පාසල් රග්බි ආකෘතියේ වෙනසක්?

1500

ශ්‍රී ලංකා පාසල් රග්බි සංගමය විසින් දැනට පවතින පාසල් රග්බි ආකෘතිය තුළ යම් යම් වෙනස්කම් කිහිපයක් සිදු කරමින් ශ්‍රී ලංකාව තුළ පැවැත්වෙන රග්බි තරගාවලිවල තරගකාරීත්වය තවදුරටත් වැඩි කිරීමට අවශ්‍ය පියවර කිහිපයක් ගැනීමට මේ දිනවල සාකච්ඡා කරමින් සිටියි.

16න් පහළ රග්බි අවසන් තරග වෙනත් දිනයකට

වයස අවුරුදු 16න් පහළ අන්තර් පාසල් පහළොස් සාමාජික රග්බි තරගාවලියේ අවසන් තරග එළඹෙන ඔක්තෝබර් මස…

සිංගර් කුසලාන රග්බි තරගාවලිය ශ්‍රී ලංකාව තුළ දැනට තිබෙන තරගකාරීම පාසල් රග්බි තරගාවලිය වන අතර, මේ සඳහා කාණ්ඩ කිහිපයක් ඔස්සේ පාසල් 100කට අධික සංඛ්‍යාවක් සහභාගි වේ.

ඒ අනුව ඉදිරියේ දී මෙම තරගාවලිය පළමු, දෙවන හා තෙවන කාණ්ඩය ලෙස වර්ග නොකර A, B හා C ලෙස වර්ග කිරීමට අවස්ථාව ඇත. එහි දී A කාණ්ඩය සඳහා දක්ෂතම කණ්ඩායම් තරග වදිනු ඇත.

“අපි තවමත් සිටින්නේ පරණ ක්‍රමයක, මෙම ආකෘතිය දැන් වර්ධනය කළ යුතුයි. අපි දැන් එය සිදු කිරීමට උත්සාහ කරමින් සිටින අතර එමඟින් දෙවන කාණ්ඩයේ ද යම් ප්‍රගතියක් දැක ගන්නට ලැබේවි.“ යැයි ශ්‍රී ලංකා පාසල් රග්බි පාපන්දු සංගමයේ ලේකම් ඩෙන්සිල් ඩාර්ලින් මහතා පවසා සිටියේය.

යෝජිත සංශෝධනවලට අනුව පළමු කාණ්ඩය සඳහා රග්බි ක්‍රීඩාවේ පෙරමුණේ පසුවන පාසල් 16ක් තරග වදින අතර, පද්ධතියේ තරගකාරීත්වය වැඩි කිරීම එහි අරමුණ වී ඇත. කෙසේ වෙතත් වැඩිදුරටත් අදහස් දැක්වූ ඩෙන්සිල් මහතා පැවසුවේ මෙම තීරණ ගැනීමට පෙරාතුව විද්‍යාලවල විදුහල්පතිවරුන් හා ක්‍රීඩාභාර ආචාර්යවරුන් සමඟින් සාකච්ඡා කර එම තීරණ ලබා ගන්නා බවයි.

දිවයිනේ සිටින හොඳම පුහුණුකරුවන් සඳහා නව පුහුණු ආවරණ ඒකක යොදා ගනිමින් සියලුම පාසල් පෙර සූදානම් කිරීම දැනටමත් ආරම්භ කර ඇත. මීළඟ තරග සමය (2018) ආරම්භ කිරීමට මාස 5ක පමණ කාලයක් තිබිය දී එනම් ලබන ඔක්තෝබර් මස මෙම නීතිරීති සම්මත කිරීමට දැනට තීරණය වී ඇත.

දැනට පවතින ආකෘතිය

ශ්‍රී ලංකා පාසල් රග්බි පාපන්දු සම්මේලනය විසින් 2014 වර්ෂයේ දී හඳුන්වා දෙන ලද දැනට පවතින ක්‍රමය තුළ කණ්ඩායම් 5ක් හෝ 6ක් තරග වට දෙකකට පසුව අදාළ මූලික තරග වටයට සුදුසුකම් ලබයි.

A කාණ්ඩයට කණ්ඩායම් 12ක් සිටින අතර, එම කාණ්ඩය තවත් කාණ්ඩ දෙකකට බෙදේ. ඒ අනුව එක් පිලක පාසල් කණ්ඩායම් 6ක් සිටියි. ඒ අතර පැවැත්වෙන තරගවලට පසුව තරගාවලියේ උණුසුම්කාරී වටයට ඒ ඒ පාසල් කිහිපය අවතීර්ණ වේ.

ඒ ඒ කාණ්ඩයන් ද්විත්වය තුළ පහළින් සිටින කණ්ඩායම් දෙක දැනට පවතින ක්‍රමය යටතේ පළඟ ශූරතාවය සඳහා තරග වැදිණි.

උදාහරණයක් ලෙස පළමු පෙළ කාණ්ඩගත කිරීම් මෙසේ සිදු විය.

       Group IIA                          Group IA                       Group IB                              Group IIB

Pints Table

පළමු වටයේ තරග අවසානයේ දී, IA හා IIA කාණ්ඩයේ පහළ මට්ටමේ කණ්ඩායමක් වූ ඩී. එස්. සේනානායක විද්‍යාලය අවසන් මොහොතේ දී ඉදිරි වටයට ඇතුළත් විය. එබැවින් එම කණ්ඩායම් සිටින විශමතාවයන් අනුව ඉදිරි තරග සැලසුම් විය. ඒ අතර පෙරමුණේ පසුවන පාසල් ශූරතා කුසලානයට තරග වැදිණි. අනෙකුත් පාසල් පළඟ කුසලානයට තරග වැදිණි.

C හා D කාණ්ඩයන් යටතේ සුදුසුකම් ලබා ගන්නා කණ්ඩායම් බඳුන කුසලානයට තරග වදින ලදි.

මේ වසරේ පැවැත්වූ තරගාවලියේ දී අලුතින් මෙම කාණ්ඩයට සුදුසුකම් ලැබූ වේල්ස් කුමර විද්‍යාලය හා ඩී. එස්. සේනානායක විද්‍යාලය පළමු වටය අවසානයේ කිසිදු තරගයක් ජයග්‍රහණය කර නොතිබුණි.

පාලක මණ්ඩලය සිය අත්දැකීම් අනුව හොඳින් සිතාබලා පාසල් රග්බි ක්‍රීඩාව තවදුරටත් ඉහළ නැංවීමට අවශ්‍ය පියවර ගනු ඇති අතර, ඒ දෙස රග්බි ක්‍රීඩාවට ආදරය කරන ප්‍රේක්ෂකයන් හා ක්‍රීඩකයින් ඒ පිළිබඳව අවධානයෙන් සිටියි.

තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට