Philippe Coutinho පාට මාරු කරයි

156
FCB/FC Bayern München AG/dpa

සිය බිඳ වැටුණු ක්‍රීඩා දිවිය නැවත වතාවක් සාර්ථකත්වයට රැගෙන යාමට Philippe Coutinho, ජර්මානු දැවැන්තයින් වන Bayern Munich පාපන්දු ක්‍රීඩා සමාජය හා එක්ව තිබේ.

Paul Pogba වෘකයින් ඉදිරියේ දණින් වැටේ

Ruben Nevesගේ සුපිරි ගෝලයෙන් හා Rui Patricioගේ සුපිරි ගෝල රැකීමෙන්..

මීට දින කිහිපයකට පෙර නිල වශයෙන් ඔහු Bayern Munich කණ්ඩායම හා එක්වුනු අතර අද (20) ඔහු සිය පළමු පුහුණු සැසියට සහභාගී විය. 

සුපිරි ක්‍රීඩක Arjen Robbenගේ අංක 10 සුවිශේෂී ජර්සිය Coutinho හට ලබා දී ඇත්තේ විශ්‍රාම ගිය Robbenගේ සහ නැවත රියාල් මැඩ්රිඩ් කණ්ඩායමට ගිය James Rodríguezගේ හිස්තැන පිරවීමේ සම්පූර්ණ වගකීම Coutinhoට පවරමිනි. 

Liverpool කණ්ඩායමේ සිටිය දී සුපිරි දස්කම් දැක්වූ Coutinho, 2018 ජනවාරි මාසයේ දී ඇමරිකානු ඩොලර් මිලියන 255ක මුදලකට බාසිලෝනා කණ්ඩායම හා එක්විය. ඒ Spurs සහ Arsenal කණ්ඩායම්වල ආරාධනා ප්‍රතික්ෂේප කරමිනි.  

Philippe Coutinho බාසිලෝනා හිදී හුදකලා වූ අතර ඔහුට අඛණ්ඩව තරග නොලැබීම ද ඔහු අසාර්ථක වීමට හේතුවක් විය. ඒ නිසාම බාසිලෝනා හා එක්ව මාස 18කට පසුව ඔහු Bayern Munich කණ්ඩායම සමඟ එක්ව තිබෙන්නේ වසරක loan අවස්ථාවක් යටතේය. 

Bayern Munich කණ්ඩායමට අවශ්‍ය නම් වසරක් අවසානයේ ඇමරිකානු ඩොලර් මිලියන 197ක මුදලකට Coutinho මිල දී ගත හැකිය. 

Coutinho බාසිලෝනා කණ්ඩායමට එක්වූයේ සුපිරි ස්පාඤ්ඤ ක්‍රීඩක Andres Iniestaගේ අඩුව පිරවීමේ අරමුණිනි. 

පසුගිය තරග වාරය පුරාම ඔහු එතරම් සාර්ථක නොවූ අතර ස්පාඤ්ඤ මාධ්‍ය වලින් එල්ල වූ විවේචන නිසාවෙන්ම බාසිලෝනා පුහුණුකරු Ernesto Valverde ඔහු පිළිබඳව එතරම් විශ්වාසයක් තැබුවේ නැත.  

බ්‍රසීල ප්‍රේක්ෂකයින් ‘Little Magician’ ලෙස හඳුන්වන Coutinho, සිය ක්‍රීඩා දිවිය තුළ මුහුණ දෙන නරකම කාලය මෙය බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබුණි. 

බ්‍රසීලයේ රියෝ හි Northern Rocha ප්‍රදේශයේ ඉපදී හැදී වැඩුණු Coutinho, ඉතා දුප්පත් පසුබිමක හැදී වැඩුනත් කුඩා කල සිටම ඔහු පාපන්දු ක්‍රීඩාවට සුපිරි දක්ෂයෙක් විය. 

බාසිලෝනා හිදී අපි බලාපොරොත්තු වුනා වගේ ගොඩක් දේවල් වුනේ නැහැ.” ඔහු මියුනික් හිදී පැවති මාධ්‍ය හමුවක දී ප්‍රකාශ කළේය. 

