ජයටම යන සභාපති කුසලාන කැරම් ශූරතාවලිය

253

ශී‍්‍ර ලංකා කැරම් සම්මේලනය මෙහෙයවන ලද 16 වැනි සභාපති කුසලාන කැරම් ශූරතාවලියේ පිරිමි යුගල අවසන් තරග වටයේදී චරිත් මධුසංක හා එම්. ෂෙරීෆ්ඞීන් තරග වට 2/0 ක් (25/07, 25/08) ලෙසින් පරාජය කරමින් පහසු ජයක් වාර්තා කිරීමට චමිල් කුරේ සමග බි‍්‍රන්ඞ්ලි වික‍්‍රමසිංහ සමත් විය.

පිරිමි කේවල, කාන්තා කේවල, පිරිමි යුගල, කාන්තා යුගල වශයෙන් තරග ඉසව් හතරකින් සමන්විතව අපේ‍්‍රල් 23 වෙනිදා සිට කොහුවල ශී‍්‍ර ලංකා කැරම් සම්මේලන මූලස්ථානයේ පැවැත්වෙන මෙම ශූරතාවලිය සඳහා දිවයිනේ සියලූම ප‍්‍රදේශ නියෝජනය කරමින් තරගකරුවන් තුන්සීයකට අධික පිරිසක් සහභාගී වූහ.

මෙම ශූරතාවලියේ කාන්තා යුගල අවසන් තරග වටයේදී ජෝශප් රොසීටා සහ ජෝශප් දිල්කා තරග වට 2/0 ක් (25/23, 25/10) ලෙසින් පහසුවෙන් පරාජය කරමින් මෙවර කාන්තා යුගල ශූරතාවලිය දිනා ගැනීමට චලනි ලක්මාලි සමග යසිකා රාහුබද්ධ සමත් වූවාය.

පිරිමි යුගල තෙවන ස්ථානය ඞී.එන්. ප‍්‍රනාන්දු සමඟ තරංග කැළුම් (25/0, 25/08) විසින් ද, කාන්තා යුගල තෙවන ස්ථානය තරුෂි හිමහංසිකා සමඟ සදිනි නිරාශා (15/27, 25/09,25/21) විසින් ද හිමිකර ගන්නා ලදී. මෙවර සභාපති කුසලාන කැරම් ශූරතාවලියේ පිරිමි කේවල හා කාන්තා කේවල තරග අපේ‍්‍රල් මස 30 වෙනිදා සිට මැයි මස 29 වෙනිදා දක්වා සති අන්ත දිනවල ශී‍්‍ර ලංකා කැරම් සම්මේලන මූල ස්ථානයේ පැවැත්වෙන අතර, මැයි මස 29 වෙනි දින අවසන් තරග පැවැත්වීමෙන් පසු මීට පෙර පවත්වන ලද ග‍්‍රෑන්ඞ්ස්ලෑම් කැරම් ශූරතාවලිය, ජාතික කණිෂ්ඨ කැරම් ශූරතාවලිය සහ සභාපති කුසලාන කැරම් ශූරතාවලියේ ත්‍යාග, කුසලාන හා සහතික පත් පිරිනැමීමට ශී‍්‍ර ලංකා කැරම් සම්මේලනය කටයුතු සංවිධානය කර ඇත.

ඡායාරූප : සුනන්ද කෝදාගොඩ