අවසන් මොහොතේ ධර්මරාජ බලාපොරොත්තු මල්ඵල ගැන්වෙයි

1491

2019 සිංගර් අන්තර් පාසල් රග්බි ලීග් තරගාවලියේ පලඟ ශූරතාවය මේ වන විට අවසන් සතියට පැමිණ ඇත. මහනුවර කිංග්ස්වුඩ් විද්‍යාලය හා මහනුවර සාන්ත අන්තෝනි විද්‍යාලය A කාණ්ඩයට මේ වන විටත් සුදුසුකම් ලබා ඇති අතර ලකුණු සටහනේ තුන්වැනි ස්ථානය හා සිව්වැනි ස්ථානය සඳහා මහනුවර විද්‍යාර්ථ, කොළඹ ඩී. එස්. සේනානායක හා මහනුවර ධර්මරාජ යන කණ්ඩායම් කරට කර සටනක යෙදී සිටී. 

සුපිරි ජයක් සමඟින් විද්‍යාර්ථයින් A සිහිනය සැබෑ කරගනියි

2019 සිංගර් අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලියේ අවසාන සති අන්තය අද (29) ආරම්භ වූ අතර පලඟ ශූරතාවයේ…

තුන්වැනි හා සිව්වැනි ස්ථාන විසඳන තරග දෙකක් මෙම සති අන්තයේ පැවති අතර ඉන් එක් තරගයක් මහනුවර ධර්මරාජ විද්‍යාලය හා මහනුවර සුමංගල විද්‍යාලය අතර පල්ලෙකැලේ ත්‍රිත්ව විද්‍යාල ක්‍රීඩාංගණයේ දී පැවැත්විය. එහි දී ලකුණු 21-14ක් ලෙස ජයග්‍රහණය කිරීමට මහනුවර ධර්මරාජ විද්‍යාලය සමත් විය. ඒ සමඟින් ඔවුන් 2020 සිංගර් අන්තර් පාසල් රග්බි තරගාවලියේ A කාණ්ඩය නියෝජනය කිරීමේ වරම් උදාකර ගත්තේය. 

මහනුවර ධර්මරාජ විද්‍යාලය පසුගිය සතියේ දී තියුණු තරගයකින් අනතුරුව කොළඹ ඩී. එස්. සේනානායක විද්‍යාලය පරාජය කළ අතර මහනුවර සුමංගල විද්‍යාලය පසුගිය සතියේ දී මහනුවර විද්‍යාර්ථ විද්‍යාලය හමුවේ ලකුණු 29-03ක් ලෙස පරාජය විය. 

තරගය ආරම්භ කිරීම සුමංගල විද්‍යාලයට පැවරී තිබූ අතර ආරම්භක පා පහරේ දී ම ධර්මරාජ කණ්ඩායමෙන් සිදු වූ වැරැද්දක් ප්‍රයෝජනයට ගනිමින් තරගයේ 2 දෙවන මිනිත්තුවේ දී ම උත්සාහක දිනුමක් වාර්තා කිරීමට සුමංගල විද්‍යාලයේ උමේශ් වීරකෝන් සමත් විය. එහි ප්‍රවර්තනය ද සාර්ථක කර ගත් ඔහු ලකුණු 7ක් ලකුණු පුවරුවේ සටහන් කරගත්තේය. (සුමංගල 07 – 00 ධර්මරාජ)

තරගයේ 9 වැනි මිනිත්තුවේ දී දඩුවම් පහරක් මගින් ලකුණු රැස්කිරීමට සුමංගල විද්‍යාලයට අවස්ථාව ලැබුණ අතර එවර එය සාර්ථක වූයේ නැත. 

තරගයේ 17 වැනි මිනිත්තුවේ දී දඩුවම් පහරක් මගින් ලකුණු රැස්කිරීමට ධර්මරාජ කණ්ඩායම ගත් උත්සාහය ව්‍යර්ථ වී ගියේ අවාසනාවන්ත අයුරිනි. 

>> තරගයේ ඡායාරූප ඇල්බමය සඳහා පිවිසෙන්න <<

ධර්මරාජය වෙනුවෙන් තරඟයේ 20 වැනි මිනිත්තුවේ දී සාර්ථක වූ විසල් උදංගමුව උත්සාහක දිනුමක් වාර්තා කිරීමට සමත් විය. ප්‍රවර්තනය පහසුවෙන් සාර්ථක කර ගත් සෞම්‍ය විජේසිරි ලකුණු තත්ත්වය සමකළේය. (ධර්මරාජ 07 – 07 සුමංගල)

