ජාතික සංචිතයට නව සහය පුහුණුකරුවන් දෙදෙනෙක්!

731

2019 ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියට තවත් සති කිහිපයක් පමණක් ඉතිරිව තිබෙන මොහොතක ශ්‍රී ලංකා රග්බි සම්මේලනය ශ්‍රී ලංකා සංචිතයට සහය පුහුණුකරුවන් දෙදෙනෙකු නම් කර ඇත. 

හිටපු ශ්‍රී ලංකා ක්‍රීඩක මුස්තාක් ජිෆ්රි සහ මහනුවර ක්‍රීඩා සමාජයේ හිටපු ක්‍රීඩක සාලිය කුමාරව ප්‍රධාන පුහුණුකරු මැට් ලී ගේ සහය පුහුණුකරුවන් වශයෙන් පත් කර ඇත.

ශ්‍රී ලංකා සත් සාමාජික සංචිතයේ නායකත්වය මහනුවරට!

පසුගිය දිනවල පැවැත්වුණු අන්තර් සමාජ සත් සාමාජික රග්බි තරගාවලිය හා….

කොළඹ සහිරා විදුහලෙන් තම ක්‍රීඩා දිවිය ආරම්භ කළ මුස්තාක් පසුව CR&FC සමඟ එක් වූ අතර පසුව ඔහු එම ක්‍රීඩා සමාජයේම පසුපෙළ පුහුණුකරු වශයෙන් ක්‍රියා කළේය. එසේම 2016 වර්ෂයේ ශ්‍රී ලංකා 18න් පහළ සංචිතය ආසියානු කනිෂ්ඨ සත් සාමාජික ශූරයින් වූයේ මුස්තාක් එහි ප්‍රධාන පුහුණුකරුවෙකු වශයෙන් ක්‍රියා කරන කාලය තුළ දී වීම විශේෂත්වයක්.

ඉන්පසු තරගවාරයේ සිට මුස්තාක් ශ්‍රී ලංකා කනිෂ්ඨ සංචිතයේ ප්‍රධාන පුහුණුකරු ලෙස ද ශ්‍රී ලංකා ජාතික සංචිතයේ පසුපෙළ පුහුණුකරු ලෙස ද ක්‍රියා කළේය.

එසේම සාලිය කුමාර ගැන ගත් කළ ඔහු ජාතික කණ්ඩායමේ පුහුණුකරු මඩුල්ලට එක් වන ප්‍රථම වතාව මෙය වන අතර ශ්‍රී ලංකා ජාතික සංචිතයෙන් අප රටට විශාල සේවයක් ඉටු කිරීමෙන් අනතුරුව ඔහු ත්‍රිත්ව විදුහලේ පුහුණුකරුවෙකු ලෙස කටයුතු කළේය. ඔහුගේ පුහුණුකාරීත්වය යටතේ ත්‍රිත්ව විදුහල් 18න් පහළ කණ්ඩායම අවසන් මහා තරග දෙකක් ක්‍රීඩා කර තිබීම විශේෂත්වයක්.

මැට් ලීගේ වැඩ වැඩි වෙයි

ශ්‍රී ලංකා රග්බි තේරීම් කමිටුව විසින් පසුගිය දා නම් කළ 29 දෙනෙකුගෙන්….

දැනට පත්වී සිටින පුහුණුකරුවන් ත්‍රිත්වය වන මැට් ලී (ප්‍රධාන පුහුණුකරු), මුස්තාක් ජිෆ්රි, සාලිය කුමාරට (සහය පුහුණුකරුවන්) ඔවුන්ගේ පළමු අභියෝගය වන 2019 ආසියානු සත් සාමාජික රග්බි තරගාවලිය මෙමස අවසන් සතියේ දී ආරම්භ වීමට නියමිත වන අතර ශ්‍රී ලංකා ජාතික සත් සාමාජික සංචිතයේ නව නායකයා වන ධනුශ් දයාන්ට ද මෙය නව අභියෝගයක් වනු ඇත.

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<