SSCට පෙරළිකාර ජයක්

114

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන Major Club Emerging League ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටය නියෝජනය කිරීම සඳහා සුදුසුකම් ලබා ගැනීමට හලාවත මේරියන්ස්, යුද හමුදාව සහ එස්. එස්. සී. කණ්ඩායම් අද (14) සමත් විය.

Video – සැලසුම් රැසක් සමඟ තරගාවලියට එන – ලුම්බිණි විද්‍යාලය Cricket Team Preview 2019/20

සිංගර් ආයතනය හා ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය එක්ව සංවිධානය කරනු…..

තෙදින තරග ලෙසින් පැවති මෙම වටයේ තරගවල දී පෙර දිනයේ දී කොළඹ කෝල්ට්ස් ක්‍රීඩකයෝ දින දෙකකින් තරගය අවසන් කරමින් වේලාසනින්ම අවසන් පූර්ව වටය නියෝජනය කිරීමට සුදුසුකම් ලබා ගත් අතර අද නිමා වූ තරගවල දී පළමු ඉනිම පරාජය වී පසුබා සිටි එස්. එස්. සී. ක්‍රීඩකයෝ සටන්කාමි තරගයකට අවතීර්ණ වෙමින් ටැමිල් යූනියන් ක්‍රීඩකයන් පරාජය කිරීම කැපී පෙණුනි. 

එස්. එස්. සී හා ටැමිල් යූනියන් ක්‍රීඩා සමාජය 

කටුනායක නිදහස් වෙළෙඳ කලාප ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවති මෙම තරගයෙන් ලකුණු 11ක ජයග්‍රහණයක් ලබා ගත් එස්. එස්. සී. ක්‍රීඩකයෝ අවසන් පූර්ව වටය නියෝජනය කිරීම සඳහා සුදුසුකම් ලබා ගත්හ. 

කාසියේ වාසිය දිනා ගත් ටැමිල් ක්‍රීඩකයන්ගේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දුන් එස්. එස්. සී. තම පළමු ඉනිමට ලබා ගත්තේ ලකුණු 121ක් පමණි. ටැමිල් ක්‍රීඩකයෝ තම පළමු ඉනිමට ලබා ගත් ලකුණු සංඛ්‍යාව 152කි. 

ලකුණු 31ක් පිටුපස සිටිමින් තම දෙවැනි ඉනිම ආරම්භ කළ එස්. එස්. සී. ක්‍රීඩකයෝ තම දෙවැනි ඉනිමට ලකුණු 314ක් ලබා ගත්තේ ප්‍රතිවාදීන්ට ලකුණු 284ක ඉලක්කයක් ලබා දෙමිනි. 

ඒ අනුව පිටියට පිවිසි ඔවුන්ට තම දෙවැනි ඉනිමට ලබාගත හැකි වූයේ සියලුම දෙනා දැවී ලකුණු 272ක් පමණි. තරගයේ අවසන් දිනය ඔවුන් ආරම්භ කළේ කඩුල්ලක් දැවී ලකුණු 96ක් ලබා ගනිමින් ප්‍රබල තත්ත්වයේ සිටිමිනි. 

එහෙත් එස්. එස්. සී. පන්දු යවන්නෝ සම්පූර්ණයෙන් ම තරගය තමන් වෙත නතු කර ගනිමින් ප්‍රතිවාදීන් පරාජය කළහ. එහි දී ආකාශ් සේනාරත්න සහ ටනීෂ වීරකෝන් කඩුලු 3 බැගින් දවා ගත්හ.

එස්. එස්. සී ; පළමු ඉනිම සියලුම දෙනා දැවී 121 (36.1) සොහාන් ඩි ලිවේරා 28, ක්‍රිෂාන් සංජුල 22, පසිඳු සූරියබණ්ඩාර 21, සසිත් මනුරංග නොදැවී 18, සුපුන් කාවින්ද 4/22, දමිත සිල්වා 4/31, සුපුන් වරාගොඩ 2/29 .

