නිල දැල්පන්දු සංචිතය: හිටපු නායිකා සේමිණි අතිරේක ලැයිස්තුවට

357
official netball squad for Asia championship

තායිලන්තයේදී පැවැත්වෙන 10 වැනි ආසියානු දැල්පන්දු තරගාවලිය සඳහා සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායම තෝරාගැනීමට අදාළව පැවැති පරීක්‍ෂණයෙන් පසුව අතිරේක ක්‍රීඩිකාවන් තිදෙනකු ඇතුළුව ක්‍රීඩිකාවන් 15 දෙනකුගෙන් යුත් නව සංචිතයක් ප්‍රකාශයට පත්කර තිබේ.

පසුගිය ලිපි: ලෝක කුසලාන දැල්පන්දු නායිකාව “ගිරයට” හසුවන ලකුණු

එහිදී පසුගිය 2015 ලෝක කුසලාන දැල්පන්දු තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවූ සේමිණි අල්විස් හා එම කණ්ඩායමට ඇතුළත් වූ විරාජි චමරිකාද අතිරේක ක්‍රීඩිකා ලැයිස්තුවට ඇතුළත් කර තිබීමද විශේෂත්වයකි.

ලබන ජුලි 30 වැනිදා සිට අගෝස්තු 7වැනිදා දක්වා තායිලන්තයේ පැවැත්වෙන ආසියානු දැල්පන්දු ශූරතාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායම තෝරාගැනීමට අදාළව 39 දෙනකුගෙන් සමන්විත සංචිතයකින් 18 දෙනකු මෙයට පෙර තෝරාගෙන තිබුණද, එම සංචිතය ක්‍රීඩා ඇමැතිවරයාගේ නියමයෙන් අවලංගු කළ බැවින් නැවත විවෘත තේරීම් පරීක්‍ෂණයක් පැවැත්වීමට දැල්පන්දු තේරීම් කමිටුව කටයුතු කර තිබිණි.

පසුගිය ලිපි: ආසියානු දැල්පන්දු ශූරතාවලියේ ශ්‍රී ලංකා පළමු මෙහෙයුම එමීර් රාජ්‍යට එරෙහිව

ඒ අනුව දෙවැනි වරටත් පැවැති මෙම තේරීම් පරීක්‍ෂණය සඳහා ක්‍රීඩිකාවන් 41 දෙනකු සහභාගි වී තිබූ අතර, එයින් තෝරාගැනුණු 20දෙනා අතුරින් මෙවර තෝරාගැනු 15 දෙනාට නාවලපිටිය ජයසිංහ ගෘහස්ථ ක්‍රීඩාගාරයේදී පෙරේදා සිට (12දා) සිට සති දෙකක පමණ පුහුණුවක් ලබා දීමට නියමිතය.

තෝරාගනු ලැබූ 15 දෙනාගේ සංචිතය දර්ශිකා අබේවික්‍රම, හසිතා මෙන්ඩිස්, ගයංජලී අමරවංශ, තිළිණි වත්තෙගෙදර, සුරේඛා කුමාරි, දීපිකා දර්ශනී, ගයනි දිසානායක, තිවංකා පෙරේරා, රුවිනි යටිගම්මන, ශ්‍යාමලී රත්නායක, කාංචනා ජයවීර, දුලංජි ධනංජනී

අතිරේක – සේමිණී අල්විස්, විරාජි චාමරිකා, පූර්ණිමා ලක්මාලි

තවත් පුවත් සදහා මුල් පිටුවට පිවිසෙන්න