ජයග්‍රහණය නාවික හමුදා ඩ්රෙඩ්නෝට්ස් කණ්ඩායමට

547
Western Provins 7s

බස්නාහිර පළාත් විවෘත සත් සාමාජික රග්බි ශූරතා තරගාවලිය ඊයේ (27) හැව්ලොක් පාක් ක්‍රීඩාංගණයේ දී පැවති අතර තරගාවලිය පවත්වන්නට සිදුවූයේ වැසිබර කාලගුණ තත්වයක් යටතේ ය. තරගාවලියේ අවසන් මහා තරගය විදුලි ආලෝකය මධ්‍යයේ පැවති අතර එහි දී ශූරතාවය දිනා ගන්නට CR & FC A කණ්ඩායම ලකුණු 12-10ක් ලෙස පරාජය කළ නාවික හමුදා ඩ්රෙඩ්නෝට්ස් කණ්ඩායම සමත් විය.

පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලට යන 18න් පහළ සංචිතය

6 වැනි වරටත් සංවිධානය කරනු ලබන පොදු රාජ්‍ය මණ්ඩලීය තරුණ ක්‍රීඩා උළෙල ජුලි මස 19 වැනිදා සිට 23 වන දා දක්වා බහමාස් හි, නසාවු නුවර දී පැවැත්වෙන…

තරගාවලිය කාණ්ඩ 3 ක් යටතේ පැවත්විණ. පළමු කාණ්ඩයේ හොඳම කණ්ඩායම් 8ත්, දෙවන කාණ්ඩයේ කණ්ඩායම් 6කුත් සහ සංවර්ධන කාණ්ඩයේ කණ්ඩායම් 12කුත් ක්‍රීඩා කරන ලදි.

තරගාවලියේ පළමු කාණ්ඩයේ තරග අර්ධ අවසන් පූර්ව වටයේ තරග සමඟ ආරම්භ වූ අතර එහි දී නාවික හමුදා ඩ්රෙඩ්නෝට්ස් කණ්ඩායම හමුවේ පොලිස් කණ්ඩායම ලකුණු 19-05ක් ලෙස පරාජයට පත්වෙද්දී CR & FC B කණ්ඩායම හමුවේ ලකුණු 22-07ක අනපේක්‍ෂිත පරාජයකට මුහුණ දෙන්නට CH & FC කණ්ඩායමට සිදු විය. අනෙක් අර්ධ අවසන් පූර්ව තරග දෙකේ දී ගුවන් හමුදා කණ්ඩායම තියුණු තරගයකින් අනතුරුව ලකුණු 17-12ක් ලෙස පරාජයට පත්කරන්නට CR & FC A කණ්ඩායම සමත් වූ අතර හැව්ලොක් කණ්ඩායම ලකුණු 19-00ක් ලෙස නාවික හමුදා සීහෝස් කණ්ඩායම හමුවේ පරාජයට පත්විය.

පළමු කාණ්ඩයේ උද්වේගකර අර්ධ අවසන් පූර්ව වටයේ තරගවලින් අනතුරුව තරගාවලියේ දෙවන කාණ්ඩයේ තරග පැවැත්විණ. එහි දී පළඟ ශූරතාවය සඳහා පැවති අවසන් තරගයේ දී උණුසුම් තරගයකින් අනතුරුව නාවික හමුදා වේව් රයිඩර්ස් කණ්ඩායම හමුවේ ලකුණු 19-04ක් ලෙස ගුවන් හමුදා චිප්මන්ක්ස් කණ්ඩායම පරාජයට පත්විය. දෙවන කාණ්ඩයේ ශූරතා කුසලානය සඳහා පැවති අවසන් තරගය CH & FC B කණ්ඩායම සහ කටුනායක ගුවන් හමුදා කණ්ඩායම අතර පැවති අතර එහි දී ඉතා උණුසුම් තරගයකින් අනතුරුව තරගයේ අවසාන මිනිත්තුවේ දී උත්සාහක දිනුමක් වාර්තා කර ගත් CH & FC B කණ්ඩායම ලකුණු 12-07ක් ලෙස තරගය ජයග්‍රහණය කරමින් තරගාවලියේ දෙවන කාණ්ඩයේ ශූරතාවය දිනා ගැනීමට සමත් විය. මෙම තරගයේ දී ක්‍රීඩකයින් 5 දෙනෙක් ‘sin bin’ දඬුවමට යටත් කර තබන්නට විනිසුරුවරුන් කටයුතු කළහ.

ඉන් පසුව නැවතත් පළමු කාණ්ඩයේ තරග ආරම්භ වූ අතර එහි දී බඳුන කුසලානය සඳහා පැවති අර්ධ අවසන් තරගවල දී ලකුණු 24-12ක් ලෙස පොලිස් කණ්ඩායම හමුවේ CH & FC A කණ්ඩායම පරාජයට පත්වෙද්දී දෙවන අර්ධ අවසන් තරගය ජයග්‍රහණය කරන්නට හැව්ලොක් කණ්ඩායම ලකුණු 5-0ක් ලෙස පරාජයට පත්කළ ගුවන් හමුදා කණ්ඩායම සමත් විය.

පළමු කාණ්ඩයේ ශූරතා කුසලානය සඳහා පැවති පළමු අර්ධ අවසන් තරගයේ දී CR & FC B කණ්ඩායම ලකුණු 12-00ක් ලෙස නාවික හමුදා ඩ්රෙඩ්නෝට්ස් කණ්ඩායම හමුවේ පරාජයට පත්වූ අතර දෙවන අර්ධ අවසන් තරගය ලකුණු 43-00ක් ලෙස පහසුවෙන්  ජයග්‍රහණය කරන්නට නාවික හමුදා සීහෝස් කණ්ඩායම පරාජයට පත්කළ CR & FC A කණ්ඩායම සමත් විය.

එම තරග දෙකෙන් අනතුරව සංවර්ධන කාණ්ඩයේ පළඟ සහ ශූරතා කුසලානය සඳහා වන අවසන් තරග පැවැත්විණ. එහි දී ඕල්ඩ් කන්නංගර කණ්ඩායම ලකුණු 28-05ක් ලෙස පරාජයට පත්කළ ඕල්ඩ් බෙන්ස් කණ්ඩායම සංවර්ධන කාණ්ඩයේ පළඟ ශූරතාවය දිනා ගැනීමට සමත් වූ අතර ඕල්ඩ් මුදලියන්ස් කණ්ඩායම ලකුණු 12-05ක් ලෙස පරාජයට පත්කළ බ්ලැක් හෝක්ස් කණ්ඩායම සංවර්ධන කාණ්ඩයේ ශූරතාවය දිනා ගැනීමට සමත් විය.

තරගාවලියේ පළමු කාණ්ඩයේ බඳුන කුසලානය සඳහා පැවති අවසන් තරගය පොලිස් කණ්ඩායමත් ගුවන් හමුදා කණ්ඩායමත් අතර පැවැත්විණ. එහි දී තරගයේ අවසාන මිනිත්තුවේ දී මීටර 60ක දුරක් තනිව පන්දුව රැගෙන යමින් උත්සාහක දිනුමක් වාර්තා කර ගත් ගුවන් හමුදා කණ්ඩායමේ ගයන්ත ඉද්දමල්ගොඩ තම කණ්ඩායමට ලකුණු 14-12ක් ලෙස තරගයේ ජයග්‍රහණය හිමි කර දෙන්නට සමත් වූ අතර ඒ අනුව පළමු කාණ්ඩයේ බඳුන ශූරතාවය දිනා ගැනීමට ගුවන් හමුදා කණ්ඩායම සමත් විය. පළමු කාණ්ඩයේ පළඟ ශූරතාවය ජයග්‍රහණය කරන්නට නාවික හමුදා සීහෝස් ලකුණු 22-07ක් ලෙස පරාජයට පත්කළ CR & FC B කණ්ඩායම සමත් විය.

