ශෙහාන්ගේ අර්ධ ශතකය ජයග්‍රහණයට මඟ පාදයි

647
BMS v MMMCC

ශ්‍රී ලංකා ව්‍යාපාර කළමනාකරණ විද්‍යාලය (BMS) කඩුළු 7කින් ජයග්‍රහණය වාර්තා කරමින් රෙඩ්බුල් විශ්ව විද්‍යාලීය විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ තවත් දවසක් නිමාවට පත්විය. ඔවුන් හමුවේ පරාජයට පත්වූයේ  ඉන්දියානු විශ්ව විද්‍යාලයක් වන මරත්වඩ මිට්‍රා මන්ඩල් විද්‍යාලයයි (MMMCC). තරගය අද සවස දෙකට පමණ අාරම්භ වූයේ NCC පිටියේදිය.

පසුගිය ලිපි: T20 සංචිතයට වෙනස්කම් රැසක්

පන්දුවාර 20කට සීමා වූ තරගයේ කාසියේ වාසිය දිනාගනිමින් පිටියට පිවිසි ඉන්දීය කණ්ඩායමට වාර්තා කිරීමට හැකි වූයේ කඩුළු 8ක් දැවී ලකුණු 169කි. අාරම්භක පිතකරු ලෙස පිටියට පිවිසි සවුරාබ්හ් සන්ක්ලෙචා පන්දු 18ක් භාවිතා කරමින් ලකුණු 27ක් වාර්තා කලේ 4 පහර 4ක් සහ එක් 6 පහරක් වාර්තා කරමිනි.

ඉන්දීය විශ්ව විද්‍යාලීය කණ්ඩායමේ වැඩිම ලකුණුලාභියා වූයේ ඔම්කාර් ක්හාප්ටේ ය. ඔහුගේ අනගි ඉණිම 4 පහර 6කින් සහ 6 පහර දෙකකින් වර්ණවත් වූ අතර ලකුණු 46ක් ලබා ගත්තේ පන්දු 26ක් භාවිතයෙනි. රනිත ලියනාරච්චිගේ පන්දුවක් හමුවේ තිලක්ෂ සුමනසිරි විසින් ඔහුව දවා ගන්නා විට කණ්ඩායමේ ලකුණු පුවරුව දැක්වූයේ 76/2 ලෙසිනි.

ඉන්පසුව ඉන්දීය කණ්ඩායමට ජයග්‍රහණය වෙනුවෙන් බලාපොරොත්තු තබා ගත හැකි ලකුණු 34ක් වාර්තා කිරීමට අතුල් විට්කාර් සමත් විය. ඔහු විසින් පිත්තෙන් 6 පහර 4ක් එල්ල කල අතර භානුක අධීෂගේ පන්දුවක් හමුවේ ඔහු දැවී යන ලදි. ඉන්පසුව BMS කණ්ඩායමේ විශිෂ්ට ලෙස ප්‍රතිවාදීන් මෙල්ල කල අතර නියමිත පන්දුවාර ගණන අවසන් වන තෙක් කිසිම ක්‍රීඩකයෙකුට සාර්ථක සබඳතාවයක් පවත්වා ගෙන යෑමට අවස්ථාවක් නොලැබිනි.

MMMCC – 169/8 (20) – ඔම්කාර් ක්හාප්ටේ 46, අතුල් විට්කාර් 34, සවුරාබ්හ් සන්ක්ලෙචා 27, රුෂාබ්හ් රතෝඩ් 17, ධංරාජ් ෂිංඩේ 14, ගෙෂාන් විමලධර්ම 3/33, ඩෙවින් පත්මනාදන් 1/20.

අනතුරුව ඉන්දීය විශ්ව විද්‍යාලයේ අභියෝගයත් සමඟින් පිටියට පිවිසි BMS කණ්ඩායමේ ශෙහාන් ජයසූරිය විසින් නොදැවී රැස් කල ලකුණු සංඛ්‍යාව 56*ක්. ඊට 4 පහර 7ක් සහ 6 පහරක් අැතුලත් විය. ඔහුට සහය වෙමින් ජනිත් ලියනගේ නොදැවී ලකුණු 28ක් වාර්තා කලේ පන්දු 25කදි 4 පහරක් සහ 6 පහරක් වාර්තා කරමිනි.

යෂ් නහර්ගේ පන්දුවකට BMS කණ්ඩායමේ පළමු කඩුල්ල ලෙස දැවී ගියේ ලකුණු 28ක් ලබා ගත් ගෙෂාන් විමලධර්මයි. ඒ වන විට කණ්ඩායමේ ලකුණු පුවරුව 39/1 ලෙස සටහන් විය. කණ්ඩායමේ දෙවැනි කඩුල්ල ලෙස දැවී ගියේ මනෝජ් සරත්චන්ද්‍රයි. එම කඩුල්ලේ අයිතිය හිමිවූයේ අතුල් විට්කර් හටයි. මනෝජ් දැවීයන විට ඔහු 4 පහර දෙකක් සමඟින් ලකුණු 17ක් ලබා ගන්නා ලදි. ඉණිමේ තෙවැනි කඩුල්ල ලෙස දැවී ගියේ නිරෝෂන් දික්වැල්ල යි. ඔහු දැවීයන විට ලකුණු 24ක් රැස් කරගෙන තිබුනේ පන්දු 23කදි 4 පහරක් සහ 6 පහරක් සමඟිනි.

අවසානයේ දි පන්දුවාර 16යි පන්දු 3කදි  ලකුණු 170ක ඉලක්කය පසුකරමින් BMS කණ්ඩායම ජයග්‍රහණය වාර්තා කිරීමට සමත් විය. ඒ මුළු ලකුණු 174ක් වාර්තා කරමිනි.

BMS – 174/3 – ශෙහාන් ජයසූරිය 56*, ජනිත් ලියනගේ 28*, ගෙෂාන් විමලධර්ම 28, නිරෝෂන් දික්වැල්ල 24, මනෝජ් සරත්චන්ද්‍ර 17, යෂ් නහර් 2/25, ඔම්කාර් ක්හාප්ටේ 1/16.

BMS කණ්ඩායමට කඩුළු 7ක ජයක් හිමි විය.

තරගයේ වීරයා – ශෙහාන් ජයසූරිය
තරගයේ විනිසුරුවරුන් – සුසන්ත දිසානායක, හේමන්ත බොතේජු

මීට අමතරව මෙම තරගාවලියේ තවත් තරග තුනක් අද පැවැත්වූ අතර ඒ්වායේ තොරතුරු පහත පරිදි වේ.


ඩුබායි හෙරිඔට් වොට් විශ්ව විද්‍යාලය සහ ලාහෝර් මධ්‍යම පන්ජාබ් විශ්ව විද්‍යාලය (NCC පිටිය)

  • හෙරිඔට් වොට් විශ්ව විද්‍යාලය: 135/9
  • මධ්‍යම පන්ජාබ් විශ්ව විද්‍යාලය: 138/3
  • තරගයේ වීරයා අලී සුල්තාන්
  • කඩුළු 7ක ජය මධ්‍යම පන්ජාබ් විශ්ව විද්‍යාලයට

බංග්ලාදේශ් ලිබරල් කලා විශ්ව විද්‍යාලය සහ සිඩ්නි විශ්ව විද්‍යාලය (SSC)

  • ලිබරල් කලා විශ්ව විද්‍යාලය: 75/0
  • සිඩ්නි විශ්ව විද්‍යාලය: 74/10
  • තරගයේ වීරයා: එම්. ඩී. හසනුස්සමාන්
  • කඩුළු 10ක ජය සිඩ්නි විශ්ව විද්‍යාලයට

ලාෆ්බොරෝ විශ්ව විද්‍යාලය සහ ප්‍රිටෝරියා විශ්ව විද්‍යාලය (SSC)

  • ලාෆ්බොරෝ විශ්ව විද්‍යාලය: 145/7
  • ප්‍රිටෝරියා විශ්ව විද්‍යාලය: 199/5
  • තරගයේ වීරයා: රුබින් හර්මන්
  • ලකුණු 54ක ජය ප්‍රිටෝරියා විශ්ව විද්‍යාලයට

තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල්පිටුවට