කුසල් ජනිත්ගේ අඩුව පුරවන්න මිලින්ද සිරිවර්ධන සංචිතයට

892
Milinda Siriwardena and Kusal Perera

බංගලාදේශය සමඟ ඉදිරියේ දී ආරම්භ වීමට නියමිත එක් දින තරගාවලියේ ප්‍රථම තරග ද්විත්වය සඳහා ආරම්භක පිතිකරු කුසල් ජනිත් පෙරේරා සහභාගී නොවන බව වාර්තා වේ. ඊයේ (22) කොළඹ ccc ක්‍රීඩාංගණයේ දී පැවති පුහුණු තරගය අතරතුර දී කලවා ප්‍රදේශයේ ඇති වූ ආබාධයක් හේතුවෙන් මෙම තීරණය ගෙන ඇත.

නොසිතූ මොහොතක උණුසුම් තරගයක්; ජය ශ්‍රී ලංකාවට

සංචාරක බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම හා ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති කණ්ඩායම අතර පැවැත්වෙන පෙර පුහුණු තරගය අද (22) කොළඹ කෝල්ට්ස් පිටියේදී පැවැති අතර…

පුහුණු තරගයේ දී පන්දු 78කට ලකුණු 64ක් වාර්තා කිරීමට ඔහු සමත් වූවත් ඇති වූ ආබාධමය තත්වය හේතුවෙන් පසුව ඔහු පිටියෙන් ඉවත් විය. කණ්ඩායමේ වෛද්‍ය කාර්ය මණ්ඩලය තහවුරු කලේ වම් කලවා ප්‍රදේශයේ ඇති වූ මෙම ඇදීම් තත්වය සුළු ආබාධ තත්වයක් වන බවයි. කෙසේ නමුත් ඔහු නැවතත් යථා තත්වයට පත් වීම සඳහා කොළඹ රඳවා ගන්නා අතර කණ්ඩායමේ අනෙකුත් සාමාජිකයින් අද (23) සවස දඹුල්ල බලා පිටත් වනු ඇත.

විශ්වාසවන්ත ආරංචි මාර්ග අනුව කුසල් වෙනුවට මිලින්ද සිරිවර්ධන සංචිතයට ඇතුළත් වීමට නියමිත බව වාර්තා වේ.

කෙසේ නමුත් කුසල් ජනිත් තෙවැනි එක්දින තරගය සඳහා සහභාගී වීමට බලාපොරොත්තුවෙන් පසු වන අතර එම තරගය අප්‍රේල් මස පළමු වැනිදා කොළඹ දී පැවැත්වීමට නියමිතව ඇත. පසුගිය සති කිහිපය තුල පැවති ශ්‍රී ලංකා ක්‍රිකට් අන්තර් දිස්ත්‍රික් ක්‍රිකට් තරගාවලියේ දී ඔහු ශතක දෙකක් වාර්තා කල අතර ශ්‍රී ලංකා A කණ්ඩායම සහ එංගලන්ත ලයන්ස් කණ්ඩායම සමඟ පැවති තරග වල දී ද අර්ධ ශතක කිහිපයක් වාර්තා කිරීමට සමත් විය.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට්  ක්‍රීඩා පිටුවට <<