සුරතලුන්ගේ එක්දින තරගයේ ජය සාන්ත සිල්වෙස්තර විද්‍යාලයට

277

මහනුවර සාන්ත සිල්වෙස්තර විද්‍යාලය සහ විද්‍යාර්ථ විද්‍යාලය අතර මහනුවර අස්ගිරිය ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී 31 වැනි වරටත් පැවති සුරතලුන්ගේ වාර්ෂික එක්දින තරගයෙන් කඩුලු 5ක ජයග්‍රහණයක් ලබා ගැනීමට සාන්ත සිල්වෙස්තර ක්‍රීඩකයෝ අද (24) සමත් වූහ.

ආදරවන්තයන්ගේ එක්දින සටන මහින්දයන් ජය ගනී

114 වැනි ආදරවන්තයන් වෙනුවෙන් වෙන් වූ කුසලාන රිච්මන්ඩ් විද්‍යාලය ජය ගත්ත ද අද (23) ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දී නිමා වූ ආදරවන්තයන්ගේ එක්දින…

කාසියේ වාසිය දිනා ගත් සිල්වෙස්තර ක්‍රීඩකයන්ගේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි විද්‍යාර්ථ ක්‍රීඩකයෝ සියලුම දෙනා දැවී ලකුණු 167ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ලෙසින් සාන්ත සිල්වෙස්තර ක්‍රීඩකයෝ පන්දු 23ක් සහ කඩුලු 5ක් ඉතිරිව තිබිය දී තම ඉලක්කය සපුරා ගත්හ.

විද්‍යාර්ථ විද්‍යාලය; සියලුම දෙනා දැවී 167 (47.2) කසුන් කරුණාතිලක 46, කවිශ්ක දිල්හාර 31, දුමිදු ඉමන්ත 27, පසන් හෙට්ටිආරච්චි 3/25, නිශාන්ත ඉන්ද්‍රජිත් 2/30, මනෝහරන් පවිතරන් 2/29

සාන්ත සිල්වෙස්තර විද්‍යාලය; කඩුලු 5ක් දැවී 169 (46.1) අවිඳු හේරත් 40, නදීර බාලසූරිය නොදැවී 52, පසන් හෙට්ටිආරච්චි 22

Photos: Vidyartha College vs St. Sylvester’s College – 32nd One Day Encounter


බලපිටි විරුවන්ගේ ජයග්‍රහණය රේවතයන්ට

බලපිටිය සිද්ධාර්ථ විද්‍යාලය සහ රේවත විද්‍යාලය අතර 32 වැනි වරටත් පැවති බලපිටි විරුවන්ගේ සංග්‍රාමයේ දී කඩුලු 10ක ජයග්‍රහණයක් ලබා ගැනීමට රේවත විද්‍යාලය සමත් විය.

බලපිටිය සිද්ධාර්ථ විද්‍යාලයීය පිටියේ දී ආරම්භ වූ මෙම තරගයේ දී කාසියේ වාසිය දිනා ගත් සිද්ධාර්ථ ක්‍රීඩකයෝ පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසෙමින් තම පළමු ඉනිමට සියලුම දෙනා දැවී ලකුණු 102ක් ලබා ගත්හ.

ඊට පිළිතුරු ලෙසින් රේවත ක්‍රීඩකයෝ තම පළමු ඉනිමට කඩුලු 9ක් දැවී ලකුණු 199ක් ලබා ගත්හ. ලකුණු 97ක් පිටුපසින් සිටිමින් පිටියට පිවිසි සත්කාරක සිද්ධාර්ථ ක්‍රීඩකයෝ තම දෙවැනි ඉනිමට ලබා ගත්තේ ලකුණු 120ක් පමණි. එම ඉනිමේ දී මියුරු ඩිල්ෂාන් අර්ධ ශතයක් ලබා ගැනීම කැපී පෙණුනි. ඒ අනුව ජයග්‍රහණය වෙනුවෙන් ලකුණු 24ක ඉලක්කයකට පිටියට පිවිසි රේවත ක්‍රීඩකයෝ එය 7 වැනි පන්දු වාරයේ දී සපුරා ගත්තේ කිසිදු කඩුල්ලක් ලබා නොදෙමිනි.

සිද්ධාර්ථ විද්‍යාලය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 102 (37) දිලුක්ෂ මධුශාන් 33, රමේෂ් මධුශංක 5/31, චාමර ප්‍රියදර්ශන 3/30

රේවත විද්‍යාලය; පළමු ඉනිම කඩුලු 9ක් දැවී 199 (52) චාමර දනුශ්ක 36, නවිඳු පැහැසර 32, චාමර ප්‍රියදර්ශන නොදැවී 31, සහන් සංකල්ප 28, නදීෂ විරාජ් 5/46

සිද්ධාර්ථ විද්‍යාලය; දෙවැනි ඉනිම සියලුම දෙනා දැවී 120 (29.2) මියුරු ඩිල්ෂාන් 52, කවිඳු කල්හාර 20, රමේෂ් මධුශංක 4/14, චාමර ප්‍රියදර්ශන 4/28, උදේශ් කුමාර 2/13

රේවත විද්‍යාලය; දෙවැනි ඉනිම කිසිවෙක් නොදැවී 24 (6.3)

ලක්ෂාන්ගේ සටන්කාමී ශතකය නිසා එක්දින සටනේ ජය ජෝසප්වරුන්ට!

මෙවර පාසල් මහා ක්‍රිකට් තරග වාරය නියෝජනය කරමින් පැවති 85 වැනි සාන්තුවරයින්ගේ සටන නිමාවට පත්වූයේ ජය පැරදුමකින් තොරවයි. ඒ නිසාම අද එම විද්‍යාල දෙක…

ධර්මරාජ විද්‍යාලයට ලකුණු 28ක ජයක්

මහනුවර ධර්මරාජ විද්‍යාලය සහ කිංග්ස්වුඩ් විද්‍යාලය අතර වාර්ෂිකව පැවති එක්දින සීමිත පන්දුවාර ක්‍රිකට් තරගයේ දී ලකුණු 28ක ජයග්‍රහණයක් ලබා ගැනීමට ධර්මරාජ විද්‍යාලය සමත් විය.

Photos: Dharmaraja College vs Kingswood College – 29th One Day Encounter

කාසියේ වාසිය දිනූ කිංග්ස්වුඩ් නායකයාගේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි ධර්මරාජ ක්‍රීඩකයෝ සියලුම දෙනා දැවී ලකුණු 111ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ලෙසින් කිංග්ස්වුඩ් ක්‍රීඩකයන්ට ලබා ගත හැකි වූයේ ලකුණු 83ක් පමණි.

ධර්මරාජ විද්‍යාලය; සියලුම දෙනා දැවී 111 (33.3) සචින්ත සේනානායක 36, දුලාජ් බණ්ඩාර 23, දීඝායු බණ්ඩාර 4/22, දවිඳු දිසානායක 3/17

කිංග්ස්වුඩ් විද්‍යාලය; සියලුම දෙනා දැවී 83 (36.1) දුමිඳු ධම්සික 15, උපේන්ද්‍ර වර්ණකුලසූරිය 3/09, මිතිල ගයාෂාන් 2/27, විරාජිත් ඇහැළේපොළ 3/20

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<