ටැමිල් යූනියන් ; පළමු ඉනිම සියලුම දෙනා දැවී 152 (45.5) යොහාන් මෙන්ඩිස් 63, දමිත සිල්වා 24, ආකාෂ් සේනාරත්න 4/42, ටනීෂ  වීරකෝන් 3/32, සඳරුවන් චින්තක 2/44.

එස්. එස්. සී. ; දෙවැනි ඉනිම සියලුම දෙනා දැවී 314 (66.3) ක්‍රිෂාන් සංජුල 102, සොහාන් ඩි ලිවේරා 92, තිලිණ ප්‍රශාන් 75, පසිඳ සූරියබණ්ඩාර 21, සදීෂ පතිරගේ 5/59, දමිත සිල්වා 2/68.

ටැමිල් යුනියන් ; දෙවැනි ඉනිම සියලුම දෙනා දැවී 272 (78.4) කමේෂ් නිර්මාල් 88, රන්මිත් ජයසේන 38, දමිත සිල්වා 48, සුපුන් වරාගොඩ 45, අශාන් ප්‍රනාන්දු 25, ආකාශ් සේනාරත්න 3/93, ටනීෂ වීරකෝන් 3/82, සඳරුවන් චින්තක 2/29.

Video – මාලිංග වගේ පන්දු යවන නුවන් තුෂාරගේ දස්කම්

27 වැනි වෙළඳසේවා ක්‍රිකට් තරගාවලියේ MAS යුනිචෙලා හා සම්පත් බැංකු…..


හලාවත මේරියන්ස් ක්‍රිකට් සමාජය හා එන්. සී. සී ක්‍රිකට් සමාජය 

කොළඹ කෝල්ට්ස් ක්‍රිකට් පිටියේ දී පැවති මෙම තරගයෙන් ලකුණු 70ක ජයග්‍රහණයක් ලබා ගැනීමට හලාවත මේරියන්ස් ක්‍රීඩකයෝ සමත් වූහ. ඒ අනුව ඔවුන් අවසන් පූර්ව වටය නියෝජනය කිරීමට සුදුසුකම් ලබා ගත්හ. 

කාසියේ වාසිය දිනා ගත් එන්. සී. සී. ක්‍රීඩකයන්ගේ ආරාධනවා අනුව පළමුවෙන් පන්දුවට පහර දුන් හලාවත මේරියන්ස් ක්‍රීඩකයෝ තම පළමු ඉනිම සියලුම දෙනා දැවී ලකුණු 323ක් ලබා ගත්හ. ඊට පිළිතුරු ලෙසින් එන්. සී. සී. ක්‍රීඩකයෝ තම පළමු ඉනිමට සියලුම දෙනා දැවී ලකුණු 221ක් ලබා ගත්හ. 

ලකුණු 102ක් අතැතිව තම දෙවැනි ඉනිමට පිටියට පිවිසි හලාවත මේරියන්ස් ක්‍රීඩකයෝ එවර සියලුම දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 140ක් පමණි. ඒ අනුව ජයග්‍රහණය වෙනුවෙන් එන්. සී. සී. ක්‍රීඩකයන්ගේ ඉලක්කය වූයේ ලකුණු 243කි. එහෙත් එන්. සී. සී. කණ්ඩායම ලකුණු 172කට සීමා කිරීමට හලාවත මේරියන්ස් ක්‍රීඩකයෝ සමත් වූහ. 

හඹායන ඉනිමේ දී ලකුණු 56කට කඩුලු 5ක් දවා ගනිමින් නිමේෂ් විමුක්ති දක්ෂතා දැක්වීම කැපී පෙණුනි. 

හලාවත මේරියන්ස් ; පළමු ඉනිම සියලුම දෙනා දැවී 323 (67.1) ලසිත් කෘෘස්පුල්ලේ 134, රිෂිත උපමාල් 56, ඩිල්ශාන් සංජීව 55, ලසිත් ඇඹුල්දෙණිය 4/86, රවිඳු ප්‍රනාන්දු 3/88. සහ 95/8 (27): ලසිත් කෘෘස්පුල්ලේ 60*.

