7 වැනි රග්බි ලෝක කුසලාන තරගාවලිය රටවල් 20ක සහභාගිත්වය ඇතිව නවසීලන්තයේ දී පැවැත්විය. 1991 රග්බි ලෝක කුසලාන තරගාවලියේ දී ප්‍රංශය, ස්කොට්ලන්තය, අයර්ලන්තය සහ වේල්සය සමඟ එංගලන්තය සම සත්කාරකත්වය දැරුව ද, මෙවර තරගාවලියේ සත්කාරකත්වය ඔවුන්ට තනිවම දැරීමට සිදු විය. 

මෙම තරගාවලිය තුළ දක්නට ලැබුණු සුවිශේෂී සිදුවීම වූයේ මෙවර තරගාවලිය සඳහා සහභාගි වුණු රටවල් 20ම ඊට පෙර රග්බි ලෝක කුසලාන තරගාවලිය සඳහා සහභාගි වී තිබීම ය.

තරගාවලියේ සමාරම්භක උළෙලේ අවස්ථාවක් (gettyimages)

තරගාවලියේ එක් එක් කාණ්ඩවලට අයත් වුණු රටවල් 

A කාණ්ඩය B කාණ්ඩය C කාණ්ඩය D කාණ්ඩය
එංගලන්තය  දකුණු අප්‍රිකාව  නවසීලන්තය  ප්‍රංශය 
ඕස්ට්‍රේලියාව සැමෝවා    ආජන්ටිනාව  අයර්ලන්තය
වේල්සය   ස්කොට්ලන්තය  ටොංගා ඉතාලිය 
ෆීජී   ජපානය   ජෝර්ජියාව   රුමේනියාව  
උරුගුවේ  ඇමරිකාව   නැමීබියාව  කැනඩාව 

තරගාවලිය පැවති ආකාරය 

පළමු වටයේ තරගවල දී කාණ්ඩයේ සෑම රටක්ම අනිත් රටවල් 4 සමඟ තරග වැදීමට නියමිතව තිබුණි. ඉන්පසුව සෑම කාණ්ඩයකම පළමු ස්ථාන ලබා ගන්නා රටවල් 2 අර්ධ අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලැබීය. 

ඉන්පසුව අර්ධ අවසන් පූර්ව වටය යටතේ පැවති තරග හතරේ ජයග්‍රාහකයන් අවසන් පූර්ව වටයට එක්විය. අවසන් පූර්ව වටය යටතේ තරග 2ක් පැවති අතර එම තරගවල ජයග්‍රාහකයන් අවසන් තරගයට එක්වුණු අතර එම අවසන් තරගයේ ජයග්‍රාහකයාට  කුසලානය හිමි විය.

පළමු වටයේ තරගවල ප්‍රතිඵල 

දින 23ක් පුරාවට පැවති පළමු වටයේ තරග අවසානයේ දී දකුණු අප්‍රිකාව, ආජන්ටිනාව, අයර්ලන්තය, නවසීලන්තය, ප්‍රංශය, ස්කොට්ලන්තය, වේල්සය සහ ඕස්ට්‍රේලියාව අර්ධ අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලැබීය.

A කාණ්ඩයේ තරගවල ප්‍රතිඵල

  • එංගලන්තය  41 – 10 ෆීජී
  • වේල්සය 54 – 09 උරුගුවේ       
  • ඕස්ට්‍රේලියාව 28 – 13 ෆීජී      
  • වේල්සය 28 – 25 එංගලන්තය 
  • ඕස්ට්‍රේලියාව 65 – 03 උරුගුවේ 
  • වේල්සය 23 – 13 ෆීජී 
  • ඕස්ට්‍රේලියාව 33 – 13 එංගලන්තය 
  • ෆීජී 47 – 15 උරුගුවේ 
  • ඕස්ට්‍රේලියාව 15 – 06 වේල්සය
  • එංගලන්තය 60 – 03 උරුගුවේ 

    වේල්ස් තරගයේ අවස්ථාවක් (gettyimages)

