නේමාර්ට තවත් අකරතැබ්බයක්

220

බ්‍රසීලයේ හා PARIS SAINT GERMAIN කණ්ඩායම් වල ප්‍රබල ඉදිරිපෙළ ක්‍රීඩකයෙකු වන නේමාර් ද සිල්වාට තවත් අකරතැබ්බයකට මුහුණ දීමට සිදුව තිබේ. ඒ ප්‍රංශයේ පැරිස් හි හෝටලයක දී තමන්ට ලිංගික අඩන්තේට්ටම් කළා යැයි කාන්තාවක් හා ඇගේ පියා විසින් නේමාර්ට විරුද්ධව පැමිණිලි කර තිබීම නිසාවෙනි. නේමාර් මෙම චෝදනාව ප්‍රතික්ෂේප කර ඇති බව ද සඳහන්.

Sao Paolo පොලිසියට මෙලෙස නේමාර්ට විරුද්ධව පැමිණිලි කර ඇති බව UOL හා Global Esporte වෙබ් අඩවි විසින් වාර්තා කළා. එම පැමිණිල්ලට අනුව නේමාර්ට “ලිංගිකව හැසිරීම සඳහා කාන්තාවගේ කැමැත්තකින් තොරව බලහත්කාරකම් සිදු කිරීම” ලෙස චෝදනා එල්ල වී තිබේ.

නේමාර් කට වරද්දා ගනී

බ්‍රසීලයේ සුපිරි පාපන්දු තරුවක් වන නේමාර් ද ………..

“මට දූෂණ චෝදනාවක් එල්ල වෙලා තියනවා. ඒක ගොඩක් බරපතළ චෝදනාවක්.” නේමාර් විනාඩි 7ක වීඩියෝවක් Instagram හි පලකරමින් සඳහන් කළා.

“මම පුදුමයට පත් වුනා. ඒක ගොඩක් කැත වගේම දුක්බර සිදුවීමක්. මාව දන්න අය දන්නවා මම මොන තරම් කරුණාවන්ත කෙනෙක් ද කියලා. මම කවදාවත් එවැනි දෙයක් නොකරන බව ඔවුන් දන්නවා.”

27 හැවිරිදි නේමාර් අදාළ කාන්තාව හා තමන් අතර WhatsApp ඔස්සේ සිදු වූ කතාබහක් ප්‍රසිද්ධියට පත්කළ අතර එහි එම කාන්තාවගේ අඩ නිරුවත් ඡායාරූප ද ඇතුළත් වේ.

“මේවා අභ්‍යන්තර සිදුවීම් වුනත් මගේ නිර්දෝෂී කියලා ඔප්පු කරන්න මේවා ප්‍රසිද්ධ කරන්න වෙනවා.”

නේමාර්ට චෝදනා එල්ල කරන කාන්තාවගේ අනන්‍යතාවය තවමත් හඳුනා ගෙන නැත. ඇය බ්‍රසීලයේ ජීවත් වන අතර නේමාර්ටව ඇයව හමුවී ඇත්තේ Instagram හරහා ය. එම හඳුනා ගැනීමෙන් පසුව නේමාර් විසින් ඇයට පැරීසියට පැමිණීමට ආරාධනා කර ඇත. ඒ මැයි මාසයේ දී ය.

නේමාර්ට එල්ල වී ඇති චෝදනාවට අනුව නේමාර් බීමතින් අදාළ කාන්තාව රැඳී සිටි හෝටලය පැමිණ ඇත. පසුව ඔවුන් දෙදෙනා කතාබහක නිරත වී ඇති අතර පසුව නේමාර් විසින් “ලිංගිකව හැසිරීම සඳහා ඇයගේ අකැමැත්තෙන් ඇයට බලහත්කාරකම්” සිදු කර ඇති බව චෝදනාවල දැක්වේ.

