වරාය පරාජය කරමින් කැෂුවල්ලයින් තෙවැනි තැන දිනයි

228

වරාය අධිකාරි ක්‍රීඩා සමාජය හමුවේ තරග වට 3/1ක් ලෙස ජයග්‍රහණය වාර්තා කරන්නට MAS ක්‍රීඩිකාවන් සමත් විය. ඒ 2017 මන්චි ජාතික වොලිබෝල් ශූරතාවලියේ සුපර් ලීග් කාණ්ඩයේ කාන්තා තෙවැනි ස්ථානය තේරීමේ තරගවල දීයි.

අද (12) මාතර කොටවිල ගෘහස්ථ ක්‍රීඩා පිටියේ දී පැවති තරග සඳහා ඊයේ (11) පැවති අවසන් පූර්ව තරගවල දී යුද හමුදාව ඉදිරියේ පරාජය වූ වරාය අධිකාරි ක්‍රීඩා සමාජයත්, ගුවන් හමුදාව හමුවේ පරාජය වූ MAS කැෂුවල්ලයින් ක්‍රීඩා සමාජයත් එක්විය.

වරාය ක්‍රීඩිකාවන් පරාජය කරමින් යුද සෙබළියන් අවසන් මහා සටනට

2017 මන්චී ජාතික වොලිබෝල් ශූරතාවලියේ සුපර් ලීග් කාණ්ඩයේ පැවති දෙවැනි අවසන් පූර්ව…

තරගයේ ප්‍රථම වටයේ දී වඩාත් හොඳින් කණ්ඩායම් දෙකම තරගයට පිවිසෙනු දක්නට ලැබුණි. MAS දෙසින් ඉහළ ගිය පන්දුව අවසානයේ බිම පතිත වූයේ MAS කණ්ඩායමේම ලකුණු පුවරුව ක්‍රියාත්මක කරමිනි. අත්දැකීම් බහුල ජ්‍යේෂ්ඨ ක්‍රීඩිකාවන් වූ වරායේ බාධක හමුවේ කරට කර ඉදිරියට ඇඳී ගිය MAS ක්‍රීඩිකාවන් 22-25ක් ලෙස ප්‍රථම වටය ජය ගන්නා ලදි.

දෙවැනි වටයේ දී ද MAS ක්‍රීඩිකාවන් පෙරමුණ ගනිමින් ලකුණු 2ක් වාර්තා කරන විට වරාය ක්‍රීඩිකාවන් ලකුණු ලබා ගැනීම ආරම්භ කරන ලදි. මෙතෙක් වේලා වයසින් ජ්‍යේෂ්ඨ ක්‍රීඩිකාවන් ක්‍රීඩා කරමින් සිටි වරාය කණ්ඩායම, යොවුන් ක්‍රීඩිකාවක් මෙම වටයේ දී කණ්ඩායමට ආදේශ කර ගන්නා ලදි. ඇයගේ සහයෙන් ද MAS ක්‍රීඩිකාවන් හඹා ගිය වරාය ක්‍රීඩිකාවන් දීර්ඝ රැලී ක්‍රීඩා කරමින්, පන්දුව ආරක්ෂා කර ගනිමින් ක්‍රීඩා කරනු දක්නට ලැබුණි. කෙසේ නමුත් මෙම වටය ද නිමා වූයේ 21-25ක් ලෙස MAS ක්‍රීඩිකාවන් පෙරමුණ ගනිමිනි.

තරගයේ තෙවැනි වටයේ දී මෙතෙක් වෙලා ආධිපත්‍ය පතුරා සිටි MAS ක්‍රීඩිකාවන් මනාව ග්‍රහණය කර ගනිමින් වරාය ක්‍රීඩිකාවන් තරග කරනු පෙනුනි. ආරම්භයේ පටන්ම වරාය ක්‍රීඩිකාවන් ලකුණු පුවරුවේ පෙරමුණ ගත් අතර ප්‍රතිවාදී පිලේ දුර්වල ලිබරෝ ක්‍රීඩිකාව ඉලක්ක කර ගනිමින් ඔවුන් ලකුණු ලබා ගැනීම කැපී පෙනුනි. මෙම වටයේ අවසානයේ 24-21ක් දක්වා පරතරයක් ගොඩ නඟා ගන්නට වරාය ක්‍රීඩිකාවන් සමත් විය. කෙසේ නමුත් වරාය අධිකාරියට අවසන් මොහොතේත් අභියෝග කරන්නට පසුබට නොවුනු MAS ක්‍රීඩිකාවන්, දීර්ඝ රැලියක අවසානයේ දී 21-25ක් ලෙස තෙවැනි වටය පරාජය විය.

ජයග්‍රාහී මානසිකත්වයත් සමඟින් තරගයට පිවිසි වරාය ක්‍රීඩිකාවන් ආරම්භයේ සිටම MAS ක්‍රීඩිකාවන් අභිබවා යෑමට සමත් විය. විටෙක ලකුණු පුවරුව 12-05ක් ලෙස දැක්වූ මොහාතක දී, යලිත් නැඟී සිටි MAS ක්‍රීඩිකාවන් සාර්ථකව වරාය ක්‍රීඩිකාවන් හඹා ආවේ වරාය ක්‍රීඩිකාවන් පවා නොසිතූ ලෙසයි. ඉතාමත් තීරණාත්මක සිව්වැනි වටයේ දී 20-22ක් දක්වා ලකුණු පුවරුව දැක්වෙන විට තව තවත් ජවසම්පන්න අයුරින්, අතපසු වීම් වලට ඉඩ නොතබමින් MAS ක්‍රීඩිකාවන් ක්‍රීඩා කළේ ලබා ගත් පරතරය එක ලෙස පවත්වා ගැනීමේ අරමුණෙනි.

වරාය කණ්ඩායමට විදුලි සැරයක්

2017 මන්චි ජාතික වොලිබෝල් ශූරතාවලියේ සුපර් ලීග් කාණ්ඩයේ පිරිමි අවසන් පූර්ව…

කෙසේ නමුත් සිව්වැනි වටයේ ජවසම්පන්න MAS ක්‍රීඩිකාවන් මෙල්ල කරන්නට බැරි වුනු වරාය ක්‍රීඩිකාවන් 20-25ක් ලෙස සිව්වැනි වටය පරාජය වූයේ MAS ක්‍රීඩිකාවන්ට සුපර් ලීග් අංශයේ තෙවැනි ස්ථානය ලබා දෙමිනි.

සම්පූර්ණ ලකුණු තත්වය:

වරාය අධිකාරිය (22-25, 21-25, 25-21, 20-25)

තරගාවලියේ සුපර් ලීග් අංශයේ පිරිමි තෙවැනි ස්ථානය සඳහා වන තරගය අද සවස 02.00 වරාය අධිකාරි ක්‍රීඩා සමාජය සහ ගුවන් හමුදා ක්‍රීඩා සමාජය අතර මාතර කොටවිල ගෘහස්ථ වොලිබෝල් ක්‍රීඩා පිටියේ දී පැවැත්වේ. එහි සජීව විකාශය සඳහා ද රැඳී සිටින්න අප සමඟින්.

 >> වොලිබෝල් පුවත් සඳහා පිවිසෙන්න – වොලිබෝල් පිටුවට <<