මැතිව් හේඩ්න් අනූනමයෙන් ගැලවෙයි

1165
Haydon

පසුගිය සති අන්තය සුප්‍රසිද්ධ ඕස්ට්‍රේලියානු ආරම්භක පිතිකරු මැතිව් හේඩ්න් හට එතරම් සතුටුදායකව අවසන් වී නැහැ. සර්ෆින් සැසියක් අතරතුර දරුණු අනතුරකට මුහුණ පෑම ඊට හේතුවයි.

මම බුලට් එකකින් බේරුණා වගේ” ඔහු එසේ පවසන්නේ ඔහුගේ බෙල්ලේ අස්ථි තුනක් අනතුරට පත්ව ඇති අතරතුරයි. ඉන් එක් අස්ථියක් ඉරි තැලී ඇති අතර තවත් අස්ථි දෙකක මාංශ පේශි ඉරී ගොස් තිබෙනවා.

ආපසු එන්නට උදව් කළ Straddie වල (ස්ට්‍රැඩ්බ්‍රෝක් දූපතේ) හැමදෙනාටම ස්තුතියි.” නැවත යථා තත්වයට පත්වෙමින් සිටින හේඩ්න් එසේ පවසනවා. ඒ සමාජ ජාලා උපයෝගී කරගනිමින්.

ඔහුට මේ අනතුර සිදුවී ඇත්තේ ස්ට්‍රැඩ්බ්‍රෝක් දූපත ආශ්‍රිත මුහුදේ සර්ෆින් ක්‍රීඩාව කරමින් සිටියදීයි. ඊට ඔහුගේ පුත් ජෝෂ් හේඩ්න් ද සහභාගී වී තිබෙනවා. කෙසේ නමුත් මේ වන විට ඔහු සුවය ලබමින් සිටින බවයි වාර්තා වන්නේ.

“රොනාල්ඩෝ හොඳින්” – ජුවෙන්ටස් පුහුණුකරු

“ඔහුට සිදුවුණු කරදරය ගැන කිව්වොත්, මම දැනට මාස තුනක ඉඳන් ඔහුව දන්නවා…”

මෙතෙක් ලොව පහල වූ දක්ෂතම ආරම්භක පිතිකරුවෙකු සේ සැලකෙන හේඩ්න් වේගවත් වමත් පිතිකරුවෙකු ලෙස ප්‍රකටයි. එමෙන්ම ටෙස්ට් පිතිකරුවෙකු වශයෙන් බ්‍රයන් ලාරාගේ ඉනිමක වැඩිම ලකුණු 375 වාර්තාව පසුකරන්නට ද ඔහු සමත්වුණේ ලකුණු 380ක් ලබා ගනිමින් (පසුව ලාරා විසින් නැවත තමන් සතුකරගන්නා ලදී).

මැතිව් හේඩ්න් සහ ජස්ටින් ලැන්ගර් යුගලය ටෙස්ට් ක්‍රිකට් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම ආරම්භක පිතිකරු යුගලයක් සේ සැලකෙනවා. 2009 දී ක්‍රිකට් ක්‍රීඩාවෙන් විශ්‍රාම ගැනීමෙන් පසුව හේඩ්න් විස්තර විචාරකයෙක් ලෙසත් ක්‍රිකට් ක්‍රීඩාව සමඟින් එක්වුණා.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<