නේමාර්ගේ නියෝජිතයා වන ඔහුගේ පියා වන නේමාර් සැන්ටෝස් බ්‍රසීලයේ Bandeirantes සමඟ පැවති මාධ්‍ය සාකච්ඡාවක දී මෙම චෝදනා සියල්ල ප්‍රතික්ෂේප කර ඇත. ඔහු පවසා සිටියේ “මේක බොරුවක්. ඔහු කවදාවත් අපරාධයක් කරන්නේ නෑ” ලෙසයි. “අපි ගාව සාක්ෂි තියනවා. අපි ඒ සියල්ල අපේ නීතිඥයන්ට ලබා දුන්නා.”

නේමාර් සැන්ටෝස්ට අනුව නේමාර් ද සිල්වා ඇයව හමුවී ඇති අතර නැවත ඇයව හමුවීම ප්‍රතික්ෂේප කර ඇත. මේ නිසා එම කාන්තාව නේමාර්ගෙන් හා නේමාර්ගේ පවුලෙන් මුදල් ලබාගැනීමට උත්සාහ කළ බව ද සැන්ටෝස් පවසා තිබේ.

හයවැනි වරටත් යුරෝපීය ශූරයෝ ලිවර්පූල්

යුරෝපීය පාපන්දුවේ වාර්ෂික මෞලි මංගල්‍යය වන………

“මගේ පුතාට ගොඩක් චෝදනා තියනවා. ඒත් මම දන්නවා මගේ පුතා මොන වගේ කෙනෙක් ද කියලා. මේක උගුලක් කියලා පැහැදිලියි.”

නේමාර් විසින් ප්‍රසිද්ධ කරන ලද සමාජ මාධ්‍ය කතාබහ, නේමාර්ව එම චෝදනාවලින් නිදහස් කරනු ඇතැයි ඔහුගේ පියා පවසා ඇත.

මෙම පුවත පල කළ මාධ්‍ය වාර්තාවලට අනුව අදාළ කාන්තාව මැයි මස 15 සිට 17 දක්වා පැරීසියේ රැඳී සිට ඇති නමුත් ඇය නේමාර්ට විරුද්ධව චෝදනා ගොනු කර ඇත්තේ පසුගිය සිකුරාදා ය. එයට හේතුව ලෙස ඇය පවසා ඇත්තේ ඇය “මානසික කම්පනය”ට ලක්ව සිටි බවයි.

2017 වසරේ වාර්තාගත යුරෝ මිලියන 222කට බාසිලෝනා කණ්ඩායමේ සිට PARIS SAINT GERMAIN කණ්ඩායම වෙත එක්වූ නේමාර් මේ දිනවල බ්‍රසීලයේ කෝපා ඇමෙරිකා (Copa America) තරගාවලියට සූදානම් වෙමින් සිටී. ඇමරිකා මහද්වීපයේ රටවල් සහභාගි වන මෙම තරගාවලිය ජුනි මස 14 සිට ජූලි මස 17 දක්වා පැවැත්වීමට නියමිතයි. නේමාර්ට එතරම් වාසනාවන්ත නොවූ පසුගිය 2018 – 2019 තරගාවලියේ තරග වැඩි ප්‍රමාණයක් ආබාධ නිසා මගහැරී ගියේය.

Sao Paulo හි ආරක්ෂක කාර්‍යාලය නේමාර්ට විරුද්ධව ඇති පැමිණිල්ල මාධ්‍ය වෙත නිකුත් කිරීම ප්‍රතික්ෂේප කර ඇත. ඒ ඔහුට විරුද්ධව ඇති චෝදනා පිළිබඳව තවමත් පරීක්ෂණ පැවැත්වෙන නිසාවෙනි.

තවත් පාපන්දු සුපිරි තරුවක් වන ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝට ද 2009 වසරේ ලාස් වේගාස් හිදී ඇමරිකානු ජාතික කාන්තාවක් දූෂණය කිරීම සම්බන්ධයෙන් චෝදනාවක් එල්ල වී ඇති අතර පෘතුගාලය හා Juventus කණ්ඩායම් නියෝජනය කරන ක්‍රිස්ටියානෝ මෙම චෝදනා ප්‍රතික්ෂේප කර තිබේ.

>> පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<