ඒ වුනත් දැන් ඒ සියලු දේ අතීතය පමණයි. මම බලාපොරොත්තු වෙනවා මෙහෙ ගොඩක් කල් ඉන්න වගේම ගොඩක් ශූරතා කුසලාන දිනන්න.

“Bayern කණ්ඩායමේ අංක 10 ජර්සිය ගොඩක් ලොකු වගකීමක්.” යයි ඔහු තවදුරටත් ප්‍රකාශ කර ඇත. 

“ඒක අයිති වුනේ Robbenට. ඔහු පාපන්දු ක්‍රීඩාවේ විශිෂ්ටයෙක්. මම බලාපොරොත්තු වෙනවා ඔහුගේ වගේම Bayern ක්‍රීඩාලෝලීන් බලාපොරොත්තු වෙන විදියටම ඉතා හොඳින් ක්‍රීඩා කරන්න.” 

Bayern ප්‍රධාන විධායක Karl-Heinz Rummenigge මෙසේ පවසා සිටියේය. 

“අපි ගොඩක් කාලෙක ඉඳන් Philippe Coutinho සමඟ සාකච්ඡා කළා. අපි බොහොම සතුටුයි මෙම හුවමාරුව සාර්ථක කර ගැනීමට හැකි වුනු එක ගැන.” 

“මෙම ගනුදෙනුව සාර්ථක කර ගැනීමට සහාය වීම පිළිබඳව අපි බාසිලෝනා කණ්ඩායමට ස්තුතිවන්ත වෙනවා. Philippe, අපේ කණ්ඩායම ප්‍රහාරක ශක්තිය මෙන්ම ඔහුගේ විශේෂ තාක්ෂණයෙන් ඔහු කණ්ඩායමේ නිර්මාණශීලී බවත් වැඩි කරාවි.” 

Coutinho මෙම තරග වාරයේ බාසිලෝනා පළමු තරගය සඳහා එක්වූයේ නැත. සුපිරි ක්‍රීඩක Lionel Messi ද නොමැතිව තරග කළ බාසිලෝනා කණ්ඩායම Athletic Bilbao කණ්ඩායම හමුවේ නොසිතූ පරාජයක් ලැබීය. 

බාසිලෝනා කණ්ඩායම වෙනුවෙන් තරග 76ක් ක්‍රීඩා කර ඇති Coutinho, එහි දී ගෝල 21ක් වාර්තා කිරීමට සමත්ව ඇත. කෙසේ වෙතත් එහි දී බලාපොරොත්තු වූ ලෙස සාර්ථක වීමට ඔහුට හැකි වූයේ නැත.

Manchester City ජයග්‍රහණයට VAR හා විනිසුරු හරස් වෙයි!

ජර්මානු Bundesliga තරගාවලිය හා ස්පාඤ්ඤ La Liga තරගාවලිය අද (17) අලුයම ආරම්භ..

බාසිලෝනා කණ්ඩායම, සුපිරි ක්‍රීඩක නේමාර් නැවත PSG කණ්ඩායමෙන් ගෙන්වා ගැනීම සඳහා Coutinho හුවමාරු කර ගැනීමට බලාපොරොත්තු වන බව මීට පෙර වාර්තා වී තිබුණි. ඒ යුරෝ මිලියන 100ක් හා Coutinhoව පැරිස් කණ්ඩායමට ලබා දීමෙනි. 

මේ මස මුල දී Tottenham හා බාසිලෝනා අතර Coutinho වෙනුවෙන් පැවති සාකච්ඡා බිඳ වැටුණු අතර Arsenal ද ඔහු පිළිබඳ උනන්දුවක් දක්වා තිබුණි. මේ පසුබිම යටතේම Liverpool කණ්ඩායම ඔහුව නැවත ගෙන්වා ගැනීම සඳහා කැමැත්තක් දැක්වූ බව ද Liverpool පුහුණුකරු මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසා තිබිනි.

>> පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<