සුමේධ තිලකරත්න දිනයේ දක්ෂතම පන්දු යවන්නා වේ

163

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ Major League සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අද (7) පැවති තරගවල දී දිනයේ හොඳම පන්දු යැවීම වාර්තා කිරීමට කැන්ඩි කස්ටම්ස් කණ්ඩායමේ සුමේධ තිලකරත්න සමත් විය. ඔහු මීගමු ඉනිමේ කඩුලු 6ක් ලකුණු 30කට දවා ගත්තේ ය.

>>ඉරෝෂ් – අදීශ සහ රමේෂ් මුවර්ස් දිනවයි

ඊට අමතරව පන්දු යවන්නන් අතරින් පානදුර ක්‍රීඩා සමාජය දකුණතින් වේගපන්දු යවන විනෝද් පෙරේරා එන්. සී. සී. ඉනිමේ කඩුලු 5ක් දවා ගැනීමටත් එන්. සී. සී. ක්‍රීඩා සමාජය වමත් දඟපන්දු යවන සචින් කොළඹගේ පානදුර ක්‍රීඩා සමාජයේ කඩුලු 5ක් දවා ගැනීමටත් සමත් විය.  

මේ අතර මීගමුව ක්‍රීඩා සමාජයේ වේගපන්දු යවන සහන් ආරච්චිගේ කැන්ඩි කස්ටම්ස් කණ්ඩායමට එරෙහිව කඩුලු 5ක් දවා ගත්තේ ය. පිතිකරුවන් පෑ දක්ෂතා අතරට ශතක 4ක් එක් විය.

සචිත්‍ර සේරසිංහ නාවික හමුදා කණ්ඩායමට එරෙහි ව පන්දු 103කට මුහුණ දෙමින් හතරේ පහර 12ක් සහ හයේ පහර 5ක් සමඟින් නොදැවී ලකුණු 130ක් ලබා ගත්තේය.

ශ්‍රී ලංකා වරාය අධිකාරිය කණ්ඩායම නියෝජනය කරන අදීශ නානායක්කාර කුරුණෑගල යොවුන් කණ්ඩායමට එරෙහිව පන්දු 101කට මුහුණ දී හතරේ පහර 12ක සහ හයේ පහරක් සමඟින් ලකුණු 113ක් ලබා ගත්තේ ය. කුරුණෑගල යූත් ක්‍රීඩා සමාජයේ නායක ධනුෂ්ක ධර්මසිරි වරාය අධිකාරිය කණ්ඩායමට එරෙහිව පන්දු 127කට මුහුණ දෙමින් හතරේ පහර 14ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 132ක් ලබා ගත්තේ ය.   

එස්. එස්. සී. කණ්ඩායමේ ආරම්භක පිතිකරු ධනුෂ්ක ගුණතිලක මුවර්ස් ක්‍රීඩා සමාජයට එරෙහිව පන්දු 144කට මුහුණ දෙමින් හතරේ පහර 10ක් සමඟින් ලකුණු 100ක් ලබා ගත්තේ ය.

විස්සයි විස්ස අවසන් තරගයෙන් බිහි වූ අපූරු වාර්තාව

2014 වසරේ විස්සයි විස්ස ලෝක කුසලානය ශ්‍රී ලංකා ක්‍රිකට් වංශ කතාවේ එක්තරා සුවිශේෂී…

එන්. සී. සී. සහ පානදුර ක්‍රීඩා සමාජය අතර තරගය (B කාණ්ඩය)

එන්. සී. සී. පිටියේ දී පැවති මෙම තරගයෙන් ලකුණු 107ක ජයක් ලබා ගැනීමට එන්. සී. සී. ක්‍රීඩකයෝ සමත් වූහ.

එන්. සී. සී. කණ්ඩායම; සියලුම දෙනා දැවී 271 (50) පැතුම් නිස්සංක 76, චතුරංග ද සිල්වා 56, විනෝද් පෙරේරා 5/41,නවීන් කවිකාර 2/46

පානදුර ක්‍රීඩා සමාජය; සියලුම දෙනා දැවී 164 (39.5) විශ්ව චතුරංග 63, ෂෙහාන් වීරසිංහ 37, තරිඳු මධුරංග 26, ඩිලේශ් ගුණරත්න 3/23,  සචින් කොළඹගේ 5/31

Photos: NCC vs Panadura CC | Major Limited Overs Tournament 2018/19

මීගමුව ක්‍රිකට් සමාජය සහ කැන්ඩි කස්ටම්ස් ක්‍රිකට් සමාජය (D කාණ්ඩය)

කටුනායක ගුවන් හමුදා ක්‍රීඩාංගණයේ පැවති මෙම තරගයෙන් ලකුණු 111ක ජයග්‍රහණයක් ලබා ගැනීමට මීගමු ක්‍රීඩකයෝ සමත් වූහ.

මීගමුව ක්‍රිකට් සමාජය; සියලුම නො දැවී 193 (41) ෂෙහාන් ජයසූරිය 32, ඇන්ජලෝ ජයසිංහ 55, සහන් ආරච්චිගේ 62, ඩිලාන් සුරවීර 2/42,සුමේධ තිලකරත්න 6/30

කැන්ඩි කස්ටම්ස් ක්‍රිකට් සමාජය; සියලුම දෙනා දැවී 82 (23.2) බුද්ධික මෙන්ඩිස් 25, සහන් ආරච්චිගේ 5/26, උපුල් ඉන්ද්‍රසිරි 4/25

බී. ආර්. සී. සහ බ්ලූම්ෆීල්ඩ් ක්‍රිකට් සමාජය (B කාණ්ඩය)

පානදුර මහජන ක්‍රීඩාංගණයේ දී පැවති මෙම තරගයෙන් ලකුණු 161ක ජයග්‍රහණයක් වාර්තා කිරීමට බී. ආර්. සී. ක්‍රීඩකයෝ සමත් වූහ.

බී. ආර්. සී. කණ්ඩායම; කඩුලු 8ක් දැවී 298 (50) සවින් 24, දේශාන් ඩයස් 72, බානුක රාජපක්ෂ 66, ටී. එන්. සම්පත් 28, රුමේෂ් බුද්ධික 33, හෂේන් රාමනායක 38, අසේල් සිගේරා 3/19, මධුශාන් රවිචන්ද්‍රකුමාර් 4/77, ශාලුක සිල්වා2/48

බ්ලුම්ෆීල්ඩ් ක්‍රිකට් සමාජය; සියලුම දෙනා දැවී 137 (38.1) සචින් ජයවර්ධන 66, චමෝද් පියුමාල් 36, දුවිඳු තිලකරත්න 3/36, ශානුක දිසානායක 2/22, රුමේෂ් බුද්ධික 3/32

Photos: BRC vs Bloomfield C & AC | Major Limited Overs Tournament 2018/19

හලාවත මේරියන්ස් ක්‍රිකට් සමාජය සහ ගුවන් හමුදා ක්‍රීඩා සමාජය (D  කාණ්ඩය)

කටුනායක නිදහස් වෙළඳ කලාප ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවති මෙම තරගයෙන් කඩුලු 5ක ජයග්‍රහණයක් ලබා ගැනීමට ගුවන් හමුදා කණ්ඩායම සමත් විය.

හලාවත මේරියන්ස් ක්‍රිකටි සමාජය; සියලුම දෙනා දැවී 176 (44) තික්ෂිල ද සිල්වා 51, ගීත් කුරේ 50, රිසිත් උපමාල් 33, සම්පත් පෙරේරා 2/33, උමේග චතුරංග 3/23, සුමින්ද ලක්ෂාන් 4/20

ගුවන් හමුදා ක්‍රීඩා සමාජය; කඩුලු 5ක් දැවී 179 (38.2) රවිඳු සෙම්බකුට්ටිගේ 22, උදයවංශ පරාක්‍රම 32, චානක විජේසිංහ 45, සුමින්ද ලක්ෂාන් නොදැවී 22, පුලින තරංග 2/26

නාලන්දාව ජය ගනිද්දී තර්ස්ටන් – ලුම්බිණි තරගයේ ලකුණු සමවෙයි!

වයස අවුරුදු 19න් පහළ සීමිත පන්දුවාර පාසල් ක්‍රිකට් තරගාවලියේ පළමු කාණ්ඩයේ තරග දෙකක් අද (07)…

සී. සී. සී සහ කෝල්ට්ස් ක්‍රිකට් සමාජය (C කාණ්ඩය)

කෝල්ට්ස් ක්‍රිකට් පිටියේ දී පැවති මෙම තරගයේ දී කඩුලු 4ක ජයග්‍රහණයක් ලබා ගැනීමට සත්කාරක කෝල්ට්ස් ක්‍රීඩකයෝ සමත් වූහ.

