පාසල් රැසකට පළමු ඉණිමේ ජයග්‍රහණ

468
Singer U19 Schools Cricket January 21st roundup

සිංගර් අවුරුදු 19න් පහළ පළමු පෙල ක්‍රිකට් තරගාවලියේ තරග හයක් පසුගිය 20 දා ආරම්භ වූ අතර, ඊයේ (21) ද තවත් එක් තරගයක් විය. මෙම තරග අතුරෙන් පළමු ඉණිමේ ජයග්‍රහණ වාර්තා කිරීමට සාන්ත පීතර විද්‍යාලය, ඩී.එස්. සේනානායක විද්‍යාලය, සාන්ත ජෝසප් විද්‍යාලය, ආනන්ද විද්‍යාලය, සාන්ත තෝමස් විද්‍යාලය හා ද මැසනෝද් විද්‍යාලය සමත් විය.

එරෝශ්ගේ ශතකයෙන් මැසනෝද් ඉණිම වර්ණවත් වේ

සිංගර් 19න් පහළ පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ තවත් තරග කිහිපයකම පළමු දිනය අද (20) ක්‍රියාත්මක විය. අද දිනය තුල කැපීපෙනෙන දස්කම් දැක්වීමට ලකුණු 108*ක් ලබා ගත් ද මැසනෝද් විද්‍යාලයේ එරෝශ් මදුසංක සමත් විය.

කොළඹ සාන්ත පීතර විද්‍යාලය හා මොරටුව වේල්ස් කුමර විද්‍යාලය අතර තරගය

සාන්ත පීතර විද්‍යාලයට පළමු ඉණිමේ ජයක් හිමි වූ මෙම තරගය, සාන්ත පීතර විද්‍යාලීය ක්‍රීඩා පිටියේදී නිමාවට පත්විය.

එක් කඩුල්ලක් දැවී ලකුණු 22ක් ලබාගෙන සිටියදී ආරම්භ වුනු දෙවන දිනය සාන්ත පීතර විද්‍යාලය පළමු ඉණිමේ ජයග්‍රහණය ලබාගෙන ලකුණු 19ක වාසියක් ලබාගත් පසු වේල්ස් කුමාර විද්‍යාලයට දෙවන ඉණිමට අවස්ථාව ලබා දුන්නේය. සාන්ත පීතර පළමු ඉණිමට විනුල ගුණවර්ධන ලකුණු 65ක් ලබාගෙන පළමු ඉණිමේ ජයග්‍රහණයක් ලබා ගැනීමට තම දායකත්වය උපරිමයෙන් ලබාදෙන ලදි.

මොරටුව වේල්ස් කුමර විද්‍යාලය පළමු ඉණිම – කඩුලු 9ක් දැවී ලකුණු 230 dec (පන්දුවාර 85.1): අවිදු ප්‍රනාන්දු 51, සවිදු පීරිස් 49, සදුන් ප්‍රනාන්දු 42, දිලංක  මදුරංග 44, මොහොමඩ් අමීන් 6/79

කොළඹ සාන්ත පීතර විද්‍යාලය පළමු ඉණිම – කඩුලු 8ක් දැවී ලකුණු  249 dec (පන්දුවාර 78.5): විනුල ගුණවර්ධන 65, සන්තුෂ් ගුණතිලක 59, ශිවාන් පෙරේරා  40, කවුමල් නානායක්කාර 4/66, සංජය ප්‍රනාන්දු 2/43

මොරටුව වේල්ස් කුමර විද්‍යාලය දෙවන ඉණිම – කඩුලු 6ක් දැවී ලකුණු 102 (පන්දුවාර 24): ප්‍රින්ස් ප්‍රනාන්දු 40, ‍මොහොමඩ් අමීන් 2/41, චතුර ඔබේසේකර 2/41