ඉන් නොනැවතුනු ධර්මරාජය තරගයේ 25 වැනි මිනිත්තුව වන විට සුමංගල සීමා ඉර ආසන්නයටම පැමිණ සිටි අතර එහි දී අනතුරුදායක වැළැක්වීමන් නිසා සුමංගල ක්‍රීඩක එස්. එල්. පෙරේරාට කහ කාඩ්පතක් නිකුත් කළේය. ඉන් මිනිත්තුවක් ඉක්ම යාමටත් පෙර දෙවන උත්සාහක දිනුම වාර්තා කිරීමට ධර්මරාජ කණ්ඩායම සමත් විය. ප්‍රවර්තනය ද සාර්ථක කර ගත් ඔවුන් ලකුණු 7ක් ලකුණු පුවරුවට එක් කළේය. (සුමංගල 07 – 14 ධර්මරාජ)

27 වැනි මිනිත්තුවේ දී ධර්මරාජ මීටර් 22 සීමාවේ සිට දඩුවම් පහරක් සාර්ථක කර ගැනීමට සුමංගල ක්‍රීඩකයන් උත්සාහ කළ ද එය අසාර්ථක විය. 

පළමු අර්ධයේ දී සුමංගල ක්‍රීඩකයන් කීපවරක්ම ධර්මරාජ සීමා ඉර ආසන්නයට පන්දුව රැගෙන ආව ද ඔවුන්ව ආපසු හරවා යැවීමට ධර්මරාජ ක්‍රීඩකයන් සමත් විය. 

පළමු අර්ධය: සුමංගල විද්‍යාලය 07 – 14 ධර්මරාජ විද්‍යාලය

දෙවන අර්ධයේ මුල් මිනිත්තු කීපය කණ්ඩායම් දෙකම ප්‍රබල ලෙස තරග වැදුණු අතර කණ්ඩායම් දෙකටම ලකුණු ලබාගැනීමට ලැබුණු අවස්ථාවන් කීපයක් මඟහැරී ගියේය. 

දීර්ඝ කාලීන නිශ්ශබ්දතාව නිමා කරමින් තරඟයේ 60 වන මිනිත්තුවේ දී ක්‍රියාත්මක වූ සුමංගල ක්‍රීඩකයන් උත්සාහක දිනුමක් වාර්තා කළේ එතෙක් බිඳිය නොහැකි වූ ධර්මරාජ ආරක්ෂක වලල්ල සුනුවිසුනු කරමිනි. එහි ප්‍රවර්තනය ද සාර්ථක කර ගත් ඔවුන් ලකුණු තත්ත්වය සමකළේය. (සුමංගල 14 – 14 ධර්මරාජ)

කන්ද උඩරට සිංහයින්ට වෙස්ලි ක්‍රීඩකයින්ගෙන් ප්‍රහාරයක්

අද (29) කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ දී නිමා වූ 2019 සිංගර් අන්තර් පාසල් රග්බි ලීග් තරගාවලියේ ශූරතා කාණ්ඩයේ අවසන්….

තරගයේ 63 වැනි මිනිත්තුවේ දී නැවතත් පෙරමුණ ගැනීමට ධර්මරාජ කණ්ඩායමට අවස්ථාව උදා වූයේ දඩුවම් පහරක් මගිනි. නමුත් එවර සෞම්‍ය ගේ පා පහර අසාර්ථක විය. 

තරගය අවසන් මිනිත්තුව තෙක්ම ප්‍රබල ලෙස පැවති අතර වෙනදා මෙන්ම අවසන් මිනිත්තුව නැවත වරක් ධර්මරාජයට ජයග්‍රහණය ගෙන ආවේය. ජයග්‍රාහී උත්සාහක දිනුම තරින්ද කපුවත්ත විසින් වාර්තා කළේය. ධර්මරාජය වෙනුවෙන් මෙවර තරගාවලිය පුරාම අවශ්‍යම අවස්ථාවල දී ක්‍රියාත්මක වූ තරින්ද මෙම තරගය ද ධර්මරාජය වෙනුවෙන් ජයග්‍රහණය ලබා දීමට සමත් විය. ප්‍රවර්තනය ද සාර්ථක කර ගත් සෞම්‍ය විජේසිරි ලකුණු 21ක් බවට ලකුණු පුවරුව පත්කළේය. (සුමංගල 14 – 21 ධර්මරාජ)

ඒ අනුව ධර්මරාජයට A කාණ්ඩයේ දොරටු විවෘත කිරීමට මෙම ජයග්‍රහණය සමත් විය. 

අවසන් ලකුණු තත්ත්වය: සුමංගල විද්‍යාලය 14 (2T, 2C) – 21 (3T, 3C) ධර්මරාජ විද්‍යාලය

ලකුණු ලබා ගත් ක්‍රීඩකයන්

  • ධර්මරාජ විද්‍යාලය: තරින්ද කපුවත්ත (1T), විසල් උඩංගමුව (1T), එච්. එම්. රොඩ්‍රිගෝ (1T), සෞම්‍ය විජේසිරි (3C), 
  • සුමංගල විද්‍යාලය: ඒ. එම් කාවින්ද (1T), උමේශ් වීරකෝන් (1T, 2C)

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <