අවසන් වරට B කාණ්ඩයේ සිට A කාණ්ඩයට පැමිණි වතාවේ මහනුවර ධර්මරාජ විද්‍යාලය A කාණ්ඩයේ අපරාජිත ශූරයින් බවට පත් වෙන්නට සමත් වුනා. 2018 වසරේ B කාණ්ඩයට වැටී 2019 වසරේ වැටුණු වලෙන් ගොඩ ආ ලේක්වීව් කන්දේ ධර්මරාජ සිංහයින්ට A කාණ්ඩයේ අභියෝගය ජය ගැනීමට හැකි වෙයි ද ? ThePapare.com ඔවුන් සොයා මහනුවරට ගියා.
කුළුඳුල් ලීග් කුසලානය නෙලාගන්නට වෙර දරණ මරදානේ සාන්තුවරුන්
පාසල් රග්බි පිටිය කලඹමින් ප්‍රබලයින් රැසක් බිම හෙළු පාසල් රග්බි පිටියේ ……
අතීතයෙන් බිඳක්
1970 වසරේ රග්බි ක්‍රීඩාවට පා තැබූ මහනුවර ධර්මරාජ රග්බි කණ්ඩායම 2020 වසරේ දී රග්බි ක්‍රීඩාවේ සිය 50 වැනි වසර සමරනවා. කර්නල් අමරනායක ගේ මෙහෙයවීමෙන් ආරම්භ වුණු ධර්මරාජයේ රග්බි ක්‍රීඩාවේ ස්වර්ණමය යුගය සටහන් වුනේ 2010 වසරෙන් පසුව වීම විශේෂත්වයක්.
මියුරු හේවාවසම්ගේ නායකත්වයෙන් සමස්ත ලංකා සිංගර් දස සාමාජික රග්බි ශූරතාව දිනූ ධර්මරාජ කණ්ඩයම, 2012 දී B කාණ්ඩයේ අපරාජිත ශූරයින් වෙන්නට සමත් වුනා.
2012 දී සමස්ත ලංකා අන්තර් පාසල් සත් සාමාජික රග්බි තරගාවලිය ද ජය ගත් ධර්මරාජ විද්‍යාලයීය රග්බි කණ්ඩායම එම වසරේ දී ම ජනාධිපති කුසලාන පිළිමළුන් පිටුදැකීමේ රග්බි තරගාවලියේ අවසන් පූර්ව වටය දක්වා පැමිණීමට ද සමත් වීම විශේෂත්වයක්.
2012 වසරේ ලැබූ පන්නරයෙන් ධර්මරාජයේ 2013 වසර ස්වර්ණමය වසරක් වුනා. ඒ ඉතිහාසයේ පළමු වතාවට A කාණ්ඩයේ දැවැන්තයින් එකා පිට එකා බිම හෙලමින් රෝචන හෙට්ටිආරච්චිගේ නායකත්වයෙන් ධර්මරාජ රග්බි කණ්ඩායම සිංගර් අන්තර් සමාජ රග්බි කිරුළ ලේක් විව් කන්දට රැගෙන ගිය නිසයි .

කෙසේ වෙතත් 2016 වසරේ දී ඔවුන් පලඟ අනුශූරතාව හා 2015, 2016 යන වසරවල මහනුවර කිංග්ස්වුඩ් විද්‍යාලය සමඟින් පැවැත්වෙන විලියම් වීරසිංහ අනුස්මරණ රග්බි ශූරතාව ද දිනා ගැනීමට සමත් වුනා.
ධර්මරාජයෙන් ජාතික රග්බි පිටියට බිහි වූ තරු බොහෝයි. වර්තමානයේ මහනුවර ක්‍රීඩා සමාජයේ ප්‍රධානතම බලකණුවක් වන බුවනෙක උඩන්ගමුව හා තිළිණ විජේසිංහ, 2013 ලීග් ශුරතාව දිනූ කණ්ඩායමේ නිෂ්පාදනයන්.
එම කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කළ ශ්‍රී ලංකාව බිහි කළ සුපිරිම සත් සාමාජික ක්‍රීඩකයෙකු වන රධික හෙට්ටිආරච්චි ද ලේක්වීව් කන්දේ පහස ලැබූවෙකු වන අතර ලංකා රග්බි පිටියේ අමරණීය සලකුණක් තැබූ ඉන්ද්‍රජිත් බණ්ඩාරනායක මෙන්ම දර්ශන ඇටිපොල ද ධර්මරාජයේ ගුරු හරු කම් ලබා ජාතික රග්බි පිටියේ පෙරළි කළ ක්‍රීඩකයින්.
පසුගිය තරග වාරය
පසුගිය තරග වාරය ධර්මරාජ රග්බි කණ්ඩායම ඉතා සාර්ථක වූ වසරක් ලෙස හැඳින්විය හැකියි. කෙසේ වෙතත් තියුණු තරග රැසකට පසුව පලඟ ශුරතාවයේ සිව්වැනි ස්ථානය දිනා ගනිමින් කෙසේ හෝ A කාණ්ඩය දක්වා උසස්වීම් ලබන්නට ඔවුන් සමත් වුනා.

