නවසීලන්ත නායකයාට තුන්වැනි ටෙස්ට් තරගය අහිමි වේ

144

නවසීලන්ත ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නායක කේන් විලියම්සන්ට බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන තෙවැනි හා අවසන් ටෙස්ට් තරගය අහිමි වීමේ අවදානමක් ඇති බව වාර්තා වේ. ඒ අද (12) නිමා වූ බංග්ලාදේශ දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ තුන්වැනි දිනයේ දී ඔහු උරහිසේ ආබාධයකට ලක්වීම හේතුවෙනි.

කොදෙව් පිතිපෙළ නැවත කඩා වැටෙයි; එංගලන්තයට පූර්ණ තරගාවලි ජය!

අද හිමිදිරි පාන්දර ඇරඹුණු එංගලන්ත – කොදෙව් …..

පසුගිය සෙනසුරාදා බංග්ලාදේශයට එරෙහි ටෙස්ට් ක්‍රිකට් තරගයේ ගලී ප්‍රදේශයේ පන්දු රකිමින් සිටිය දීයී මෙලෙස විලියම්සන් ආබාධයට ලක්විය. ආබාධයට ලක්වූ විලියම්සන් පසුව MRI පරීක්ෂණයක් සඳහා යොමු කර ඇති අතර එහි දී අනාවරණය වී ඇත්තේ විලියම්සන්ගේ වම් උරහිසේ මාංශ පේශීන් පෙරලීමකට ලක්ව ඇති බවයි.

බංග්ලාදේශයට එරෙහි තරග තුනකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය මේ වන විටත් 2-0ක් ලෙස නවසීලන්තය ජය ගෙන තිබීම හේතුවෙන් අවසන් තරගයේ දී නායක කේන් විලියම්සන්ව විවේක ගැන්වීමට එරට ක්‍රිකට් බලධාරීන් තීරණය කර ඇති බව අනාවරණය වී තිබේ. විලියම්සන් වැඩිදුර ප්‍රතිකාර සඳහා මේ වන විට ක්‍රයිස්චර්ච් වෙත පිටත්ව ගොස් තිබේ.

ආබාධයට ලක්වීමෙන් පසු නවසීලන්තය වෙනුවෙන් පළමු ඉනිමේ පිතිකරණයේ නිරත වූ කේන් විලියම්සන් නවසීලන්ත පළමු ඉනිම සඳහා ලකුණු 74ක් රැස් කිරීමට සමත් විය.

කෙසේ වෙතත් එම ඉනිමේ දී ද විටින් විට විලියම්සන්ට සිය ආබාධ තත්වය හේතුවෙන් බාධා ඇති විය. බංග්ලාදේශයට එරෙහි දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිව්වැනි දිනය වූ ඊයේ දිනයේ දී සිය ආබාධ තත්වය හේතුවෙන් විලියම්සන් පන්දු රැකීම සඳහා පිටියට පිවිසියේ නැත.

ස්ටීර්ලින්, බැල්බර්නි ඇෆ්ගනිස්ථාන කුසලාන සිහිනය බොඳකරයි

පෝල් ස්ටීර්ලින් සහ ඇන්ඩි බැල්බර්නිගේ දක්ෂ …..

ඔහු වෙනුවට නවසීලන්ත කණ්ඩායම මෙහෙය වූයේ වේගපන්දු යවන ක්‍රීඩක ටිම් සවුති විසිනි.

විලියම්සන්ගේ ආබාධ තත්වය පිළිබඳ මාධ්‍ය වෙත අදහස් දක්වමින් නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු ගැරී ස්ටීඩ් සඳහන් කර ඇත්තේ විලියම්සන්ගේ ආබාධ තත්වය සුව අතට හැරී ඔහුට අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය ක්‍රීඩා කිරීමට හැකියාවක් පැවතුණ ද එළඹෙන ලෝක කුසලානය මූලික කරගනිමින් ඔහුව විවේක ගැන්වීමට බලාපොරොත්තු වන බවය.

යම් හෙයකින් විලියම්සන්ට බංග්ලාදේශයට එරෙහි තුන්වැනි හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය අහිමි වුවහොත් ඔහු වෙනුවට නවක ක්‍රීඩක විල් යං නවසීලන්ත සංචිතයට කැඳවීමට ඉඩ ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

නවසීලන්ත තරග සංචාරය කෙරෙහි බොහෝ ක්‍රීඩාලෝලීන්ගේ අවධානය යොමුව ඇත්තේ වත්මන් ටෙස්ට් පිතිකරුවන්ගේ ශ්‍රේණිගත කිරීම් හි පෙරමුණේ පසුවන ඉන්දීය නායක විරාත් කෝලි සහ නවසීලන්ත නායක කේන් විලියම්සන් අතර පවතින සටන හේතුවෙනි.

ක්‍රීඩාව යුද්ධයක් කරගැනීම නිසා ඉන්දියාවට දඬුවම් හිමි වේවි ද?

වර්තමානය වන විට ගිනි පුලිඟු මතුවෙමින් …..

බංග්ලාදේශ සංචාරයේ විලියම්සන් දක්වන දක්ෂතා අනුව ඔහුට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ ටෙස්ට් පිතිකරුවන් අතර පෙරමුණ හිමිකර ගැනීමට අවස්ථාවක් හිමිව තිබේ.

විලියම්සන් මේ වන විට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ ටෙස්ට් පිතිකරුවන් අතර දෙවන ස්ථානයේ පසුවන්නේ ප්‍රසාද ලකුණු 915ක් හිමිකර ගනිමිනි.

ප්‍රසාද ලකුණු 922ක් හිමිකරගෙන සිටින ඉන්දීය නායක විරාත් කෝලි එහි පෙරමුණ හිමිකරගෙන තිබේ. මේ අතර නවසීලන්ත කණ්ඩායමේ කඩුලු රකින ක්‍රීඩක බී. ජේ. වොට්ලිං ද ආබාධයකට ලක්වී තිබේ. ඔහුට ද බංග්ලාදේශයට එරෙහි තෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය සඳහා සහභාගී වීමේ අවස්ථාව අවිනිශ්චිත තත්වයකට පත්ව තිබේ.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<