B කාණ්ඩයේ තරගවල ප්‍රතිඵල

  • ජපානය 34 – 32 දකුණු අප්‍රිකාව  
  • සැමෝවා 25 – 16 ඇමරිකාව 
  • ස්කොට්ලන්තය 45 – 10 ජපානය 
  • දකුණු අප්‍රිකාව 46 – 06 සැමෝවා
  • ස්කොට්ලන්තය 39 – 16 ඇමරිකාව 
  • ජපානය 26 – 05 සැමෝවා
  • දකුණු අප්‍රිකාව 34 – 16 ස්කොට්ලන්තය
  • දකුණු අප්‍රිකාව 64 – 00 ඇමරිකාව
  • ස්කොට්ලන්තය 36 – 33 සැමෝවා
  • ජපානය 28 – 18 ඇමරිකාව

    ස්කොට්ලන්ත තරගයේ අවස්ථාවක් (gettyimages)

C කාණ්ඩයේ තරගවල ප්‍රතිඵල

  • ජෝර්ජියාව 17 – 10 ටොංගා       
  • නවසීලන්තය 26 – 16 ආජන්ටිනාව      
  • නවසීලන්තය 58 – 14 නැමීබියාව     
  • ආජන්ටිනාව 54 – 09 ජෝර්ජියාව      
  • ටොංගා 35 – 21 නැමීබියාව  
  • නවසීලන්තය 43 – 10 ටොංගා 
  • ආජන්ටිනාව 45 – 16 ටොංගා  
  • ජෝර්ජියාව 17 – 16 නැමීබියාව  
  • නවසීලන්තය 47 – 09 ටොංගා  
  • ආජන්ටිනාව 64 – 19 නැමීබියාව  

    ආජන්ටිනා තරගයේ අවස්ථාවක් (gettyimages)

D කාණ්ඩයේ තරගවල ප්‍රතිඵල

  • අයර්ලන්තය 50 – 07 කැනඩාව 
  • ප්‍රංශය 32 – 10 ඉතාලිය 
  • ප්‍රංශය 38 – 11 රුමේනියාව 
  • ඉතාලිය 23 – 18 කැනඩාව 
  • අයර්ලන්තය 44 – 10 රුමේනියාව 
  • ප්‍රංශය 41 – 18 කැනඩාව  
  • අයර්ලන්තය 16 – 09 ඉතාලිය  
  • රුමේනියාව 17 – 15 කැනඩාව 
  • ඉතාලිය 32 – 22 රුමේනියාව
  • අයර්ලන්තය 24 – 09 ප්‍රංශය

    රංශ තරගයේ අවස්ථාවක් (gettyimages)

අර්ධ අවසන් පූර්ව වටය

මුල් තරග වටවල ප්‍රතිඵල අනුව අර්ධ අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලැබූ  නවසීලන්තය, ඕස්ට්‍රේලියාව, ප්‍රංශය, ස්කොට්ලන්තය, දකුණු අප්‍රිකාව, ආජන්ටිනාව, අයර්ලන්තය සහ වේල්සය යන කණ්ඩායම් එම වටයේ දී තරග වැදුණේ පහත ආකාරයටය.

වේල්සය සහ දකුණු අප්‍රිකාව 

අර්ධ අවසන් පූර්ව වටයේ පළමු  තරගය වූ මෙම තරගයේ දී දකුණු අප්‍රිකානු  ක්‍රීඩක හැන්ඩ්‍රේ පොලාර්ඩ් දඬුවම් පහර 5ක් සහ ඩ්‍රොප් ගෝලයක් මගින් ලකුණු 18ක් තම කණ්ඩායම වෙනුවෙන් රැස් කිරීමට සමත් වීම නිසා අවසානයේ දී දකුණු අප්‍රිකානු  කණ්ඩායම විසින් වේල්ස් කණ්ඩායම ලකුණු 23-19ක් ලෙස පරාජය කරමින් අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබා ගත්තේය. 

දකුණු අප්‍රිකා අර්ධ අවසන් පූර්ව තරගයේ අවස්ථාවක් (gettyimage)

ප්‍රංශය සහ නවසීලන්තය 

ප්‍රබල නවසීලන්ත කණ්ඩායම ප්‍රංශය හමුවේ 62-13ක් ලෙසින් පහසු ජයක් ලබා ගනිමින් අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබා ගත්තේය.  