කොළඹ ඩී.එස්. සේනානායක විද්‍යාලය හා ගාල්ල සාන්ත ඇලෝසියස් විද්‍යාලය අතර තරගය

පන්නිපිටිය ධර්මපාල විදුහල් පිටියේදී  කාසියේ වාසිය දිනූ ඩී.එස්. සේනානායක විද්‍යාලය පළමුව පන්දුවට පහර දුන් අතර සාන්ත ඇලෝසියස් පළමු ඉණිම ලකුණු 169කට සීමාවිය. එහිදී විහාන් ගුණසේකර කඩුලු 3ක් දවාගන්නා විට, ලකුණු 31ක් ලබා ගැනීමට රවිදු සංජන සමත් විය. ලකුණු 137ක වාසියක් ද ඇතිව නැවතත් පන්දු යැවූ ඩී.එස්. සේනානායක විද්‍යාලයට පහසුවෙන්ම ජයග්‍රහණය කිරීමට තිබූ මෙම තරගය නියමිත පන්දුවාර ප්‍රමාණය අවසන් වූ හෙයින් ජයග්‍රහණය මඟහැරිනි.

කොළඹ ඩී.එස්.සේනානායක විද්‍යාලය පළමු ඉණිම – සියල්ලන්ම දැවී ලකුණු 306 (පන්දුවාර 87.5): පසිදු චානක 70, මුදිත ලක්ෂාන් 41*, ටිරෝන් බස්කරන් 40, ශසික ගමගේ 36, මෙත්සිත් ජයමාන්න 35, සනුක නික්ලේෂ 5/82

ගාල්ල සාන්ත ඇලෝසියස් විද්‍යාලය පළමු ඉණිම –  සියල්ලන්ම දැවී ලකුණු  169 (පන්දුවාර 54.1): රවිදු සංජන 31, චතුර ප්‍රභාත් 23, මුදිත ලක්ෂාන් 4/51, විහාන් ගුණසේකර 3/32, ටොරින් පිටිගල 2/31

ගාල්ල සාන්ත ඇලෝසියස් විද්‍යාලය දෙවන ඉණිම (F/O) –  කඩුලු 8ක් දැවී ලකුණු 139 (පන්දුවාර 47): නවිදු නිර්මාල් 53*, මුදිත ලක්ෂාන් 5/76


මහනුවර ත්‍රිත්ව විද්‍යාලය හා කොළඹ සාන්ත ජෝශප් විද්‍යාලය අතර තරගය

කාසියේ වාසිය ජයගත් ත්‍රිත්ව විද්‍යාලය පළමුව පන්දුවට පහරදීමට තීරණය කල මෙම තරගයේ දී, පළමු ඉණිමේ ජයග්‍රහණයක් ලබා ගැනීමට සාන්ත ජෝසප් විද්‍යාලයට හැකිවිණි.
සත්කාරක  සාන්ත ජෝසප් විද්‍යාලයේ පළමු ඉණිම ලකුණු 357කට සීමා කිරීමට විමුක්ති නෙත්මල් සමත් විය. ඔහුගේ පන්දුවට මෙල්ල නොවූ නිපුන් සුමනසිංහ පිටිය සිසාරා පහර එල්ල කරමින් ලකුණු 158ක් ලබාගෙන තම විද්‍යාලයට පළමු ඉණිමේ ජයග්‍රහණයක් ලබාදීමට හැකි තම උපරිම හැකියාව ප්‍රදර්ශනය කරන ලදි.

මහනුවර ත්‍රිත්ව විද්‍යාලය පළමු ඉණිම – සියල්ලන්ම දැවී ලකුණු 264 (පන්දුවාර 72.4): ශැනොගීත් ශම්මුගනාදන් 62, ට්‍රෙවෝන් පර්සිවල් 55, ටී.බැන්ගුබන් 32, කලණ ද සොයිසා 24, රැචිර ඒකනායක 4/51, හරීන් කුරේ 4/74

කොළඹ සාන්ත ජෝශප් විද්‍යාලය පළමු ඉණිම –  කඩුලු 6ක් දැවී ලකුණු  357 dec (පන්දුවාර 74): නිපුන් සුමනසිංහ 158, කැමරන් දුරුගේ 70, ජෙහාන් ප්‍රනාන්දුපුල්ලේ 67, විමුක්ති නෙත්මල් 4/128

මහනුවර ත්‍රිත්ව විද්‍යාලය දෙවන ඉණිම – කඩුලු 4ක් දැවී ලකුණු 180 (පන්දුවාර 45): චානුක බණ්ඩාර 72, භාතිය දිසානායක 35, ශැනොගීත් ශම්මුගනාදන් 29, අවිශ්ක  සේනාධීර 20*, දිනෙත් මදුරාවල 2/25


කොළඹ රාජකීය විද්‍යාලය හා කොළඹ ආනන්ද විද්‍යාලය අතර තරගය

B කාණ්ඩයේ තරගයක් ලෙසින් ආනන්ද විද්‍යාලීය ක්‍රීඩාංගණයේදි අවසන් වූ මෙම තරගයෙන් පළමු ඉණිමේ ජයග්‍රහණයක් ලබා ගැනීමට ආනන්ද විද්‍යාලය සමත් විය.

දක්ෂ පිතිකරණයක නිරත වූ කවිදු ගිම්හාන ලකුණු 73ක් ලබාගෙන තරගයේ වැඩි වාසිය තම පිලට හරාවා දුන්නේය. ලකුණු 64ක අවාසිය ද ඇතිව තම දෙවන ඉණිම ක්‍රියාත්මක කල රාජකීය විද්‍යාලය වෙනුවෙන් කවිදු මදරසිංහ නැවතත් දස්කම් අතරට පැමිනෙමින් නොදැවී  ලකුණු 51*ක් ලබා ගැනීමට සමත් විය.

කොළඹ රාජකීය විද්‍යාලය පළමු ඉණිම  – සියල්ලන්ම දැවී ලකුණු 221 (පන්දුවාර 78.1): කවිදු මදරසිංහ 93, හේලිත විතානගේ 46, දුලීප ජයලත් 4/70, අසේල සිගේරා 3/78

කොළඹ ආනන්ද විද්‍යාලය පළමු ඉණිම – කඩුලු 7ක් දැවී ලකුණු 285 dec (පන්දුවාර 58): කවිදු ගිම්හාන 73, දුශාන් හෙට්ටිගේ 64, සහන් සුරවීර 56,  හිමේශ් රාමනායක 3/71

කොළඹ රාජකීය විද්‍යාලය දෙවන ඉණිම  – කඩුලු 5ක් දැවී ලකුණු 154 (පන්දුවාර 45): කවිදු මදරසිංහ 51*, හේලිත විතානගේ 28, අසේල සිගේරා 2/57, දිලීප ජයලත් 2/33


ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය හා කොළඹ වෙස්ලි විද්‍යාලය අතර තරගය

සත්කාරක විද්‍යාලය ලෙස කාසියේ වාසිය ජයගත් සාන්ත තෝමස් විද්‍යාලයට මෙම තරගයේ දී පළමු ඉණිමේ ජයග්‍රහණයක් ලබා ගැනීමට හැකිවිණි.

වෙස්ලි විද්‍යාලයේ පිළිතුරු පළමු ඉණිම ලකුණු 116ක දැවැන්ත අවාසියක් ඇතිව අවසන් වුවද, එම ඉණිම එවන් මට්ටමකට හෝ ගෙන ඒමට තිලිණ පෙරේරාගේ ලකුණු 64 මහෝපකාරී විය. ඩිනුර ගුණවර්ධන මෙම තරගයේ ඉණිම දෙක තුලම ලකුණු 109ක් හා කඩුලු 4ක් දවාලමින් සාන්ත තෝමස් විද්‍යාලය වෙනුවෙන් සුපිරි දස්කම් දැක්විය.

ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය පළමු ඉණිම – සියල්ලන්ම දැවී ලකුණු 306 (පන්දුවාර 88.5): රොමේෂ් නල්ලෙපෙරුම 97*, ඩිනුර ගුණවර්ධන  63, සිතාර හපුවින  43,  ඩිලෝන් පීරිස් 33, සකුන්ත ලියනගේ   4/93, රුචික දංගල්ල 2/55, මොවින් සුභසිංහ 2/72

කොළඹ වෙස්ලි විද්‍යාලය පළමු ඉණිම –  දැවී ලකුණු 190 (පන්දුවාර 69.2): තිලිණ පෙරේරා  64, ජේසන් ද සිල්වා  51, චමෝද් ඇතුලත්මුදලි 24, ඩිනුර ගුණවර්ධන  4/29, කලණ පෙරේරා  4/32

ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය දෙවන ඉණිම – එක් කඩුල්ලක් දැවී ලකුණු 102 (පන්දුවාර 30.3): භාග්‍ය දිසානායක  51*, ඩිනුර ගුණවර්ධන 46


කඳාන ද මැසනෝද් විද්‍යාලය හා ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලය අතර තරගය

D කාණ්ඩයේ තරගයක් ලෙසින් අවසන් වූ මෙම තරගයෙන් ද මැසනෝද් විද්‍යාලයට පළමු ඉණිමේ ජයග්‍රහණයක් හිමිවිය.

මනරම් 4 පහර කිහිපයක්ම සමඟින් වර්ණවත් වූ රෝශිත සෙනවිරත්නගේ ලකුණු 62ක ඉණිම ද මැසනෝද් විද්‍යාලයට පළමු ඉණිමේ ජයග්‍රහණයක් ලබා ගන්නට විශාල පිටුවහලක් විය. දක්ෂ ලෙස පිටිය මත පන්දුව දෝලනය කල බණ්ඩාරනායක විද්‍යාලයේ  සසිරි අධිකාරි කඩුලු 5ක් දවාලමින් පන්දුවේ අණසක පැතිරවිය.

ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලය පළමු ඉණිම – සියල්ලන්ම දැවී ලකුණු 263 (පන්දුවාර 71.4): එරෝශ් මදුශාන් 108*, විසිත මදනායක 58, හිමත් ජයවීර 37, රෝශිත සෙනෙවිරත්න 4/82

ද මැසනෝද්  විද්‍යාලය පළමු ඉණිම  – සියල්ලන්ම දැවී  ලකුණු  297 (පන්දුවාර 89.2): රෝශිත සෙනෙවිරත්න 62, දිනෙත් ප්‍රනාන්දු 56, දිල්රුක් ඇන්තනී 44, ප්‍රවීන් ෆොන්සේකා 35, සසිරි අධිකාරි 5/35, හිමත් ජයවීර 3/70, ජනිදු ජයවර්ධන 2/71

ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලය දෙවන ඉණිම – කඩුලු 4ක් දැවී ලකුණු 51 (පන්දුවාර 15): ජනිදු ජයවර්ධන 16*, සසිත මදනායක 16*, අශේන් ප්‍රනාන්දු 3/12


ගාල්ල මහින්ද විද්‍යාලය හා මහනුවර ධර්මරාජ විද්‍යාලය අතර තරගය

A කාණ්ඩයේ උණුසුම්කාරී තරගයක් වූ මෙම තරගය වර්ෂාවෙන් බාධා එල්ල වීම නිසා පැය කිහිපයක ප්‍රමාදයකින් අනතුරුව ඊයේ (21) ආරම්භ විය. එහි කාසියේ වාසිය ගාල්ල මහින්ද විද්‍යාලය සතුවිය.

ධර්මරාජ පිටියේ දී පළමුව පිතිකරණයට අවස්ථාව ලැබුණු ඔවුන්ගේ පළමු ඉණිමට 4 පහර කිහිපයක් එල්ල කරමින් නොදැවී  ලකුණු 59*ක් ලබාගෙන කඩුල්ලේ රැදී සිටින නිවන්ත හේරත් දක්ෂ පිතිකරණය නිරත වෙමින් සිටියි.

මහනුවර ධර්මරාජ විද්‍යාලය පළමු ඉණිම (පළමු දිනය අවසානයේ දී) – කඩුලු 5ක් දැවී ලකුණු 188 (පන්දුවාර 74): නිවන්ත හේරත් 59*, දුලාජ් බණ්ඩාර 46, දේශාන්  ගුණසිංහ 28

මෙම තරඟය අද (22) ‍දෙවන දිනටත් ක්‍රියාත්මක වේ.

 තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට් ක්‍රීඩා පිටුවට