ගමගේ, උදාන සහ රජිතගෙන් වැඩි දස්කම්

291

වර්ෂාව හේතුවෙන් දෙවැනි දිනයේ පන්දු 19කට පමණක් සීමා වූ අන්තර් පළාත් සුපර් 4 ක්‍රිකට් තරගාවලිය අද (10) තෙවැනි දිනයට ක්‍රියාත්මක වෙමින් පැවතෙද්දී, පළමු ඉනිමේ ජයග්‍රාහී ගෞරවය දිනා ගැනීමට ගාලු සහ නුවර ක්‍රීඩකයෝ සමත් වූහ.

සූරියවැව මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයට අද දිනයේ දී ද වර්ෂාව ඇද හැලෙමින් තරගයට බාධා එල්ල වූ අතර රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවති තරගය කිසිදු බාධාවකින් තොරව පැවැත්විය.

සුපරි හතරේ දෙවැනි දිනයට වර්ෂාවෙන් දැඩි බලපෑම්

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් පළාත් සුපර් 4 ක්‍රිකට් තරගාවලියේ දෙවැනි සතියේ දෙවැනි දිනය වූ අද (09) දිනයේ වැඩි කාලයක් අයහපත් කාලගුණයට…

ඒ අනුව දඹුලු ක්‍රීඩකයෝ පළමු ඉනිම වෙනුවෙන් රැස් කළ ලකුණු 244 කඩුලු 8ක් දැවී අභිබවා යෑමට ගාල්ල ක්‍රීඩකයෝ සමත් වූහ. එම ඉනිමේ කැපී පෙණෙන දක්ෂතා දැක්වූයේ චතුරංග ද සිල්වා ය. දඹුල්ල කණ්ඩායමේ වේගපන්දු යවන ක්‍රීඩක ලහිරු ගමගේ ප්‍රතිවාදී කඩුලු 5ක් දවා ගනිමින් දිනයේ කැපී පෙණෙන පන්දු යවන්නා බවට පත්විය.

නුවර සහ කොළඹ අතර තරගයේ දී නුවර කණ්ඩායම රැස් කළ ලකුණු 270ට පිළිතුරු ලෙසින් කොළඹ ක්‍රීඩකයෝ කඩුලු 9ක් දැවී ලකුණු 138ක් ලබා සිටිය දී ඉනිම අත්හිටුවමින් පළමු ඉනිමේ පරාජය බාර ගත්හ.

තරග දෙකම හෙට (11) අවසන් දිනයට ක්‍රියාත්මක වේ.

මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය

පෙර දිනයේ එකඳු පන්දුවක් හෝ නොයවමින් නතර වූ තරගය අද පස්වරු 1.45ට ආරම්භ වූයේ දිනයේ යැවිය යුතු පන්දුවාර ප්‍රමාණය 98ක් වෙමිනි.

පළමු දිනයේ කිසිවෙක් නොදැවී ලකුණු 37ක් ලබා සිටි කොළඹ ක්‍රීඩකයන්ගේ ඉනිමේ ආරම්භක පිතිකරුවන් වූ කෞෂාල් සිල්වා සහ ෂෙහාන් ජයසූරිය දිනයක විවේකයෙන් පසුව පිටියට පිවිසෙමින් පළමු කඩුල්ලට ලකුණු 62ක සබඳතාවක් එක් කළහ.

දිනයේ පළමු කඩුල්ල ලෙසින් වමත් පිතිකරු ෂෙහාන් ජයසූරිය කසුන් රාජිතගේ පන්දුවකට කඩුලු රකින ක්‍රීඩක නිරෝෂන් දික්වැල්ල අතට උඩ පන්දුවක් ලබා දෙමින් දැවී ගියේ ලකුණු 25ක් ලබා ගනිමිනි. පළමු කඩුල්ලෙන් අනතුරුව යැවුණ 16 වැනි පන්දුවේ දී අනෙක් ආරම්භක පිතිකරු කෞෂාල් සිල්වා ද ලකුණු 26ක් ලබා සිටිය දී ඉසුරු උදානගේ පන්දුවකට ජීවන් මෙන්ඩිස්ගේ අතට උඩ පන්දුවක් ලබා දෙමින් දැවී ගියේය.

