සමුගැනීමේ තීරණය ඔවුන් සතුයි – නව පුහුණුකරු

72

එංගලන්ත කණ්ඩායමේ ප්‍රබල ක්‍රීඩකයන් දෙදෙනෙකු වන ඔයින් මෝර්ගන්ට හා ජේම්ස් ඇන්ඩර්සන්ට ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුගැනීමේ තීරණය ගැනීම සඳහා අයිතිය ඇති බව එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ නව පුහුණුකරු වන ක්‍රිස් සිල්වර්වුඩ් පවසා සිටියා. 

බලාපොරොත්තු අත් නොහැරි CPL ශූරයෝ: බාබඩෝස් ට්‍රයිඩන්ට්ස්!

කැරිබියන් ප්‍රිමියර් ලීග් ඉතිහාසයේ දෙවැනි වරටත් ශූරයින් ලෙස කිරුළු දැරීමට අද (13) අලුයම බාබඩෝස් ට්‍රයිඩන්ට්ස් …

පාදයේ ආබාධයක් නිසාවෙන් ජේම්ස් ඇන්ඩර්සන්ට ඕස්ට්‍රේලියා එංගලන්ත අළුබඳුන ටෙස්ට් තරගාවලිය අතරතුර ඉන් ඉවත් වීමට සිදු විය. 37 හැවිරිදි ජේම්ස් ඇන්ඩර්සන් එංගලන්ත කණ්ඩායමේ මීළඟ තරගාවලිය වන නවසීලන්ත සංචාරය සඳහා එක්වන කණ්ඩායමට නම් නොකිරීමට එරට ක්‍රිකට් තේරීම් කමිටුව පසුගිය දා තීරණය කර තිබුණි. 

මෙම නවසීලන්ත තරග සංචාරය නව පුහුණුකරු වන ක්‍රිස් සිල්වර්වුඩ්ගේ පළමු තරගාවලිය වන අතර මීට පෙර ඔහු එංගලන්ත කණ්ඩායමේ වේගපන්දු පුහුණුකරු ලෙස කටයුතු කළේය. මීට පෙර එංගලන්ත පුහුණුකරු ලෙස ට්‍රෙවර් බේලිස් ක්‍රියා කළ අතර ලෝක කුසලානය ජයග්‍රහණය කළ එංගලන්තය කණ්ඩායමේ පුහුණුකරු වූයේ ද ඔහුය. 

කෙසේ වෙතත් තම ශාරීරික යෝග්‍යතාව ගොඩනගා ගැනීමට සඳහා ඇන්ඩර්සන් මාස දෙකක කාලයක් එංගලන්තයේ ශාරීරික යෝග්‍යතා කණ්ඩායම සමඟින් මැන්චෙස්ටර්හි පුහුණුවීම් සිදු කිරීමට නියමිතය. එහි දී ඔහු මනා ශාරීරික යෝග්‍යතාවක් ගොඩනගා ගතහොත් එංගලන්ත කණ්ඩායම සහභාගි වන දකුණු අප්‍රිකානු තරගාවලිය සඳහා ක්‍රීඩා කිරීමට ඔහුට අවස්ථාව හිමිවනු ඇත. 

ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවේ සාර්ථකම වේගපන්දු ‍යවන්නෙකු ලෙස සැලකෙන ඇන්ඩර්සන් මේ දක්වා ලබාගෙන ඇති ටෙස්ට් කඩුලු සංඛ්‍යාව 575කි. නවසීලන්ත සංචාරය සඳහා නම් නොකළ ද ඔහු ක්‍රිකට් ක්‍රීඩාවෙන් ඉවත් කර තැබිය නොහැකි බව එරට තේරීම් කමිටුව පවසා ඇත. 

සිල්වර්වුඩ් මීට පෙර එසෙක්ස් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළ අතර ඔහු පවසා සිටියේ ජේම්ස් ඇන්ඩර්සන් හා ස්ටුවර්ට් බ්‍රෝඩ් එංගලන්තයේ ප්‍රධානම තේරීම් වන බවයි. 

කමිඳු අදත් ගඟට ඉනි කපයි

ශ්‍රී ලංකා A ක්‍රිකට් කණ්ඩායම සහ බංග්ලාදේශ A ක්‍රිකට් කණ්ඩායම අතර කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ ….

“ජේම්ස් හා ස්ටුවර්ට් දෙන්නම ආබාධවලින් තොරව යෝග්‍යව ඉන්නවා නම් ඔවුන් අනිවාර්යයෙන්ම කණ්ඩායමට ඇතුළත් කරගැනීමට අපි උත්සාහ කරනවා. ඔවුන් නොමැති කණ්ඩායමක් ගැන සිතීමට අපහසුයි. ඔවුන් ප්‍රතිවාදී කණ්ඩායමට ප්‍රබල හිසරදයක්. ස්ටුවර්ට් හා ජේම්ස් ලබාගෙන තිබෙන කඩුලු දිහා බැලුවම ඒක ගොඩක් සුවිශේෂී කියලා තේරෙනවා.” 

“ඇන්ඩර්සන් විශිෂ්ට ක්‍රීඩකයෙක්. ඔහු කඩුලු ලබා ගන්නවා. ඔහුට විශාල දැනුමක් තියනවා. ඔහුට අනාගතයේ එන නවක ක්‍රීඩකයන් සමඟ ඒවා බෙදා ගන්න පුළුවන්”

“මම හිතන්නේ ඔහුගේ තීරණය ගැනීමේ අයිතිය ඔහුට තියනවා. ඔහුට ක්‍රීඩා කළා ඇති කියලා හිතුනම අපිට කියාවි. ඒත් කවුද අකැමැති ඔහු වගේ ප්‍රබල පන්දු ‍යවන්නෙකු කණ්ඩායමේ තියාගන්න. ඔහු විශිෂ්ට ක්‍රීඩකයෙක්. ඔහු ලොකේ ඕනෑම තැනක කඩුලු ලබා ගන්න ක්‍රීඩකයෙක්. 

ඔව් මම කැමතියි ඔහුට හැකිතාක් කණ්ඩායමේ තියා ගන්න. ඒත් එක්කම අපිට යථාර්ථය තේරුම්ග න්න වෙනවා. අපිට අනාගත කණ්ඩායමක් සූදානම් කිරීමට අවශ්‍යයි.” 

සිල්වර්වුඩ් මෙහි දී එංගලන්ත නායක ඔයින් මෝර්ගන් පිළිබඳව ද අදහස් දක්වා සිටියා. ඔහු පවසා සිටියේ මෝර්ගන්ට ද සමුගැනීමේ තීරණය ගැනීමට අයිතිය ඇති බවයි. ලෝක ශූර එංගලන්තය කණ්ඩායමේ නායකයා වූයේ ද ඔයින් මෝර්ගන්ය. කෙසේ වෙතත් 2020 විස්සයි විස්ස ලෝක කුසලානයෙන් අනතුරුව මෝර්ගන්ට නායකයා ලෙස කටයුතු කිරීමේ අවස්ථාව අවිනිශ්චිතය. 

ශ්‍රී ලාංකිකයින්, මාර්ටින් ක්‍රෝ එවරස්ට් මුදුනින් බිම හෙළයි

“එය එවරස්ට් කන්ද මුදුනටම නැග අවසන් අඩි කිහිපයේ දී මස්පිඩු පෙරළීමකට ලක්වුණා වගේ අභාග්‍යසම්පන්න…

“මෝර්ගන් එක්දින වගේම විස්සයි විස්ස කණ්ඩායම මෙහෙයවන ආකාරය ගොඩක් විශේෂයි. ක්‍රීඩකයන් එක්ක ඔහු ගොඩනගා ගන්න සම්බන්ධතාවයක් ගොඩක් වටිනවා. මෝර්ගන් කණ්ඩායම තුල ලබාගෙන තියන ගෞරවය වගේම ඔහුගේ අදහස් ගැන අනෙක් ක්‍රීඩකයන් ගොඩක් ගරු කරනවා. මගේ රාජකාරිය තමයි ඔහුට මගේ උපරිම උපකාරය දැක්වීම වගේම ඔහුට කණ්ඩායම එක්ක යන්න අවශ්‍ය උපරිම දුර යාමට සහය දැක්වීම. 

ඔහුට අපි අවස්ථාව දීලා තියනවා ඔහුට අවශ්‍ය වෙලාවට සමුගැනීමට. ඒත් අපි ඔහුගෙන් හිස් වන ස්ථානයට ගේන ක්‍රීඩකයා සූදානම් කරගෙන සිටිය යුතුයි.”

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<