අවසන් මොහොතේ තරග දිනීම පුරුද්දක් කර ගත් ඔවුන් මහනුවර විද්‍යාර්ථ කණ්ඩායම අවසන් මොහොතේ පරාජය කළ අතර ජයග්‍රහණය අවශ්‍යම වූ තරගයේ සුමංගල කණ්ඩායමට එරෙහිව තරින්ද කපුවත්ත අවසන් මොහොතේ වාර්තා කළ උත්සාහක දිනුමෙන් ධර්මරාජය A කාණ්ඩය දක්වා ඉදිරියට පැමිණීමට සමත් වුනා.
පාසල් රග්බි කාලසටහන නිකුත් වෙයි
තරගකාරීත්වය, දක්ෂතාවය, වාසනාව සහ උද්වේගකර බව මුසු වූ අන්තර් ……………….
මෙවර තරග වාරය සඳහා සූදානම
මෙවර තරග වාරය ධර්මරාජ කණ්ඩායමට ඉතා අභියෝගාත්මක වනු නොඅනුමානයි. ඒ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින් රැසක්ම කණ්ඩායමෙන් ඉවත්ව යෑම නිසයි. නවකයින් රැසක් සමඟින් කණ්ඩායමේ මෙහෙයවීමේ වගකීම භාරව තිබෙන්නේ තෙවැනි වසරේ ක්‍රීඩකයෙක් වන විශාල් ජූඩ් හටයි.
ෆ්ලයි හාෆ් ස්ථානයේ කණ්ඩායමේ ක්‍රීඩා රටාව හසුරුවන ඔහු පසුගිය තරග වාරයේ දී ද සිය වේගයෙන් ප්‍රතිවාදීන් අන්දමන්ද කිරීමට සමත් වුනා. තවත් තෙවැනි වසරේ ක්‍රීඩකයෙක් වන ප්‍රවීන් සාගසේකර කණ්ඩායමේ උපනායකයා ලෙස කටයුතු කරනවා. දෙවන පෙළ ෆ්ලෑන්කර් ක්‍රීඩකයෙක් වන ඔහු කණ්ඩායමේ ඉදිරිපෙළ වගකීම තමන්ගේ කර මතට ගෙන කටයුතු කරනවා. ෆ්ලෑන්කර් ක්‍රීඩකයෙකුට අනන්‍ය වූ හොඳ උසක් සහිත වූ ක්‍රීඩකයෙකු වන ඔහු මෙවර කණ්ඩායමේ ප්‍රධානතම තුරුම්පුවක්.

විද්‍යාර්ථ තරගයේ අවසන් මිනිත්තුවේ අපහසු ප්‍රවර්තනයක් සාර්ථක කර ගනිමින් සිය කණ්ඩායම ජය ටැඹ කරා මෙහෙයවූ සෞම්‍ය විජේසිරි මෙවරත් පන්දුවට පා පහර දීමේ වගකීම තමන්ගේ කරට ගෙන කටයුතු කරනවා. පීඩනය යටතේ ෆුල් බැක් ස්ථානයේ ඉතා හොඳින් ක්‍රීඩා කරන ඔහු මෙවර කණ්ඩායමේ ප්‍රධානතම බලාපොරොත්තුවක්.

ශ්‍රී ලංකා ජාතික සංචිතවල නිත්‍ය සාමාජිකයෙක් වූ ලසින්ත ද කොස්තා යටතේ ධර්මරාජ යොවුන් ක්‍රීඩකයින් ඉහළ දස්කම් දක්වනු ඇත. එමෙන්ම කණ්ඩායමේ සහය පුහුණුකරු ලෙස කටයුතු කරන්නේ පසුගිය වසරේ දී ද කණ්ඩායම හා කටයුතු කළ බුද්ධික අබේසිංහයි. විද්‍යාර්ථ විද්‍යාලයෙන් රග්බි ක්‍රීඩාවට පිවිස ජාතික කණ්ඩායම ද නියෝජනය කළ ඔහු මහනුවර ත්‍රිත්ව විද්‍යාලයේ ඉදිරිපෙළ පුහුණුකරු ලෙස ද කටයුතු කර තිබෙනවා.

ධර්මරාජ විද්‍යාලයේ පළමු වටයේ තරග සැලැස්ම මෙසේයි.
- මාර්තු 4, 2020 – සාන්ත පීතර විද්‍යාලය හා ධර්මරාජ විද්‍යාලය – සාන්ත පීතර විද්‍යාල ක්‍රීඩාංගණය
- මාර්තු 14, 2020 – ධර්මරාජ විද්‍යාලය හා විද්‍යා විද්‍යාලය
- මාර්තු 23, 2020 – ධර්මරාජ විද්‍යාලය හා වෙස්ලි විද්‍යාලය
- මාර්තු 30, 2020 – විද්‍යාර්ථ විද්‍යාලය හා ධර්මරාජ විද්‍යාලය – නිත්තවෙල
- අප්‍රේල් 5, 2020 – ඉසිපතන විද්‍යාලය හා ධර්මරාජ විද්‍යාලය – හැව්ලොක් පාක් ක්‍රීඩාංගණය
>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<





