සංගක්කාරට ජාත්‍යන්තර උපදේශක තනතුරක්

ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ සම්මේලනයේ (FICA) උපදේශක මණ්ඩලයට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයෙක් වන කුමාර සංගක්කාර මහතා පත් කර තිබේ.

තෙවැනි කඩුල්ලට ලකුණු 11ක සබඳතාවක් එක් වෙද්දී ධනංජය ද සිල්වා පිටියෙන් ඉවත් කිරීමට ප්‍රභාත් ජයසූරිය සමත් වූයේ කඩුල්ල මුවා කිරීමේ වරදට හසු කර ගනිමිනි.

අනතුරුව තරගය වර්ෂාව හේතුවෙන් පස්වරු 3.30ට පමණ නතර වෙද්දී ලහිරු තිරිමාන්න සහ නායක දිනේෂ් චන්දිමාල් නොදැවී කඩුල්ලේ රැඳී සිටියහ. ඒ වෙද්දී ලකුණු පුවරුව කියැවුණේ කඩුලු 3ක් දැවී ලකුණු 93ක් ලෙසිනි.

පැයක පමණ වේලාවක් වර්ෂාව පැවතුණ අතර අසූවකින් පමණ සමන්විත වූ ක්‍රීඩාංගණ සේවකයන්ගේ උත්සාහය හේතුවෙන් තරගය නැවත රාත්‍රී 7.45ට ආරම්භ කිරීමට සැලසුම් කෙරුණි. ඒ දිනයේ යැවිය යුතු පන්දු වාර ප්‍රමාණය 68කට සීමා කරමිනි.

ඒ අනුව පිටියට පිවිසි කොළඹ ක්‍රීඩකයන්ට එතෙක් වේලා ස්ථාවරව ගොඩනගා ගෙන ආ ඉනිම ඒ ලෙසින්ම ගොඩ නැගීමට නුවර පන්දු යවන්නෝ ඉඩ දුන්නේ නැත. වර්ෂාවෙන් පසුව යැවුණ පළමු පන්දුවාර 8 දී ලකුණු 15ක් පමණක් ලබා දෙමින් කඩුලු 4ක් දවා ගැනීමට ඔවුන් සමත් විය. කොළඹ ක්‍රීඩකයන්ගෙන් ලහිරු තිරිමාන්න (21), දිනේෂ් චන්දිමාල් (10), වනිඳු හසරංග (00) සහ දිල්රුවන් පෙරේරා (05) ගේ කඩුලු අහිමි විය.

අනතුරුව තික්ෂිල ද සිල්වා සහ කවිශ්ක අංජුල එක්ව 8 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 19ක සබඳතාවක් එක් කරමින් එම බාධකය බිඳ දැමූහ. තික්ෂිල ලකුණු 16ක් ලබා ගත් අතර අංජුලට ලබා ගත හැකි වූයේ ලකුණු 14ක් පමණි. ඔවුන් දෙදෙනාගේ කඩුලු අහිමි වෙන විට ලකුණු පුවරුව කියැවුණේ කඩුලු 9ක් දැවී 133ක් ලෙසිනි. අනතුරුව ලකුණු පුවරුවට තවත් ලකුණු 5ක් පැමිණෙද්දී ඉනිම අත්හිටුවීමට කොළඹ නායකයා තීරණය කළේය.  

පන්දු යැවීමේ දී ආරම්භක වේගපන්දු යවන්නන් වූ කසුන් රාජිත සහ ඉසුරු උදාන කඩුලු 4 බැගින් බෙදා ගත්හ.

