වර්ෂාවේ බාධා මැද කිවියන්ට දින තුනකින් ටෙස්ට් ජයක්!

136

නවසීලන්තයේ සංචාරයක යෙදී සිටින බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමට තවත් එක් තරගයක් ඉතිරිව තිබිය දී ම ටෙස්ට් තරගාවලියේ පරාජය භාර ගැනීමට සිදුව තිබේ. ඒ දෙරට අතර පැවති දෙවැනි ටෙස්ට් තරගයත් ඉනිමකින් සහ ලකුණු 12කින් පරාජයට පත්වීමත් සමඟයි. මෙම තරගයේ දී පරිණත දකුණත් පිතිකරු රොස් ටේලර් විශිෂ්ට ද්විත්ව ශතකයක් සමඟින් තම කණ්ඩායම ජයග්‍රහණය කරා මෙහෙයවීය.

කොදෙව් පිතිපෙළ නැවත කඩා වැටෙයි; එංගලන්තයට පූර්ණ තරගාවලි ජය!

අද හිමිදිරි පාන්දර ඇරඹුණු එංගලන්ත – කොදෙව් තෙවැනි විස්සයි විස්ස තරගය නිමාවට පත්වූයේ සිය මව් රටේ දී ම කොදෙව්වන්ගේ සුද හෝදා /p>

පසුගිය මාර්තු අට වැනිදා වෙලින්ටන් හිදී ඇරඹුණු මෙම තරගයේ මුල් දින දෙකම වර්ෂාවට සේදී ගියේ තරගය ජය පැරදුමකින් තොරව අවසන් වන බවට ඉඟි පළ කරමිනි. නමුත් ඉතිරිව තිබූ දින 3 නිවැරදිව කළමනාකරණය කර ගැනීම සඳහා නවසීලන්තය මුලින් පන්දුවට පහර දීමට ප්‍රතිවාදීන්ට ඇරයුම් කළේය. ඒ ඔවුන්ව මුල් ඉනිමේ අඩු ලකුණකට දවා ගතහොත් ජයග්‍රහණය ස්ථිර වන බැවිනි. එහි දී තම නායකයාගේ බලාපොරොත්තු ඉටු කිරීමට පෙරට පැමිණියේ වමත් වේගපන්දු යවන්නන් දෙදෙනා වන ට්‍රෙන්ට් බෝල්ට් සහ නීල් වැග්නර්යි. ඔවුන් දෙදෙනා කඩුලු 7ක් තමන් අතරේ බෙදා ගනිද්දී බංගලි මුල් ඉනිම ලකුණු 211කට අවසන් විය.

මෙම ඉනිමේ දී බංග්ලාදේශ පසුපෙළින් වැඩි සහයෝගයක් හිමි නොවූ අතර ඉනිමේ අවසන් කඩුලු 4ම ලකුණු 5ක් තුල දී බිඳ වැටුණි. ආරම්භක පිතිකරු තමීම් ඉක්බාල් පමණක් තරමක් දුරට සාර්ථක වෙමින් ලකුණු 74ක් රැස්කර ගත්තේය. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ නවසීලන්තය එක් දිනක් තුල දී ලකුණු 432ක් ලබා ගනිමින් තම සැලැස්මේ දෙවැනි පියවර සාර්ථක කර ගත්තේ ජයග්‍රහණයට පියවරෙන් පියවර ළංවෙමිනි. ඔවුන්ගේ ආරම්භක පිතිකරුවන් දෙදෙනා ලකුණු 8ක් තුල දැවී ගිය ද ප්‍රතිවාදීන්ට නැවතත් තරගයට පිවිසෙන්නට නවසීලන්ත මැදපෙළ පිතිකරුවන් ඉඩ තැබුවේ නැත. ඒ සබඳතා පිට සබඳතා ගොඩ නගමිනි.

නවසීලන්ත නායකයාට තුන්වැනි ටෙස්ට් තරගය අහිමි වේ

නවසීලන්ත ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නායක කේන් විලියම්සන්ට බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන තෙවැනි හා අවසන්

ඉන් වැඩි වගකීම් කොටසක් ඉටු කළ 35 හැවිරිදි රොස් ටේලර් ලකුණු 200ක් රැස් කළේ පන්දු 212කට පමණක් මුහුණ දෙමිනි. අවස්ථාවේ හැටියට වැඩි කාලයක් නොගෙන ටේලර් ලබාගත් මෙම ද්විත්ව ශතකය, තරගයේ ජය කිවියන්ට හිමි වීමේ හැරවුම් ලක්ෂය බවට පත්විය. ඔහුගේ ඉනිම හතරේ පහර 19කින් සහ හයේ පහර 4කින් හැඩවිය. මෙය රොස් ටේලර් ලබාගත් තෙවැනි ද්විත්ව ශතකයයි. මීට අමතරව හෙන්රි නිකොල්ස් තම පස්වැනි ශතකය ලෙස ලකුණු 107ක් ලබා ගත්තේ හතරේ පහර 9ක් සමඟිනි. මොවුන් දෙදෙනා සිව්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 216ක දැවැන්ත සබඳතාවයක් ද ගොඩ නැගූහ. ඒ අනුව සත්කාරක නවසීලන්තය තම ඉනිම අත්හිටවූයේ ලකුණු 221ක ඉදිරියක් සමඟිනි.