ශූරතා කුසලාන අවසන් මහා තරගය: CR & FC A – නාවික හමුදා ඩ්රෙඩ්නෝට්ස්

අවසන් මහා තරගයට සාර්ථක ආරම්භයක් ලබාගත් CR & FC A කණ්ඩායමේ අෂාන් ද කොස්තා තරගයේ පළමු උත්සාහක දිනුම තම කණ්ඩායමට හිමිකර දෙන්නට සමත් විය. එම උත්සාහක දිනුම වාර්තා වූ වහාම නාවික හමුදා ඩ්රෙඩ්නෝට්ස් කණ්ඩායමේ තිලිණ විජේසිංහ ‘sin bin’ දඬුවමට ලක් කරන්නට විනිසුරුවරයා තීරණය කළ අතර ඒ අනුව ඔවුන්ට එක් ක්‍රීඩකයෙකුගේ අඩුව සහිතව ක්‍රීඩා කරන්නට සිදු විය. කෙසේ වුවත් තරගයේ පළමු අර්ධය අවසන් වීමට මිනිත්තු කිහිපයක් ඉතිරිව තිබිය දී නාවික හමුදා කණ්ඩායමේ මොහොමඩ් අබ්සාල් උත්සාහක දිනුමක් වාර්තා කර ගනිමින් තරගයේ ලකුණු තත්වය සම කරන්නට සමත් විය.

පළමු අර්ධය – CR & FC A 05 (1T) – 05 (1T) නාවික හමුදා ඩ්රෙඩ්නෝට්ස්

තරගයේ දෙවන අර්ධය නාවික හමුදා කණ්ඩායම විසින් ආරම්භ කළ අතර CR & FC කණ්ඩායමේ ක්‍රීඩකයින්ට ප්‍රබල අභියෝගයක් එල්ල කළ නාවික හමුදා කණ්ඩායමේ ලහිරු හේරත් උත්සාහක දිනුමක් වාර්තා කර ගනිමින් තරගයේ වාසිය තම කණ්ඩායම දෙසට යොමු කර ගන්නට සමත් විය. එහි දී ලැබුණු ප්‍රවර්තන අවස්ථාව ද සාර්ථක කර ගන්නට නාවික හමුදා ක්‍රීඩකයින් සමත් විය. තරගයේ අවසානයට මිනිත්තු කිහිපයක් ඉතිරිව තිබිය දී නාවික හමුදා කණ්ඩායමේ පසුපෙළ ක්‍රීඩකයින් දෙදෙනෙක් පසුකර යමින් උත්සාහක දිනුමක් වාර්තා කර ගන්නට CR & FC කණ්ඩායමේ රන්දිත වර්ණපුර සමත් විය. එහි දී ලැබුණු ප්‍රවර්තන අවස්ථාව අෂාන් ද කොස්තා විසින් ලබාගත් නමුත් එය සාර්ථක කර ගන්නට ඔහු සමත් වූයේ නැත. ඒ අනුව අවසන් මහා තරගයෙ දී CR & FC A කණ්ඩායම ඉතා උණුසුම් තරගයකින් අනතුරුව පරාජයට පත්කරමින් බස්නාහිර පළාත් සත් සාමාජික රග්බි තරගාවලියේ ශූරතාවය දිනා ගැනීමට නාවික හමුදා ඩ්රෙඩ්නෝට්ස් කණ්ඩායම සමත් විය.

දෙවන අර්ධය – CR & FC A 10 (2T) – 12 (2T 1C) නාවික හමුදා ඩ්රෙඩ්නෝට්ස්

තරගාවලියේ නැගී එන ක්‍රීඩකයා – ලහිරු හේරත් (නාවික හමුදා ඩ්රෙඩ්නෝට්ස්)

 තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න  රග්බි ක්‍රීඩා පිටුවට