සී. සී. සී. කණ්ඩායම; සියලුම දෙනා දැවී 193 (45.5) රොන් චන්ද්‍රගුප්ත 62, අශාන් ප්‍රියංජන් 31, ලසිත් අබේරත්න 24, ලහිරු මධුශංක නොදැවී 31, කවිශ්ක අංජුල 4/40, නිසල තාරක 3/52

කෝල්ට්ස් ක්‍රිකට් සමාජය;  කඩුලු 6ක් දැවී 196 (44.5) සධීර සමරවික්‍රම  නොදැවී 85, හෂාන් දුමිඳු 30, ඇන්ජලෝ මැතිව්ස් 28, විශාද් රන්දික 22, මාලින්ද පුෂ්පකුමාර 2/31, වනිඳු හසරංග 2/54

Photos: Colts CC vs CCC | Major Limited Overs Tournament 2018/19

සැරසන්ස් ක්‍රීඩා සමාජය සහ කළුතර ටවුන් සමාජය (C කාණ්ඩය)

මග්ගොන සරේ විලේජ් ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවති මෙම තරගයේ දී කඩුලු 6ක ජයග්‍රහණයක් ලබා ගැනීමට සමත් විය.

කළුතර ටවුන් සමාජය; සියලුම දෙනා දැවී 172 (49.1) නිලුෂාන් නෝනිස් 23, නිපුන ගමගේ 35, මතීෂ පෙරේරා 33, සාලිය සමන් 2/20, චාමිකර එදිරිසිංහ 2/21

සැරසන්ස් ක්‍රීඩා සමාජය; කඩුලු 4ක් දැවී 175 (35) ඇන්ඩි සොලමන්ස් 43, ගමිඳු අමරසිංහ 30, මිලින්ද සිරිවර්ධන නොදැවී 40, අශේන් බණ්ඩාර 25, පසිඳු මධුශාන් 3/57

පොලිස් ක්‍රීඩා සමාජය සහ ගාල්ල ක්‍රිකට් සමාජය (B කාණ්ඩය)

බම්බලපිටිය පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථාන පිටියේ දී පැවති මෙම තරගයේ දී කඩුලු 4ක ජයග්‍රහණයක් ලබා ගැනීමට පොලිස් ක්‍රීඩා සමාජය සමත් විය.

පොලිස් ක්‍රීඩා සමාජය; සියලුම දෙනා දැවී 180 (48.4) ගිටන්ස් කෙහෙරා නොදැවී 91, දිනුක් හෙට්ටිආරච්චි 27, අකලංක ගනේගම 3/40, රජිත් ප්‍රියාන් 4/40, කෙවින් කොත්තිගොඩ 2/32

ගාල්ල ක්‍රිකට් සමාජය; කඩුලු 6ක් දැවී 186 (38.5) දමිත හුණුකුඹුර 45, නිසල් රන්දික 62, සුපුන් මධුශංක 4/40

Photos: Police SC vs Galle CC | Major Limited Overs Tournament 2018/19

වරාය අධිකාරිය ක්‍රිකට් සමාජය සහ කුරුණෑගල යූත් ක්‍රිකට් සමාජය (A කාණ්ඩය)

කෙළඹ සී. සී. සී. පිටියේ දී පැවති මෙම තරගයෙන් ලකුණු 15ක ජයග්‍රහණයක් ලබා ගැනීමට වරාය අධිකාරිය ක්‍රීඩකයෝ සමත් වූහ.

