MAS සිලුඑ්ටා තව දුරටත් අපරාජිතව ඉදිරියට

783

වෙළඳසේවා ක්‍රිකට් සංගමය සංවිධානය කරන “ෆෙයාර් ඇන්ඩ් ලව්ලි” කුසලාන B කොටසේ ක්‍රිකට් තරගාවලියේ තව දුරටත් අපරාජිත බව රැක ගැනීමට MAS සිලුඑ්ටා කණ්ඩායම අද (23දා) සමත් වෙද්දී කොමර්ෂල් ක්‍රෙඩිට් B කණ්ඩායම පිට පිට ලත් දෙවැනි ජයග්‍රහණය වාර්තා කළේ ය.

මග්ගොන සරේ විලේජ් ක්‍රිකට් පිටියේ දී MAS සිලුඑ්ටා කණ්ඩායම තම අපරාජිත බව රැක ගත්තේ සිංගර් ශ්‍රී ලංකා සමාගමට එරෙහිව ලකුණු 213ක දැවැන්ත ජයග්‍රහණයක් වාර්තා කරමිනි.

කොමර්ෂල් ක්‍රෙඩිට් B කණ්ඩායම පනාගොඩ යුද හමුදා කඳවුර ක්‍රිකට් පිටියේ දී පැවති මොබිටෙල් සමාගම හා සමඟ තරගයෙන් කඩුලු 4ක ජයග්‍රහණයක් වාර්තා කළේ ය.

සචිත්‍ර, මාලිංග හා වැන්ඩර්සේ සුපිරි පන්දු යැවීමක

සචිත්‍ර සේනානායක, ජෙෆ්රි වැන්ඩර්සේ හා ලසිත් මාලිංග යන ක්‍රීඩකයින් දක්ෂ පන්දු යැවීමක නිරත වූ ඩිමෝ හා ටීජේ ලංකා අතර තරගය අද..

MAS සිලුඒටා සහ සිංගර්

කාසියේ වාසිය දිනාගත් සිංගර් ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරාධනාවෙන් පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි MAS සිලුඑ්ටා ක්‍රීඩකයෝ, නියමිත පන්දුවාර 50 දී කඩුලු 8ක් දැවී ලකුණු 277ක් ලබා ගත්හ. එම ඉනිමේ දී ඉරෝෂ් සමරසිංහ සහ නිමන්ද මධුශංක අර්ධ ශතක රැස් කිරීම කැපී පෙණුනි.

ඉරෝෂ් සමරසිංහ පන්දු 66ක දී හතරේ පහර 10ක් සමඟින් ලකුණු 55ක් රැස් කළේය. ඔහු තෙවැනි කඩුල්ල සඳහා සංගීත් කුරේ (38) සමඟ එක් වෙමින් ලකුණු 98ක සබඳතාවක් ද ගොඩ නැගුවේය. නිමන්ද මධුශංක පන්දු 49ක දී හතරේ පහර 4ක් සහ හයේ පහර 3ක් සමඟ නොදැවී ලකුණු 52ක් වාර්තා කළේය. ඔහු නායක බුද්ධික සංජීව (නොදැවී 38) සමඟ එක්ව 9 වැනි කඩුල්ලට නොදැවී ලකුණු 78ක් රැස් කිරීමට දායක විණි.

දැවැන්ත ලකුණු ඉලක්කයකට පිටියට පිවිසි සිංගර් ශ්‍රී ලංකා සමාගමට MAS සිලුඑ්ටා පන්දු යවන්නෝ ලබා ගැනීමට ඉඩ දුන්නේ ලකුණු 64ක් පමණි. එම ඉනිම 25 වැනි පන්දුවාරයේ දී නිමා වුණි. ඉනිමේ වැඩිම ලකුණුලාභීන් වූයේ නායක රජිත ප්‍රියාන් (11) සහ ප්‍රශාන් වීරවර්ණ (11) ය. අතිරේක ලකුණු 18ක් ද එම ඉනිමට ඇතුළත් ය.

පන්දු යැවීමේ දී රමේෂ් සිල්වා පන්දුවාර 7.3ක් යවමින් නොයිඳුල් පන්දුවාර 3ක් ද සමඟින් ලකුණු 10කට කඩුලු 5ක් දවා ගන්නේය. පන්දුවට පහර දීමේ දී ද දක්ෂතා දැක්වූ නිමන්ද මධුශංක ලකුණු 27කට කඩුලු 3ක් දවා ගන්නේය.

