රාජකීය විද්‍යාලයේ කිමිදුම්කරුවෝ තායිලන්තයට

251

කොළඹ රාජකීය විද්‍යාලයේ කිමිදුම් කණ්ඩායම (Diving Team) සිය පළමු ජාත්‍යන්තර තරගාවලිය සඳහා සහභාගි වීමට තායිලන්තය බලා පිටත්ව යෑමට නියමිතයි. තායිලන්තයේ බැංකොක් හිදී එළඹෙන දෙසැම්බර් 19 වනදා සිට 24 වනදා තෙක් පැවැත්වෙන තායිලන්ත විවෘත පාසල් ආරාධිත කිමිදුම් ශූරතාවලියට ඔවුන් එහිදී සහභාගී වනු ඇත.

සවින්දී ඇගේ හොඳම පෞද්ගලික කාලය වාර්තා කරයි

චීනයේ Hangzhou හිදී ආරම්භ වූ 14 වැනි FINA ලෝක පිහිනුම් ශූරතාවලියේ …

මෙම තරගාවලිය ඉසව් තුනකින් සමන්විත වන අතර ඒවා මීටර 1 ස්ප්‍රින්ග් බෝර්ඩ්, මීටර 3 ස්ප්‍රින්ග් බෝර්ඩ් සහ Platform යන ඉසව් යටතේ පැවැත්වෙනු ලැබේ. රාජකීය විද්‍යාලයේ කිමිදුම් කණ්ඩායමට වයස් කාණ්ඩ කිහිපයකින් ක්‍රීඩකයින් 15 දෙනෙක් ඇතුළත් ය. වසර පුරාවට පැවති දේශීය තරගාවලි වල දී රාජකීය විද්‍යාලයීය කිමිදුම් කණ්ඩායම ඉහළ දස්කම් දැක්වූ අතර ජාත්‍යන්තර තරග බිමේද සිය නම සනිටුහන් කරන්නට මෙය ඔවුන්ට ඉතා හොඳ අවස්ථාවක් වනු ඇතැයි සැළකිය හැක.

අඛණ්ඩව වසර දෙකක් තුළ දී ආධුනික කිමිදුම් තරගාවලි දෙකක් ජයගන්නට ඔවුන් සමත් වූ අතර ශ්‍රී ලංකා පාසල් කිමිදුම් තරගාවලිය මෙන්ම ජාතික වයස් කාණ්ඩ කිමිදුම් තරගාවලිය ද ජය ඔවුන්ට ජය ගැනීමට හැකි විය. ජාතික කණිෂ්ඨ කිමිදුම් ශූරතාවලිය ද දිනාගත් ඔවුන් ජාතික කිමිදුම් ශූරතාවලියේ අනුශූරතාවය ද දිනා ගන්නා ලදී.

ලෝක පිහිනුම් ශූරතාවලියට ශ්‍රී ලංකාවෙන් 4ක්

මෙම වසරේ පැවැත්වෙන අවසාන ජාත්‍යන්තර මට්ටමේ පිහිනුම් තරගාවලිය……

කණ්ඩායමේ නායකයා ලෙස ක්‍රියා කරන රාජකීය විද්‍යාලය වෙනුවෙන් දෙවරක් පාසැල් වර්ණ දිනූ වසර 12 ක් පුරාවට රාජකීය පිහිනුම් තටාකයේ දස්කම් දක්වමින් සිටින ඉසිවරුණ ද සිල්වා හට අනඟි සහයක් ලබා දීම සඳහා උප නායකයා ලෙස සවින්ද දිසානායක සුදානමින් සිටින අතර ප්‍රසාද් දිසානායක, අභිෂේක් මීගල්ල, මතීෂ මාරඹේ සහ ඉඳුවර ගුණවර්ධන ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින් ලෙස කණ්ඩායමට සිය දායකත්වය දක්වනු ලබයි.

තරගාවලියට එක්වන කණ්ඩායම: ඉසිවරුණ ද සිල්වා (නායක), සවින්ද දිසානායක (උප නායක), ප්‍රසාද් දිසානායක, බිනුජ අමරනායක, මොවිඳු කටුගම්පොල, අභිෂේක් මීගල්ල, අකිඳු සමරවීර, යමිත් ජයකොඩි, මතීෂ මාරඹේ, ඉඳුවර ගුණවර්ධන, සෙනුජ රණසිංහ, යුසුෆ් ශිහාර්, වෙනුක කන්කානම්ගේ, ඉමේත් ද සිල්වා, වීමත් නහල්ලගේ

>> තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල් පිටුවට <<