ඩයලොග්, මාස්, ඇක්සස් අපරාජිතව ඉදිරියට

765
Mercantile 7s 1st day report sinhala

47 වැනි වෙළඳසේවා සත්සාමාජික රග්බි තරගාවලියේ ආරම්භය ඊයේ (21) සනිටුහන් වූ අතර එහි වත්මන් ශූරයින් වන ඇක්සස් කණ්ඩායම සහ ඩයලොග්, මාස් යන කණ්ඩායම් දිනය පුරාවට අපරාජිත වනු දක්නට ලැබුණි. තරගාවලිය පැවැත්වෙන්නේ කොළඹ තුරඟ තරග පිටියේදී යි.

නේෂන්ස් ට්‍රස්ට් සහ ක්ලැසික් ට්‍රැවල් යන කණ්ඩායම් අතර පැවති පළමු තරගය දහවල් 1.00 ට පමණ ආරම්භ වූ අතර එහි ජය නේෂන්ස් ට්‍රස්ට් කණ්ඩායම විසින් හිමිකරගත්තේ ලකුණු 3-0ක් ලෙසයි.

දිනයේ කැපීපෙනෙන ලකුණු පරතරයන් සහිත තරග ලෙස ක්ලෝව්ටෙල් (52) සහ NOR ලංකා (00) අතර තරගයත්, ක්ලැසික් ට්‍රැවල් (57) ට එරෙහිව NOR ලංකා (00) අතර තරගයත් දැකගත හැකි විය. ඒ තරග දෙකේදීම පරාජිත අන්තය හිමිවුණේ NOR ලංකා ආයතනයටයි.

මාස් කණ්ඩායමේ සඳුන් හේරත්, ඩයලොග් කණ්ඩායමේ අනුරාධ හේරත්, දිනුෂ ප්‍රනාන්දු වැන්නන් පළමු දිනය තුළ දී කැපීපෙනිණි.

තවත් වේගවත් තරග කිහිපයක් තුරඟ තරග පිටියේදී පැවැත්වුණු අතර එහිදී වාර්තා වූ ප්‍රතිඵල පහත පරිදි විය. තරගාවලියේ දෙවන සහ තෙවන දිනයන් අද (22) සහ හෙට දහවල් 1.00 සිට තුරඟ තරග පිටියේදී පැවැත්වේ.

Results:

Team 1 Sores Team 2
NTB 3 0 Classic Travels
Mercantile Investment 7 12 Janashakthi
Clove Tel 52 0 Nor Lanka
HSBC 5 12 Hela Clothing
Commercial Bank 0 38 Sri Lanka Insurance
AMW ‘B’ 14 10 HDPL
CTC 10 5 Amana Bank
Prosporous Capital 33 0 CDB ‘B’
Kandurata 29 0 Commercial Credit
Fair First 5 10 Sampath Bank
Brandix 33 0 Attune
Ceylon Knit Trend 7 5 NDB
NTB 14 0 Virtusa
Classic Travels 57 0 Nor Lanka
Mercantile Investment 0 33 Clove Tel
HSBC 19 7 Commercial Bank
Hela Clothing 19 5 AMW ‘B’
Sri Lanka Insurance 24 5 HDPL
CTC 0 31 Prosporous Capital
Amana Bank 0 31 Kandurata
CDB ‘B’ 28 10 Commercial Credit
NTB 7 19 Janashakthi
Classic Travels 24 0 Virtusa
Mercantile Investment 31 7 Nor Lanka
Fair First 0 26 Brandix
Sampath Bank 21 12 Ceylon Knit Trend
Attune 0 17 NDB
Access 19 0 Kanrich
MAS 10 0 AMW ‘A’
Dialog 35 5 CDB ‘A’
JKH Walkover Mobitel
Clove Tel 38 0 Virtusa

 තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි ක්‍රීඩා පිටුවට