මෙම දැවැන්ත ඉලක්කය හඹා යාමට උත්සාහ කළ බංග්ලාදේශ දෙවැනි ඉනිම අද ලකුණු 209කට සීමා වූයේ නවසීලන්තයට තරගාවලි ජය ලබා දෙමිනි. මෙහිදී ද ප්‍රතිවාදීන්ගේ ඉනිම බිඳ දැමීමට නැවතත් පෙරමුණ ගත්තේ නවසීලන්ත වමත් වේග පන්දු යවන්නන් දෙදෙනායි. ප්‍රතිවාදීන්ගේ දුර්වලතාවයන් හඳුනා ගත් නීල් වැග්නර් කෙටි පන්දු රැසක් ඔවුන් වෙත යොමු කළේ බොහොමයක් බංග්ලාදේශ පිතිකරුවන් නිරුත්තර කරමිනි. නායක මහමදුල්ලා පමණක් දෙවැනි ඉනිමේ අර්ධ ශතකයක් ලබා ගනිද්දී අනෙක් සිය,qම පිතිකරුවන් ඉක්මනින් දැවී ගියේ තරගය බේරා ගැනීමේ අවසන් අවස්ථාවත් අහිමි කර ගනිමිනි.

ස්ටීර්ලින්, බැල්බර්නි ඇෆ්ගනිස්ථාන කුසලාන සිහිනය බොඳකරයි

පෝල් ස්ටීර්ලින් සහ ඇන්ඩි බැල්බර්නිගේ දක්ෂ පිතිකරණය හේතුවෙන් අයර්ලන්ත කණ්ඩායම සහ ඇෆ්ගනිස්ථාන කණ්ඩායම අතර පැවති

පන්දු යැවීමේ දී නීල් වැග්නර් ලකුණු 45කට කඩුලු 5ක් ද, ට්‍රෙන්ට් බෝල්ට් ලකුණු 52කට කඩුලු 4ක් ද දවා ගත්හ. සමස්ත තරගය පුරාවට කඩුලු 9ක් දවා ගත් නීල් වැග්නර් නවසීලන්තයේ ජයග්‍රහණයට සෘජුවම දායක වුවද ද්විත්ව ශතකයක් යනු සෑම විටම සුවිශේෂී දක්ෂතාවක් වන නිසා තරගයේ වීරයා සම්මානය රොස් ටේලර්ට හිමි විය. නිමාවුනු තරග දෙකම නවසීලන්තය ඉනිමකින් ජය ගත් නිසා බංග්ලාදේශ කණ්ඩායම තරගාවලිය තුල සෑහෙන දුරකට අසරණ වී සිටින අතර, සංචාරයේ අවසන් අභියෝගය ලෙස තෙවැනි ටෙස්ට් තරගය ලබන 16 වැනිදා කයිස්චර්ච් හිදී ආරම්භ වීමට නියමිතව ඇත.

බංග්ලාදේශ (ප්‍රථම ඉනිම) – සියල්ලන්ම දැවී ලකුණු 211 (පන්දුවාර 61)

තමීම් ඉක්බාල් 74, ලිතන් දාස් 33, ශද්මන් ඉස්ලාම් 27, සෞම්‍ය සර්කාර් 20, මොමිනුල් හක් 15, මහමදුල්ලා 13, නීල් වැග්නර් 4/28, ට්‍රෙන්ට් බෝල්ට් 3/38, කොලින් ඩි ග්‍රැන්ඩ්හොම් 1/15.

නවසීලන්ත (ප්‍රථම ඉනිම) – කඩුලු 6ක් දැවී ලකුණු 432 (පන්දුවාර 84.5)

රොස් ටේලර් 200, හෙන්රි නිකොල්ස් 107, කේන් විලියම්සන් 74, කොලින් ඩි ග්‍රැන්ඩ්හොම් 23*, අබු ජායෙඩ් 3/94, තයිජුල් ඉස්ලාම් 2/99, මුස්ටාෆිසූර් රහ්මාන් 1/74.

බංග්ලාදේශ (දෙවැනි ඉනිම) – සියල්ලන්ම දැවී ලකුණු 209 (පන්දුවාර 56)

මහමදුල්ලා 67, මොහොමඩ් මිතුන් 47, ශද්මන් ඉස්ලාම් 29, සෞම්‍ය සර්කාර් 28, මුස්ටාෆිසූර් රහ්මාන් 16, නීල් වැග්නර් 5/45, ට්‍රෙන්ට් බෝල්ට් 4/52.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<