ලසින්ත කොළඹින් නුවරට!

140
New coaching staff appointed for Dharmaraja college

පසුගිය වසරේ ඉසිපතන විදුහලේ සහය පුහුණුකරු ලෙස කටයුතු කළ ලසින්ත ද කොස්තා 2020 අන්තර් පාසල් රග්බි තරග වාරයේ දී මහනුවර ධර්මරාජ කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කිරීමට සූදානම් බවයි වාර්තා වන්නේ.

මාලවනට නව කණ්ඩායමක්!

2020 අන්තර් පාසල් රග්බි තරග වාරය වෙනුවෙන් මහනුවර විද්‍යාර්ථ විදුහලේ A..

2018 මෙන්ම 2017 වර්ෂයේ පටන් ඉසිපතන විදුහලේ පුහුණුකරු මඩුල්ල නියෝජනය කරමින් එම පාසලට විශාල මෙහෙයක් ඉටු කළ ලසින්ත ද කොස්තා ඉසිපතන විද්‍යාලයේ හිටපු රග්බි ක්‍රීඩකයෙකු ද වූ අතර ශ්‍රී ලංකා ජාතික සංචිතය මෙන්ම සත් සාමාජික සංචිතය ද නියෝජනය කළ අත්දැකීම් සහිත ක්‍රීඩකයෙකි. 

එසේම 2017 වර්ෂයේ දී ශ්‍රී ලංකා 19න් පහළ සංචිතයේ ද පුහුණුකරු වශයෙන් ද කටයුතු කළ ඔහු එළඹෙන තරග වාරයේ දී ධර්මරාජ විදුහලට A කාණ්ඩයේ දස්කම් පෑමට විශාල ලෙස සහය වනු ඇත.

එළඹෙන තරග වාරයේ දී ලසින්ත ද කොස්තා සමඟ ධර්මරාජ විදුහලේ සහය පුහුණුකරු වශයෙන් කටයුතු කරන බුද්ධික අබේසිංහ විද්‍යාර්ථ විදුහලේ හිටපු ක්‍රීඩකයෙකු වන අතර ඔහු ද ශ්‍රී ලංකා ජාතික සංචිතය නියෝජනය කළ අයෙකි. 

විද්‍යා විදුහල ගොඩගන්න අලුත් කෙනෙක්!

ශ්‍රී ලංකා ජාතික කනිෂ්ඨ රග්බි කණ්ඩායමේ පුහුණුකරු ලෙස මෙන්ම..

එසේම ඔහු කලක් මහනුවර ත්‍රිත්ව විදුහලේ දෙවන පෙළ රග්බි කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු වශයෙන් කටයුතු කළ අතර ත්‍රිත්ව විදුහලේ ඉදිරිපෙළ පුහුණුකරු වශයෙන් ද කටයුතු කර ඇත. 

එසේම පසුගිය තරග වාරයේ දී ධර්මරාජ විදුහලේ පුහුණුකරු මඩුල්ලේ සාමාජිකයෙකුව සිටි බුද්ධිකට එළඹෙන තරග වාරයේ දී ලසින්ත ද කොස්තා සමඟින් ධර්මරාජ විදුහල ජයග්‍රාහී මාවතකට ගෙන යාම අපහසු නොවනු ඇත.

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<