මැතිව්ස් හා සුරංගගේ කොදෙව් ගමන ස්ථීරයි

548

ආබාධවලට ලක්ව සිටි හිටපු ශ්‍රී ලංකා ටෙස්ට් නායක ඇන්ජෙලෝ මැතිව්ස් හා  වේගපන්දු යවන ක්‍රීඩක සුරංග ලක්මාල් යෝග්‍යතා පරීක්ෂණයෙන් සමත් වීමෙන් අනතුරුව කොදෙව් සංචාරයේ සිය ස්ථානය තහවුරු කර ගැනීමට සමත් විය.  

ප්‍රියංජන්, සධීර වැස්සේ අර්ධ ශතක රැස්කරති

අන්තර් පළාත් සුපිරි 4 සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අද (17) පැවති තරගවලට අයහපත් කාලගුණ තත්ත්වය බලපෑම් කිරීම හේතුවෙන් පැවැති තරග දෙකම විසඳුමක් නොමැති ව අවසන් විය.

ක්‍රීඩකයින් දෙදෙනාම කොදෙව් සංචාරයේ  යෙදෙන සංචිතයට නම් කර තිබුණු නමුත් යෝග්‍යතා පරීක්ෂණයකින් අනතුරුව ඔවුන් දෙදෙනාගේ සහභාගිත්වය ස්ථිර කිරීමට නියමිතව තිබුණි.

ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය මහනුවර දී දින අටක පුහුණු සැසියකට සහභාගී වූ අතර බදාදා අවසන් වූ එම පුහුණු සැසිය අතරතුර දී සිදු කළ යෝග්‍යතා ඇගයීමෙන් සුරංග හා මැතිව්ස් සමත් වී ඇත.

බංගලාදේශ සංචාරය අතරතුර දී මැතිව්ස් සිය සුපුරුදු පාදයේ ආබාධයට ලක්වූ අතර මාස හතරක් ක්‍රීඩා පිටියෙන් ඉවත්ව සිටි ඔහුට නිදහස් කුසලානය ද අහිමි විය.

සුපිරි පළාත් ක්‍රිකට් තරගාවාලියේ දී ගාලු කණ්ඩයම මෙහෙයවීමට නියමිතව තිබුණ ද, පිටකොන්දේ ආබාධය සුව නොවීම හේතුවෙන් සුරංග හට සිව්දින තරගාවලිය මග හැරී ගියේය.

සුරංග හා රංගන හේරත්  බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එදිරිව ටෙස්ට් තරග දෙකක් පමණක් ක්‍රීඩා කිරීමට නියමිත අතර ආබාධවලින් තොරව ඔවුන්ගේ ක්‍රීඩා දිවිය දිගු කාලයක් පවත්වා ගැනීම සඳහා මෙම පියවර ගත් බව පෙර දිනක දී තේරීම් කමිටු සභාපති ග්‍රැහැම් ලැබ්රෝයි මහතා ප්‍රකාශ කළේය.

මේ අතර වමත් ආරම්භක පිතිකරු කුසල් ජනිත් පෙරේරා මහනුවර පැවති පුහුණු සැසියක දී ඇඟිල්ලේ ආබාධයකට ලක්වූ නමුත් එය එතරම් බරපතළ නොවන බව වාර්තා වේ.

ශ්‍රී ලංකා කණ්ඩයම මේ මස අග දී කොදෙව් දූපත් සඳහා පිටත්ව යන අතර තුන්දින පුහුණු තරගයක්, පොර්ට් ඔෆ් ස්පේන් හි පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයට මෙන්ම, සාන්ත ලුසියා හි පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයට ද සහභාගී වීමෙන් අනතුරුව ශ්‍රී ලංකා කණ්ඩයමක් සහභාගී වන දෙවන දිවා රාත්‍රී ටෙස්ට් තරගයට බාබඩෝස් හිදී  සහභාගි වීමට නියමිතයි.

අවසන් සංචිතයේ දිමුත් වෙනුවට උඩවත්තට ටෙස්ට් වරම්

ශ්‍රී ලංකා ජාතික තේරීම් කමිටුව එළඹෙන ජුනි මාසයේ යෙදෙන ශ්‍රී ලංකා කණ්ඩයමේ කොදෙව් සංචාරය සඳහා ක්‍රීඩකයින් 17 දෙනෙකුගෙන් සමන්විත….

ශ්‍රී ලංකා කණ්ඩායමක් කොදෙව් දූපත් බලා යන්නේ වසර 10කට පසුව වන අතර ශ්‍රී ලංකා කණ්ඩයමක් තවමත් කැරිබියන් දූපත් හිදී ටෙස්ට් තරගාවලියක් ජයග්‍රහණය කර නොතිබීම විශේෂයකි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<