“මට 100%ක් කණ්ඩායමට දෙන්න බැරි වුනා” – රොනාල්ඩෝ

258

පසුගිය දා පැවති Juventus තරගයක් අතරතුර තමන් වෙනුවට වෙනත් ක්‍රීඩකයෙකු ආදේශ කිරීම සම්බන්ධයෙන් ක්‍රිස්ටියානෝ ‍රොනාල්ඩෝ හා පුහුණුකරු Maurizio Sarri අතර යම් මතභේදයක් හටගෙන තිබුණි. 

කෙසේ වෙතත් මෙම සිදුවීම පිළිබඳව අදහස් දක්වමින් රොනාල්ඩෝ පවසා සිටියේ එම සිදුවීමෙන් පසුව තමන් 100%ක් තම කණ්ඩායමට ලබා දීමට අපොහොසත් වූ බවයි.

Maurizio Sarriට රිදෙන්න රොනාල්ඩෝගෙන් ගෝල ත්‍රිත්වයක්

සති කිහිපයක ක්‍රීඩා සමාජ තරග උණුසුමෙන් පසුව පසුගිය දා ජාත්‍යන්තර තරග විවේකය ආරම්භ වුනා. 2020 යූරෝ………….

34 හැවිරිදි මේ සුපිරි පාපන්දු ක්‍රීඩකයා තම 99 වැනි ජාත්‍යන්තර ගෝලය වාර්තා කිරීමට පසුගිය දා සමත් වුනා. ඒ පෘතුගාලය හා ලක්සම්බර්ග් අතර පැවති යුරෝ කුසලානය සඳහා සුදුසුකම් ලබා ගැනීමේ තරගයේ දීයි. එම තරගය පෘතුගාලය ජයග්‍රහණය කළේ ගෝල 2-0ක් ලෙසිනි.

“මම ඒ තරගයේ දී කණ්ඩායමට 100%ක් දෙන්න අසමත් වුනා. මට තාමත් 100% දෙන්න බැරි වෙනවා. පසුගිය සති තුනේ දී මම එතරම් හොඳ මට්ටමකින් ක්‍රීඩා කළේ නෑ. ඒත් මගේ රට වෙනුවෙන් වගේම මගේ සමාජය වෙනුවෙනුත් මට කරන්න පුළුවන් උපරිමය කරන්න මම පසුබට වෙන්නේ නෑ. මම ඒක කරන්නේ ආඩම්බරයෙන්.”

රොනාල්ඩෝගේ දක්ෂතා පිළිබඳව අදහස් දක්වමින් Juventus පුහුණුකරු වන Maurizio Sarri පවසා සිටියේ රොනාල්ඩෝට සුළු දණහිසෙහි ආබාධයක් පවතින බවයි. AC Milan කණ්ඩායම සමඟින් පසුගිය දා පැවති තරගය අතරතුර දී ඔහු වෙනුවට වෙනත් ක්‍රීඩකයෙකු ආදේශ කිරීම බොහෝ දෙනාගේ කතා බහට ලක්ව තිබූ අතර එම සිද්ධිය නිසා ඇතිවූ කෝපය නිසා රොනාල්ඩෝ තරගය නිමා වීමටත් පෙර ක්‍රීඩාංගණයෙන් ඉවත්ව ගොස් තිබුණි.

“මම කැමති නැහැ වෙනත් කෙනෙක් මම වෙනුවට ආදේශ කරනවාට. කවුරුත් ඒකට කැමති නෑ. මම ආබාධයට ලක්වෙලා ඉන්න කොටත් Juventus වෙනුවෙන් උදව් කරන්න මම උත්සාහ කළා.” රොනාල්ඩෝ එම සිදුවීම පිළිබඳව අදහස් දක්වමින් කියා සිටියා.

එළඹෙන සෙනසුරාදා Juventus කණ්ඩායම Atalanta කණ්ඩායම සමඟින් තරග වැදීමට නියමිතය.

>> පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<