු ආකාරයට මට ගොඩක් ඉවසිලිවන්ත ලෙස පිතිකරණයේ යෙදෙන්නට සිදු වුනා” ස්මිත් පවසා සිටියා. “එය පන්දු යවන්නන් හඹා යන්නට පුළුවන් කඩුල්ලක් නොවෙයි. මම හිතනවා අපි හොඳින් ක්‍රීඩා කළා කියලා.” 

“අපේ සැලසුම වුණේ පුළුවන් තරම් ලකුණු රැස් කරන්න, අපි දිනය අවසන් වෙද්දී කඩුලු හතරකට ලකුණු 257ක් රැස් කර ගෙන සිටියා. තවත් එක් හොඳ සබඳතාවයකින් තරගයේ වැඩි වාසි අපේ පැත්තට හරවා ගන්නට පුළුවන්.”

නවසීලන්ත කණ්ඩායමට මේ තරගයේ ජය අත්‍යවශ්‍ය වන්නේ පර්ත් හි පැවති පළමු තරගයේ දී ඔවුන් ලකුණු 296කින් පරාජය වූ නිසයි.

පිතිකරුවන්ට වාසි වූ තණතිල්ලක පළමුවෙන් පන්දු යැවීමට තෝරා ගැනීම නවසිලන්ත නායක විලියම්සන් ගත් පෙරළිකාර තීරණයක් බව විචාරකයින් සඳහන් කළා.

එම තීරණය නිවැරදි බව සනාථ කරන්නට ආබාධයක් නිසා තරග දෙකක් ක්‍රීඩා නොකළ ට්‍රෙන්ට් බෝල්ට් පළමු පන්දුවාරයේ දී ම සමත් වුනා. වෝනර්ට එල්ල කළ පන්දු තුනකින් පසුව ඔහුගේ සිව්වැනි පන්දුව ජෝ බර්න්ස්ගේ කඩුල්ල බිඳ දැමුවා. තරගය නැරඹීමට ප්‍රේක්ෂකයින් 81,000ක් රැස්ව සිටීම විශේෂත්වයක්.

ක්‍රිකට් පිටියට පියඹා පැමිණි දකුණු අප්‍රිකානු පියාසැරියා

1992 බෙන්සන් සහ හෙජස් ලෝක කුසලානයේ තරගයක් බ්‍රිස්බේන් නුවර දී පැවැත්වෙමින් තිබුණි. තරගය පැවැත්වුණේ…..

බෝල්ට් හට පර්ත් හි පැවැත්වුණු පළමු ටෙස්ට් තරගය මඟ හැරුණු නමුත් අද දිනයේ ඔහු ටීම් සවුති හා එක්ව ප්‍රබල පන්දු යැවීමක නිරත වුනා.

“අපිට තවත් කඩුලු ලැබුණා නම් අපි කැමතියි.” ට්‍රෙන්ට් බෝල්ට් පවසා තිබුණා. “මම හිතන්නේ වළාකුළු පිරුණු කාලගුණය පළමු පන්දුවාර කිහිපයේ දී අනගි සහයක් ගෙන දුන්නා. හරි කනගාටුවක් තවත් කඩුලු දෙකක් ගන්න බැරි වුණු එක.”

“ධනාත්මක පැත්තට බැලුවොත් ඔවුන් ගොඩක් දුර ගිහින් නැහැ. අපි බලාපොරොත්තු වෙනවා හෙට උදෑසනම තවත් ඉක්මන් කඩුලු දෙකක් ගන්න ලැබෙයි කියලා.”

බර්න්ස් දැවි යාමෙන් අනතුරුව වෝනර් සමඟ එක් වුණු Labuschagne කෙමෙන් කෙමෙන් ඕස්ට්‍රේලියානු ඉනිම ස්ථාවර කළ අතර නීල් වේග්නර්ගේ පන්දුවක් හමුවේ වෝනර් ලකුණු 41කට දැවී ගියා. ඒ සවුතිගේ අලංකාර උඩ පන්දු රැකීමක් හමුවෙයි.   

ලකුණු අතර සිටින Labuschagne සිය අඛණ්ඩ පස්වැනි අර්ධ ශතකය ද වාර්තා කර ගෙන ශතකයක් කරා මාන බැලුවේ තමන් මීට පෙර ක්‍රීඩා කළ තරග හතරේ දී ම ශතක වාර්තා කර තිබූ පසුබිමකයි.

කෙසේ වෙතත් අවාසනාවන්ත ලෙස ග්‍රෑන්ඩ්හෝම්ගේ පන්දුවක් ඔහුගේ වැලමිටේ වැදී කඩුල්ලේ ගැටීම නිසා ඔහුට පිටියෙන් ඉවත් වෙන්නට සිදු වුනා.

ස්ටීව් ස්මිත් සිය අර්ධ ශතකය සම්පුර්ණ කර ගැනීමත් සමඟ ඔහු ඕස්ට්‍රේලියාවේ 10 වැනි වැඩිම ලකුණු ලාභියා බවට පත් වුණේ ග්‍රෙග් චැපල් (7110) පසු කර යමින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<