නවසීලන්ත අර්ධ අවසන් පූර්ව තරගයේ අවස්ථාවක් (gettyimage)

ආජන්ටිනාව සහ අයර්ලන්තය   

නිකොලස් සැන්චෙස් විසින් දඬුවම් පහර 5ක් සහ ප්‍රවර්තන 4ක් සාර්ථක කරගනිමින්  ආජන්ටිනාව වෙනුවෙන් ලබා ගත් ලකුණු 23 නිසා ඔවුන් අයර්ලන්ත කණ්ඩායම හමුවේ 43-20ක් ලෙස පහසු ජයක් වාර්තා කරමින් අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබා ගත්තේය. 

අයර්ලන්ත අර්ධ අවසන් පූර්ව තරගයේ අවස්ථාවක් gettyimage)

ඕස්ට්‍රේලියාව සහ ස්කොට්ලන්තය   

මෙම තරගයේ 80 වැනි විනාඩිය එළඹෙන විට ප්‍රබල ඕස්ට්‍රේලියානු කණ්ඩායම හමුවේ  34-32ක් ලෙසින් පෙරමුණේ පසුවීමට ස්කොට්ලන්ත කණ්ඩායමට හැකි විය. නමුත් 80 වැනි විනාඩියේ දී ඕස්ට්‍රේලියානු කණ්ඩායමට ලැබුණු දඬුවම් පහර නිසා ඔවුන් තරගය ජයග්‍රහණය කළේ 35-34ක් ලෙසිනි.

ස්කොට්ලන්ත අර්ධ අවසන් පූර්ව තරගයේ අවස්ථාවක් (gettyimage)

අවසන් පූර්ව වටය 

අර්ධ අවසන් පූර්ව වටයේ ප්‍රතිඵල වලට අනුව නවසීලන්තය, ඕස්ට්‍රේලියාව, දකුණු අප්‍රිකාව සහ ආජන්ටිනාව අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබා ගත්තේය.

නවසීලන්ත-ඕස්ට්‍රේලියා අවසන් පූර්ව තරගය 

1987 සහ 2011 වසරවල දී රග්බි ලෝක ශූරයන් බවට පත්වුණු නවසීලන්තයත් 1995 සහ 2007 වසරවල  රග්බි ලෝක ශූරයන් වුණු දකුණු අප්‍රිකාවත් ගැටුණු මෙම අවසන් පූර්ව තරගය රග්බි ප්‍රේක්ෂකයන්ගේ අවධානය දිනා ගත් තරගයක් විය. 

දකුණු අප්‍රිකානු ක්‍රීඩක පොලාර්ඩ් දඬුවම් පහර 4ක් සාර්ථක කරගනිමින් ලබාගත් ලකුණු 12 නිසා පළමු භාගය අවසන් වන විට දකුණු අප්‍රිකාව 12-07ක් ලෙසින් පෙරමුණේ පසු විය. නමුත් ඉන් නොසැලුණු ප්‍රබල නවසීලන්ත කණ්ඩායම දෙවන භාගයේ 60 වැනි විනාඩිය අවසන් වන විට තරගයේ පාලනය ඔවුන් අතට ගත් නිසා ලකුණු තත්ත්වය 20-15ක් විය. 

ඉන් පසුව ඉතිරි විනාඩි 20 තුළ  දකුණු අප්‍රිකානු කණ්ඩායමට කිසිදු බුරුලක් ලබා නොදුන් නවසීලන්තය තරගය ජයග්‍රහණය කළේ 20-18ක් ලෙස ලකුණු ලබා ගනිමිනි.

දකුණු අප්‍රිකා අවසන් පූර්ව තරගයේ අවස්ථාවක් (gettyimages)

ඕස්ට්‍රේලියා-ආජන්ටිනා අවසන් පූර්ව තරගය  

ප්‍රබල ඕස්ට්‍රේලියානු කණ්ඩායම සහ ආජන්ටිනා  කණ්ඩායම අතර පැවති මෙම තරගයේ පළමු භාගය අවසන් වන විට 1991 සහ 1999 රග්බි ලෝක කුසලාන ජයග්‍රහණය කළ ප්‍රබල ඕස්ට්‍රේලියානු කණ්ඩායම 19-09ක් ලෙසින් තරගයේ පෙරමුණ ගත්තේ ඈෂ්ලි කූපර් ලබා ගත් උත්සාහක දිනුම් 2ක නිසාය. 