වරාය අධිකාරිය ක්‍රිකට් සමාජය; කඩුලු 7ක් දැවී 270 (50) යොහාන් චානුක 20,ප්‍රිමෝෂ් පෙරේරා 26, රනේෂ් පෙරේරා 26, අදීශ නානායක්කාර 113, ගයාන් මනීෂාන් 33, ප්‍රශාන් වික්‍රමසිංහ 21, දිනුෂ්ක මාලන් 3/46

කුරුණෑගල යූත් ක්‍රීඩා සමාජය; සියලුම දෙනා දැවී 255 (44) ධනුෂ්ක ධර්මසිරි 132, දිනුෂ්ක මාලන් 22, අනුරුද්ධ රාජපක්ෂ 41, චමින්ද බණ්ඩාර 3/49, ඉමේෂ් උදයංග 2/46, රනේෂ් පෙරේරා 3/43, ෂෙහාන් නිස්සංක 2/64

Photos: SL Ports Authority SC vs Kurunegala Youth CC – Major Limited Overs Tournament 2018/19

ටැමිල් යූනියන් ක්‍රිකට් සමාජය සහ නාවික හමුදාව (A කාණ්ඩය)

වැලිසර නාවික හමුදා මූලස්ථාන ක්‍රිකට් පිටියේ දී පැවති මෙම තරගයෙන් ලකුණු 161ක ජයග්‍රහණයක් වාර්තා කිරීමට ටැමිල් යූනියන් ක්‍රීඩකයෝ සමත් වූහ.

ටැමිල් යූනියන් ක්‍රිකට් සමාජය; කඩුලු 6ක් දැවී 342 (50) ලහිරු මිලන්ත 46, රමිත් රඹුක්වැල්ල 48, සචිත්‍ර සේරසිංහ 130, ජීවන් මෙන්ඩිස් 30, මනෝජ සරත්චන්ද්‍ර 51, බුද්ධික මධුශාන් 2/48, දුශාන් හේමන්ත 2/58

නාවික හමුදා ක්‍රීඩා සමාජය; සියලුම දෙනා දැවී 181 (42.3) ආසිරි ද සිල්වා 34, ඩිලාන් චන්දිම 21, දුශාන් හේමන්ත 31, බුද්ධික මධුශාන් 25, දමිත සිල්වා 4/33, ජීවන් මෙන්ඩිස් 3/35, සචිත්‍ර සේරසිංහ 2/20

මුවර්ස් ක්‍රීඩා සමාජය සහ එස්. එස්. සී. (A කාණ්ඩය)

Photos: SSC vs Moors SC | Major Limited Overs Tournament 2018/19

කොළඹ මුවර්ස් පිටියේ දී පැවති මෙම තරගයෙන් කඩුලු 7ක ජයග්‍රහණයක් වාර්තා කිරීමට එස්. එස්. සී. ක්‍රීඩකයෝ සමත් වූහ.

මුවර්ස් ක්‍රීඩා සමාජය; සියලුම දෙනා දැවී 253 (49.3) පබසර වඩුගේ 73, අදීශ තිලාංචන 33, චාමර සිල්වා 53, රමේෂ් මෙන්ඩිස් 23, ධම්මික ප්‍රසාද් 3/43, සචිත්‍ර සේනානායක 2/51

එස්. එස්. සී. කණ්ඩායම; කඩුලු 3ක් දැවී 257 (46.2) ධනුෂ්ක ගුණතිලක 100, සඳුන් වීරක්කොඩි 44, සචිත්‍ර සේනානායක 66, දසුන් ශානක 24

රාගම ක්‍රිකට් සමාජය සහ යුද හමුදා ක්‍රීඩා සමාජය (D කාණ්ඩය)

පනාගොඩ යුද හමුදා මූලස්ථාන ක්‍රිකට් පිටියේ දී පැවති මෙම තරගයෙන් ලකුණු 46ක ජයග්‍රහණයක් ලබා ගැනීමට යුද හමුදා ක්‍රීඩකයෝ සමත් වූහ.

යුද හමුදා ක්‍රීඩා සමාජය; සියලුම දෙනා දැවී 247 (48) අශාන් රන්දික 24, දුශාන් විමුක්ති 33, අසේල ගුණරත්න 55, ලක්ෂාන් එදිරිසිංහ 67, ඉෂාන් ජයරත්න 2/37, අමිල අපෝන්සු 2/57, නිශාන් පීරිස් 5/40

රාගම ක්‍රිකට් සමාජය; සියලුම දෙනා දැවී 201 (46) ෂෙහාන් ප්‍රනාන්දු 54, සමීර සොයිසා 62, සුපේෂල ජයතිලක 37, නුවන් ලියනපතිරණ 3/29, දුෂාන් විමුක්ති 2/46, ධනුෂික බණ්ඩාර 2/30

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<