රාජකීය කිමිදුම්කරුවෝ තායිලන්තය හොල්ලයි

170

කොළඹ රාජකීය විද්‍යාලයේ කිමිදුම්කරුවෝ ඔවුන්ගේ පළමු ජාත්‍යන්තර තරගාවලිය වූ තායිලන්ත විවෘත පාසල් අන්තර්ජාතික කිමිදුම් තරගාවලියේ දී ජයග්‍රහණ රැසක් දිනා ගැනීමට සමත් විය. ශූරතාවලිය බැංකොක් හිදී පැවැත්විය.

සවින්දී ඇගේ හොඳම පෞද්ගලික කාලය වාර්තා කරයි

චීනයේ Hangzhou හිදී ආරම්භ වූ 14 වැනි FINA ලෝක පිහිනුම් ශූරතාවලියේ පළමු වටයේ තේරීම් තරගවලට සහභාගී වූ ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් සිව්දෙනාගෙන් තරගකරුවන් තිදෙනෙක්ම….

අත්දැකීම් බහුල කණ්ඩායම් රැසක් සහභාගී වූ එම තරගාවලියේ දී ශ්‍රී ලංකාව වෙනුවෙන් කොළඹ රාජකීයයින් සමස්ත ශූරතාව දිනා ගත්තේ තායිලන්ත පිහිනුම් තටාක සිය ග්‍රහණයට ගනිමිනි.

මීටර 1 ස්ප්‍රින්ග්බෝර්ඩ්, මීටර 3 ස්ප්‍රින්ග්බෝර්ඩ් කාණ්ඩ යටතේ ශ්‍රී ලංකා කිමිදුම්කරුවෝ පදක්කම් රැසක් දිනා ගත් අතර පැවති ඉසව් 12කින් 7ක්ම ජය ගත්තේ ශ්‍රී ලංකාවයි.

මීටර් 1 ස්ප්‍රින්ග්බෝර්ඩ් කාණ්ඩයේ කනිෂ්ඨ ඉසව්ව සම්පූර්ණයෙන්ම ශ්‍රී ලංකා ක්‍රීඩකයින් දිනා ගන්නා ලදි. යුසුෆ් ශිහර් රන් පදක්කම දිනා ගත්තේ ලකුණු 126.2ක් සමඟිනි. සෙනුජ රණසිංහ හා ඉමේත් ද සිල්වා දෙවන හා තෙවන ස්ථාන දිනා ගන්නා ලදි.

A කාණ්ඩයේ ප්‍රසාද් දිසානායක ලකුණු 328.2ක් සමඟින් රන් පදක්කම දිනා ගන්නා ලදි. කණ්ඩායමේ නායක ඉසිවරුණ ද සිල්වා තුන්වැනි ස්ථානය දිනා ගත්තේ ලකුණු 223.7ක් සමඟිනි.

D කාණ්ඩයේ වෙනුක කංකානම්ගේ ලකුණු 174.5ක් රැස් කරමින් පළමු ස්ථානය දිනා ගත් අතර ඉඳුවර ගුණවර්ධන දෙවන ස්ථානය දිනා ගත්තේ ලකුණු 170.45ක් රැස් කරගනිමිනි.

මීටර 3 ස්ප්‍රින්ග්බෝර්ඩ් ඉසව්වෙන් යුසුෆ් ශිහර් රන් පදක්කම දිනා ගත්තේ ලකුණු 133.3ක් රැස් කර ගනිමිනි. සෙනුජ හා ඉමේත් දෙවැනි හා තෙවැනි ස්ථාන දිනා ගන්නා ලදි.

ලකුණු 346.87ක් වාර්තා කළ ප්‍රසාද් දිසානායක A කාණ්ඩයේ ශූරතාව දිනා ගන්නා ලදි.

ලෝක පිහිනුම් ශූරතාවලියට ශ්‍රී ලංකාවෙන් 4ක්

මෙම වසරේ පැවැත්වෙන අවසාන ජාත්‍යන්තර මට්ටමේ පිහිනුම් තරගාවලිය වන 14 වන වරට පැවැත්වෙන ‘FINA’ ලෝක පිහිනුම් ශූරතාවලිය 2018 තරගාවලිය එළඹෙන 11 වන දින චීනයේ…

C කාණ්ඩය ඉතා උණුසුම් වූ අතර කිමිදුම්කරුවෝ හය දෙනෙකු ශූරතාව වෙනුවෙන් තරග වැදුණි. 15 වියැති මතීෂ මාරඹේ ලකුණු 242.7ක් සමඟින් පළමු ස්ථානය දිනා ගත් අතර අකිඳු සමරවීර තෙවැනි ස්ථානය දිනා ගත්තේ ලකුණු 219.5කිනි.  

D කාණ්ඩයේ මීටර 3 ස්ප්‍රින්ග්බෝර්ඩ් ඉසව්වේ ජය දිනා ගත්තේ වෙනුක කරුණානායක. එහි දෙවන ස්ථානය ඉඳුවර ගුණවර්ධන දිනා ගන්නා ලදි.

විවෘත ඉසව්වල ජයග්‍රහණ දිනා ගැනීමට තායිලන්තයේ Rungsiman Yanmongkon සමත් විය. සහන් පිරිස් හා සවින්ද දිසානායක දෙවන හා තෙවන ස්ථාන දිනා ගන්නා ලදි. මීටර 3 ස්ප්‍රින්ග්බෝර්ඩ් ඉසව්වේ දෙවන ස්ථානය දිනා ගැනීමට සවින්ද සමත් වූයේ ලකුණු 202.05ක් සමඟිනි.    

>> තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල් පිටුවට <<