ශ්‍රී ලංකා – නවසීලන්ත තරග කාලසටහන නිකුත් වේ

18114

සත්කාරක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම හා නවසිලන්ත ක්‍රිකට් කණ්ඩායම අතර පැවැත්වෙන තරගාවලියක්, මාසයකට ආසන්න කාලයක් පුරාවට එනම් මේ වසරේ අගෝස්තු මස 14 වැනිදා සිට සැප්තැම්බර් මස 7 වැනිදා දක්වා ශ්‍රී ලංකාවේ දී පැවැත්වීමට නියමිතයි.

19න් පහළ සුපිරි පළාත් ක්‍රිකට් තරගාවලියට දින තීන්දුයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන වයස අවුරුදු 19න් පහළ අන්තර් පළාත් සුපිරි ක්‍රිකට්…

ශ්‍රී ලංකා කණ්ඩායම හා නවසීලන්ත කණ්ඩායම අතර මෙවර පැවැත්වෙන ක්‍රිකට් තරගාවලිය ටෙස්ට් තරග දෙකකින් හා විස්සයි විස්ස තරග 3කින් සමන්විත වේ.

ටෙස්ට් තරග 2 ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් පවත්වන ටෙස්ට් ලෝක ශූරතා තරගාවලියට අයත් වන නිසාවෙන් දෙපිලටම එම ටෙස්ට් තරගාවලිය ජය ගැනීම ඉතාමත් වැදගත්ය.

නවසීලන්ත කණ්ඩායමක් අවසන් වරට ශ්‍රී ලංකාවේ සංචාරයක් සඳහා පැමිණ ඇත්තේ 2014 දී වන අතර තරගාවලියේ පැවති තරග 5න් (ටෙස්ට් 3, විස්සයි විස්ස 2) ශ්‍රී ලංකාවට ජයග්‍රහණය කිරීමට හැකි වූයේ තරග 2ක් පමණි. අනෙක් තරග 3න් නවසිලන්තය එක් තරගයක් ජයග්‍රහණය කරන ලදි. අනෙක් තරග 2ක ප්‍රතිඵලයක් රහිතව අවසන් විය.

මාලිංගගේ අවසන් ලෝක කුසලාන තරගය කෙසේ නිමා වෙයි ද?

ශ්‍රී ලංකා කණ්ඩායම 2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සහභාගී වන අවසන් තරගය සඳහා හෙට (6) ඉන්දීය…

මේ දිනවල පැවැත්වෙන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය අවසන් කර ශ්‍රී ලංකා කණ්ඩායම ඉදිරි සතිය තුල දිවයිනට පැමිණීමට නියමිතයි. එසේම එක්දින තරග 3කින් සමන්විත බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය මේ මස 25 වැනිදා සිට 29 වැනිදා දක්වා පැවැත්වීමට නියමිත නමුත් රටේ ඇතිවූ අනාරක්ෂිත බවට පසුව බංග්ලාදේශ ක්‍රිකට් බලධාරීන් බංග්ලාදේශ කණ්ඩායම මෙරටට එවීම පිළිබඳව තවමත් තහවුරු කර නොමැත.

නවසීලන්ත කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය 2019 – තරග කාලසටහන

  • පුහුණු තරගය – අගෝස්තු 8 -10 – කටුනායක දී
  • පළමු ටෙස්ට් තරගය – අගෝස්තු 14-18 – ගාල්ලේ දී
  • දෙවන ටෙස්ට් තරගය – අගෝස්තු 22-26 – පී. සරා ඕවල් හිදී
  • විස්සයි විස්ස පුහුණු තරගය – අගෝස්තු 29 – කටුනායක දී
  • පළමු විස්සයි විස්ස තරගය – අගෝස්තු 31 – ආර්. ප්‍රේමදාස පිටියේ දී
  • දෙවන විස්සයි විස්ස තරගය – සැප්තැම්බර් 2 – ආර්. ප්‍රේමදාස පිටියේ දී
  • තෙවන විස්සයි විස්ස තරගය – සැප්තැම්බර් 6 – පල්ලෙකැලේ හිදී

තරගාවලියේ සියලුම උණුසුම් තතු, තරග සේයා රූ, ලකුණු  සටහන්, තරග වාර්තා ඇතුළු තවත් බොහෝ දෑ ඔබ වෙතට රැගෙන ඒමට ThePapare.com සූදානමින් සිටී. තවත් උණුසුම් පුවත් හා තොරතුරු දැන ගැනීමට ThePapare.com සමඟින් රැඳී සිටින්න.

>>තවත් ක්‍රිකට් පුවත් සඳ හා පිවිසෙන්න<<