ලකුණු 132ක් ඉදිරියෙන් සිටිමින් දෙවැනි ඉනිමට පිටියට පිවිසි නුවර ක්‍රීඩකයෝ දිනය අවසානයේ කඩුලු 2ක් බිඳ වැටී ලකුණු 55ක් ලබා සිටියහ. එම ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූ මහේල උඩවත්ත පන්දු 41කට මුහුණ දෙමින් හතරේ පහර 8ක් සමඟින් නොදැවී ලකුණු 36ක් ලබා සිටියේය. අනෙක් අන්තයෙන් නායක නිරෝෂන් දික්වැල්ල ලකුණු 10ක් ලබා නොදැවී රැඳී සිටියේ ය.

දවාගත් කඩුලු දෙකේ හිමිකාරිත්වය ප්‍රමෝද් මධුශාන් සහ දිලේෂ් ගුණරත්න සතු විය.

නුවර කණ්ඩායම; සියලුම දෙනා දැවී 270 (77.1)  චරිත් අසලංග 57, නිරෝෂන් දික්වැල්ල 38, ප්‍රියමාල් පෙරේරා 79, ජීවන් මෙන්ඩිස් 21, ප්‍රභාත් ජයසූරිය නොදැවී 23, වනිඳු හසරංග 4/40

කොළඹ කණ්ඩායම;  පළමු ඉනිම කඩුලු 9ක් දැවී 138 (43.0) කෞෂාල් සිල්වා 26, ෂෙහාන් ජයසූරිය 25, ලහිරු තිරිමාන්න  21, කසුන් රාජිත 4/67, ඉසුරු උදාන 4/35

නුවර කණ්ඩායම; දෙවැනි ඉනිම කඩුලු 2ක් දැවී 55 (12.0) මහේල උඩවත්ත නොදැවී 36


රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය

දෙවැනි දිනයේ දී පන්දු 19ක් පමණක් යැවුණ මෙම තරගයේ තෙවැනි දිනයට ආරම්භ වූයේ පෙර තරගයට සේ ම පන්දුවාර 98කට සීමා වෙමිනි.

කඩුලු 2ක් දැවී ලකුණු 50ක්ව තිබූ ලකුණු පුවරුව දිනයේ දෙවැනි පන්දුවේ දී ඉනිමට ලකුණු 2ක් එක් වෙද්දී අහිමි කිරීමට ලහිරු ගමගේ සමත් වූයේ මාධව වර්ණපුර ලකුණු 21කට දවා ගනිමිනි. ඉදිරිපෙළ පිතිකරුවන් අතුරින් ලහිරු මිලන්ත (09) මාලින්ද පුෂ්පකුමාර (12) උපුල් තරංග (25) සහ සධීර සමරවික්‍රම (10) අඩු ලකුණු ප්‍රමාණයකට සීමා වෙද්දී ලකුණු පුවරුව කියැවුණේ කඩුලු 5ක් දැවී ලකුණු 90ක් ලෙසිනි.

ශ්‍රී ලංකාව 6-0ක් ලෙස එංගලන්තය මට්ටු කරයි

තලවතුගොඩ ඔස්ටේශියා ජාත්‍යන්තර ගෘහස්ථ ක්‍රිකට් පිටියේ දී නිමා වූ සංචාරක එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම හා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අතර පැවති ටෙස්ට් තරග…

6 වැනි කඩුල්ලට එක් වූ අශේන් සිල්වා සහ නායක දසුන් ශානක ලකුණු 76ක් තම කණ්ඩායමට එක් කරමින් පළමු ඉනිමේ දී තම කණ්ඩායම ගෞරවනීය තැනකට ගෙන ආ හ. සිල්වා පන්දු 82කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සමඟින් ලකුණු 44ක් ලබා ගනිද්දී, ශානක පන්දු 71ක දී හතරේ පහර 6ක් සහ හයේ පහරක් සමගින් ලකුණු 32ක් ලබා ගත්තේය.