ඉන් අනතුරුව දෙවන භාගයේ දී සිය ග්‍රහණය තවත් දැඩි කළ ඕස්ට්‍රේලියානු කණ්ඩායම අවසානයේ දී 29-15ක පහසු ජයක් ලැබීය. එහි දී ඕස්ට්‍රේලියානු කණ්ඩායම වෙනුවෙන් ඈෂ්ලි කූපර් උත්සාහක දිනුම් 3ක් වාර්තා කරමින් ලකුණු 15ක් ලබාගත්තේය.

ආජන්ටිනා අවසන් පූර්ව තරගයේ අවස්ථාවක් (gettyimage)

තෙවැනි ස්ථානය දකුණු අප්‍රිකා  කණ්ඩායමට

තෙවැනි ස්ථානය තේරීම සඳහා පැවති තරගය සඳහා සහභාගි වූයේ දකුණු අප්‍රිකා  කණ්ඩායම සහ ආජන්ටිනා කණ්ඩායමයි. මෙම තරගයේ පළමු භාගයේ දී පීටර්සන් ලබා ගත් උත්සාහක දිනුම සහ පොලාර්ඩ් ලබාගත් දඬුවම් පහර 3 නිසා පළමු අර්ධය අවසන් වන විට  දකුණු අප්‍රිකාව 16-00ක් ලෙසින් පෙරමුණේ පසුවිය. 

ඉන් පසුව දෙවන භාගය තුළ දකුණු අප්‍රිකා  කණ්ඩායම තවත් ලකුණු 8ක් ලබා ගන්නා විට ආජන්ටිනා  කණ්ඩායම ලකුණු 13ක් පමණක් ලබා ගත් නිසා අවසානයේ දී 24-13ක් ලෙස පහසු ජයක් ලැබීමට ප්‍රබල දකුණු අප්‍රිකානු  කණ්ඩායමට හැකි විය.

තෙවන ස්ථානය සඳහා පැවති තරගයේ අවස්ථාවක් (gettyimage)

නවසීලන්ත කණ්ඩායම තෙවැනි වරටත්  රග්බි ලෝක ශූරයන් විය

කණ්ඩායම් 2ම මුල සිටම කරට කර සටනක නිරත වුණු මෙම තරගයේ පළමු භාගය නිමා වීමට ආසන්නයේ මිල්නර් සහ කාටර් ලබා දුන් ලකුණු නිසා පළමු අර්ධය අවසන් වන විට  නවසීලන්තය 16-03ක් ලෙසින් පෙරමුණේ පසුවිය.

ඉන්පසුව දෙවන භාගය ආරම්භයේ දීම නෝනු උත්සාහක දිනුමක් මගින් නවසීලන්තයට ලබා දුන් ලකුණු 5 නිසා ලකුණු තත්ත්වය 21-03ක් ලෙසින් දිස්විය. නමුත් ඉන් නොසැලුණු ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයන් 65 වැනි විනාඩිය වන විට  ලකුණු තත්ත්වය 21-17ක් බවට පත්කළේ තරගයේ උද්වේගකර බව වැඩි කරමිනි. 

එලෙස ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයන් ඉක්මනින්ම තරගයට අවතීර්ණ වුනත් ඩෑන් කාටර් ඩ්‍රොප් ගෝලයක් සහ දඬුවම් පහරක් මගින් ලබා ගත් ලකුණු 6 නිසා 75 වැනි විනාඩිය වන විට නවසීලන්තය 27-17ක් ලෙසින් පෙරමුණේ පසු විය. 

ඉතාමත් අසීරු අවස්ථාවක කාටර් ලබා දුන් එම ලකුණු 6 නිසා ජීවය ලද නවසීලන්තය අවසානයේ දී 34-17ක් ලෙසින් පහසු ජයක් ලබා ගත්තේ පිට පිටම දෙවන වරටත් රග්බි ලෝක ශූරයන් බවට පත්වෙමිනි.

නවසීලන්ත අවසන් තරගයේ අවස්ථාවක් (gettyimages)

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<