SAG යන හත් දෙනෙකුට සා. පෙ. නේපාලයේ දී

62

ලබන දෙසැම්බර් මස 1 සිට 10 වැනිදා දක්වා නේපාලයේ දී පැවැත්වීමට නියමිත 13 වැනි දකුණු ආසියානු ක්‍රීඩා උළෙලට සහභාගී වන ශ්‍රී ලංකා සංචිතයේ සිටින, මෙවර අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය සඳහා පෙනී සිටීමට නියමිත ක්‍රීඩකයින් හත් දෙනෙකුට නේපාලයේ සිටම ඒ සඳහා සහභාගී වීමේ අවස්ථාව හිමිව තිබෙනවා.

SAG යන ශ්‍රී ලංකා සංචිත නම් කෙරේ

2019 දකුණු ආසියානු ක්‍රීඩා උළෙල සඳහා සහභාගී වන ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංචිතය ක්‍රීඩා අමාත්‍යංශයේ අනුමැතිය සඳහා…..

ඒ අනුව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව, විදේශ අමාත්‍යාංශයේ සහයෝගයත් සමඟ නේපාලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ දී මෙම විභාගය පැවැත්වීමට පියවර ගෙන තිබෙනවා.

ශ්‍රී ලංකාවේ දී විභාගය පැවැත්වෙන කාලයට සමගාමීව සාමාන්‍ය රෙගුලාසි යටතේ විභාගය පවත්වන බවත්, විභාග දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කණ්ඩායමක් විසින් එය අධීක්ෂණය කරනු ඇති බවත් අමාත්‍යාංශය අවධාරණය කර තිබෙනවා.

එසේම අධීක්ෂණය සඳහා සහභාගී වන අධීක්ෂකවරුන්ගේ සංචාරක ගාස්තු සහ නවාතැන් සඳහා වන පිරිවැය ජාතික ඔලිම්පික් කමිටුව විසින් දරණ බව ද වාර්තා වේ. අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය දෙසැම්බර් 2 සිට දෙසැම්බර් 12 වැනි දින දක්වා පැවැත්වීමට නියමිතයි.

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට <<