ආසියානු දැල්පන්දු ශූරතාවලියේ ශ්‍රී ලංකා පළමු මෙහෙයුම එමීර් රාජ්‍යට එරෙහිව

360
Sri Lanka netball team asia championship

එළැඹෙන ජූලි මස 31 වැනිදා සිට අගෝස්‌තු මස 07 වැනිදා දක්‌වා තායිලන්තයේ පැවැත්වීමට නියමිත 10 වැනි ආසියානු දැල්පන්දු ශූරතාවලියට තරග වදින කණ්‌ඩායම් ඊයේ (01 දා) ආසියානු දැල්පන්දු සම්මේලනය විසින් කාණ්‌ඩගත කර තිබේ.

පසුගිය ලිපි: ආසියානු දැල් පන්දු ශූරතාවලියේ මුලික සංචිතය

ඒ අනුව පිට පිට දෙවතාවක්‌ ශූරයන් වූ සිංගප්පූරු කණ්‌ඩායම කාණ්‌ඩයෙන් තරග වැදීමට නියමිත අතර හොං කොං, චීන තායිපේ, තායිලන්තය හා මාලදිවයින එම කාණ්‌ඩයේ සෙසු කණ්‌ඩායම් වේ.

බීකාණ්‌ඩයෙන් තරග වදින ශ්‍රී ලංකාවේ ප්‍රතිවාදීන් බවට මැලේසියාව, බෲනායි, ජපානය, ඇෆ්ගනිස්‌ථානය මෙන්ම එක්‌සත් අරාබි එමීර් කණ්‌ඩායම පත්ව තිබේ.

ශ්‍රී ලංකා කණ්‌ඩායම සහභාගී වන පළමු තරගය ජූලි මස 31 වැනිදා එක්‌සත් අරාබි එමීර් රාජ්‍ය සමග ශ්‍රී ලංකා වේලාවෙන් ප.ව. 12.30 පැවැත්වේ.

එහිදී ඇෆ්ගනිස්‌ථානය සමග පැවැත්වෙන දෙවන තරගය අගෝස්‌තු මස 1 වැනිදාත් (ප.ව. 1.00 ට), තෙවැනි තරගය අගෝස්‌තු මස 2 දා ප.ව. 7 ටත් පැවැත්වීමට නියමිතය.

අනතුරුව අගෝස්‌තු 3 දා ප.ව. 7.00 ට මැලේසියාව සමගින් තරග වදින ශ්‍රී ලංකා කණ්‌ඩායම බීකාණ්‌ඩයෙන් තරග වදින අවසන් තරගයේදී බෲනායි කණ්‌ඩායම සමගින් තරග වදිනු ඇත. මීට අමතරව තරගාවලියේ විවේක දිනය වශයෙන් අගෝස්‌තු 5 වැනිදා නම්කර ඇති අතර 6 දා පැවැත්වෙන පළමු අවසන් පූර්ව තරගයේදී කාණ්‌ඩයේ ශූරයන් බීඅනුශූරයන් සමගත්, එහි දෙවැනි තරගයේදී බීකාණ්‌ඩයේ ශූරයන් අනුශූරයන් සමගිනුත් අවසන් මහා තරග අවස්‌ථාව ලබාගැනීමේ අරමුණින් තරග වදියි. මේ වන විට ශ්‍රී ලංකා කණ්‌ඩායම තේරීම වෙනුවෙන් 18 දෙනෙකුගෙන් යුත් සංචිතයක්‌ නම්කර තිබෙන අතර ඉන් 12 දෙනකුගෙන් යුත් අවසන් සංචිතය තේරීම මෙම මස 7 සහ 8 යන දිනයන්හිදී පැවැත්වීමට නියමිත බවට වැඩිදුරටත් වාර්තා වේ.

තවත් පුවත් සිංහලෙන්ම කියවන්න – පිවිසෙන්න