ලකුණු සාරාංශය

MAS සිලුඑ්ටා කණ්ඩායම; කඩුලු 8ක් දැවී 277 (50.0) ඉරෝෂ් සමරසිංහ 55, නිමන්ද මධුශංක නොදැවී 52, සංගීත් කුරේ 38, බුද්ධික සංජීව නොදැවී 38, චාමික මහේෂ් 3/34, පසිඳු ඩිල්ශාන් 2/74, රජිත් ප්‍රියාන් 2/53

සිංගර් ශ්‍රී ලංකා සමාගම; සියලුම දෙනා දැවී 64(24.3) නිමන්ද මධුශංක 3/27, රුමේෂ් සිල්වා 5/10, බුද්ධික සංජීව 2/09


කොමර්ෂල් ක්‍රෙඩිට් B සහ මොබිටෙල් සමාගම

මොබිටෙල් සමාගම සහ කොමර්ෂල් ක්‍රෙඩිට් B කණ්ඩායම අතර පැවති තරගයේ දී මොබිටෙල් ක්‍රීඩකයෝ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළ ද තමන්ට වාසි සහගත ලකුණු ප්‍රමාණයකට පැමිණිය නොහැකි වුණි.  ඔවුන්ට රැස්කර ගත හැකි වූයේ සියලුම දෙනා දැවී ලකුණු 180ක් පමණි.

මෙම ඉනිමේ දී තිමිර ජයසිංහ සහ එරන්ද රත්නායක අර්ධ ශතක ආසන්නයටම පැමිණිය ද ඔවුන්ගේ එම අවස්ථාවන් උදුරා ගැනීමට ප්‍රතිවාදී පන්දු යවන්නෝ සමත් වූහ. තිමිර ජයසිංහ පන්දු 68ක දී ලකුණු 42ක් ද සහ එරන්ද රත්නායක පන්දු 83ක දී ලකුණු 46ක් ලබා ගත්හ. පන්දු යැවීමේ දී සුරංග සාලින්ද කඩුලු 3ක් ද නායක ප්‍රනීත් විජේසේන සහ අනුර ඩයස් කඩුලු 2 බැගින් ද දවා ගත්හ.

නිමා වූ ආසන්නත ම තරගය ද ජය ගෙන ජයග්‍රාහී මානසිකත්වය පෙර දැරිව පන්දුවට පහර දීමට පිටියට පිවිසි කොමර්ෂල් ක්‍රෙඩිට් ක්‍රීඩකයෝ, කඩුලු 6ක් පමණක් දැවී තරගය නිමා වීමට තවත් පන්දු 15ක් ඉතිරිව තිබිය දී ලකුණු 181ක් වාර්තා කරමින් කඩුලු 4ක ජයග්‍රහණයක් ලබා ගත්හ.

එම ඉනිමේ නැංගුරම බවට පත් වූයේ අනුර ඩයස් ය. ඔහු පන්දු 99ක් පුරා තම කඩුල්ල ආරක්ෂා කර ගනිමින් 100 වැනි පන්දුවේ දී දැවී ගියේ තමන්ට ලෙහෙසියෙන්ම ලබා ගත හැකිව තිබූ අර්ධ ශතකය ද අහිමි කර ගනිමිනි. ඔහු ලබා ගත් ලකුණු ප්‍රමාණය 47කි. ජයග්‍රාහී ඉනිමේ දැවී ගිය කඩුලු 6 පන්දු යවන්නන් හය දෙනෙක් විසින් දවා ගත් අතර ඔවුන් අතුරින් හොඳම පන්දු යැවීම වාර්තා කළේ චරිත් ජයම්පති ය. ඒ ලකුණු 19කට කඩුල්ලක් දවා ගනිමිනි.

ලකුණු සාරාංශය

මොබිටෙල් සමාගම; සියලුම දෙනා දැවී 180(49.1) තිමිර ජයසිංහ 42, එරන්ද රත්නායක 46, සුපේෂල ජයතිලක 22, සුරංග සාලින්ද 3/38, ප්‍රනීත් විජේසේන 2/27, අනුර ඩයස් 2/32

කොමර්ෂල් ක්‍රෙඩිට් B; කඩුලු 6ක් දැවී 181(47.3) අනුර ඩයස් 47, සනිත ද මෙල් 29, ශාලිත ද සිල්වා නොදැවී 22

 තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න –ක්‍රිකට් ක්‍රීඩා පිටුවට