ඉනිමේ කැපී පෙණෙන ම පිතිකරු වූයේ චතුරංග ද සිල්වා ය. ඔහු කණ්ඩායම අසීරු අවස්ථාවක වැටී සිටිය දී එක් අන්තයක් තනිකරම බාර ගනිමින් පන්දු 45කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 54ක් ලබා ගත්තේය. ඔහු නිසල තාරක සමඟ 8 වැනි කඩුල්ලට ලකුණු 74ක සබඳතාවක් ද ගොඩ නගන්නේ ය.

පන්දු යැවීමේ දී ලහිරු ගමගේ ප්‍රතිවාදී කඩුලු 5ක් ලකුණු 78කට දවා ගන්නේය.

ලකුණු 11ක් පිටුපස සිටිමින් දෙවැනි ඉනිමට පන්දුවට පහර දීමට පිටියට පිවිසි දඹුල්ල ක්‍රීඩකයෝ තරගය තෙවැනි දිනයට නතර කරන විට කඩුලු 2ක් දැවී ලකුණු 138ක් ලබා සිටිය හ.

පළමු ඉනිමේ සේ ම දෙවැනි ඉනිමේ දී ද අවාසනාවන්ත දැවී යෑමට හසු වූ නායක දිමුත් කරුණාරත්න කඩුල්ල හැර ගිය පසු පිටියට පිවිසෙමින් දෙවැනි කඩුල්ලට එක් වූ කුසල් මෙන්ඩිස් සහ අශාන් ප්‍රියංජන් දඹුල්ල ලකුණු පුවරුව 62ක් දක්වා රැගෙන ආ හ. දෙවැනි කඩුල්ල ලෙසින් කුසල් මෙන්ඩිස් ලකුණු 26කට දැවී ගියේය.

අනතුරුව පිටියේ අශාන් ප්‍රියන්ජන්ට එක්වූ සචිත්‍ර සේරසිංහ දිනය අවසාන වන විට තෙවැනි කඩුල්ලට නොදැවුණ ලකුණු 76ක සබඳතාවක් එක් කළහ. එහි දී අශාන් ප්‍රියන්ජන් පන්දු 104ක දී හතරේ පහර 6ක් සමගින් ලකුණු 67ක් ලබා සිටි අතර සචිත්‍ර සේරසිංහ පන්දු 63ක දී හතරේ 4ක් සමගින් ලකුණු 29ක් ලබා සිටිය හ.     

රසල් ආර්නල්ඩ්ට අලුත් තනතුරක්

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරන ලද සුපිරි ක්‍රීඩකයෙක් වන රසල් ආර්නල්ඩ් මේ වසරේ පැවැත්වෙන “ලංකන් ප්‍රිමියර් ලීග් (LPL) විස්සයි විස්ස ක්‍රිකට්…

ඉනිමේ දවා ගත් කඩුලු දෙක දසුන් ශානක සහ නිසල තාරක අතර බෙදී ගියහ.

දඹුල්ල කණ්ඩායම; සියලුම දෙනා දැවී 244 (73.3) කුසල් මෙන්ඩිස් 89, අශාන් ප්‍රියන්ජන් 24, මිලින්ද සිරිවර්ධන 24, ලහිරු මධුශංක 26, රංගන හේරත් 25, නිසල තාරක 2/54, මාලිංද  පුෂ්පකුමාර 2/30, චතුරංග ද සිල්වා 3/31

ගාල්ල කණ්ඩායම; පළමු ඉනිම සියලුම දෙනා දැවී 255 (65.1) මාධව වර්ණපුර නොදැවි 21, උපුල් තරංග 25, රොෂේන් සිල්වා 44, දසුන් ශානක 32, චතුරංග ද සිල්වා 54,  නිසල තාරක 19, ලහිරු ගමගේ 5/78, රංගන හේරත් 2/43

දඹුල්ල කණ්ඩායම; දෙවැනි ඉනිම කඩුලු 2ක් දැවී 138 (35.0) කුසල් මෙන්ඩිස් 26, අශාන් ප්‍රියංජන් නොදැවී 67, සචිත්‍ර සේරසිංහ නොදැවී 29  

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<