එන්. සී. සී ; පළමු ඉනිම සියලුම දෙනා දැවී  221 (85.5) රවිඳු ප්‍රනාන්දු 77, චමෝද් සඳරු 43, තිවංක කැකුලුවල 27, නිමේෂ් විමුක්ති 3/57, ලසිත් කෘෘස්පුල්ලේ 2/29, නවීන් ගුණවර්ධන 2/44.

හලාවත මේරියන්ස් ; දෙවැනි ඉනිම සියලුම දෙනා දැවී 140 (40.2) ලසිත් කෘස්පුල්ලේ 65, නිම්සර අත්තනගල්ල 30, ලසිත් ඇඹුල්දෙණිය 5/56, සමිත රංග 2/05, තිවංක කැකුලාවල 2/24.

එන්. සී. සී ; දෙවැනි ඉනිම සියලුම දෙනා දැවී 172 (51) රාහුල් රදීශ් 54, අශාන් ලොකුකැටිය 49,  නිමේෂ් විමුක්ති 5/56, ලසිත් කෘස්පුල්ලේ 2/64.

නාලන්දාවේ රවීන්ගෙන් කඩුලු 9ක දඩයමක්

නාලන්දා පිටියේ දී ඊයේ (10) ආරම්භ වූ මෙම C කාණ්ඩයේ පාසල් ක්‍රිකට්….


යුද හමුදා ක්‍රීඩා සමාජය හා නාවික හමුදා ක්‍රීඩා සමාජය 

කොළඹ එන්. සී. සී. පිටියේ දී නිමා වූ මෙම තරගයෙන් පළමු ඉනිමේ ජයග්‍රහණයක් ලැබූ යුද හමුදා ක්‍රීඩකයෝ අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබා ගත්හ.

කාසියේ වාසිය දිනා ගත් නාවික හමුදා ක්‍රීඩකයන්ගේ ආරාධනාව මත පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි යුද හමුදා ක්‍රීඩකයෝ සියලුම දෙනා දැවී ලකුණු 139ක් ලබා ගත් අතර පළමු දිනයේම නාවික හමුදාව ලකුණු 93කට සීමා විය.

ලකුණු 46ක් ඉදිරියෙන් සිටිමින් දෙවැනි ඉනිමට පිවිසි යුද හමුදා ක්‍රීඩකයෝ එම ඉනිම අවසන් කළේ ලකුණු 215කට ය. එම ඉනිම වෙනුවෙන් පැතුම් කුමාර ලකුණු 80ක් ලබා ගත්තේය. කඩුලු ලබා ගැනීමේ දී සවිඳ පීරිස් ලකුණු 65කට කඩුලු 5ක් දවා ගත්තේය. 

ලකුණු 262ක ඉලක්කයක් කරා හඹා යෑමට තම දෙවැනි ඉනිමට පිටියට පවිසි නාවික හමුදා ක්‍රීඩකයෝ තරගය අවසන් වන විට ලබා සිටියේ කඩුලු 6ක් දැවී ලකුණු 119කි. 

යුද හමුදාව ; පළමු ඉනිම සියලුම දෙනා දැවී 139 (66) ගිහාන් කෝරලගේ 31, හිමාෂ ලියනගේ 27, සවිඳු පීරිස් 3/41, හෂාන් දිල්මින් 2/19, සතික් නිමල්ෂ 2/27.

නාවික හමුදා පළමු ඉනිම ; පළමු ඉනිම සියලුම දෙනා දැවී 93 (47.2) කවිඳු කුලරත්න 6/17, හංස ද සිල්වා 4/23.

යුද හමුදාව ; දෙවැනි ඉනිම (පළමු දිනයට තරගය නතර කරන විට පන්දුවාර 48ක් අවසානයේ කඩුලු 6ක් දැවී 117) සියලුම දෙනා දැවී 215 (92.2) ගිහාන් කෝරලගේ 42, පැතුම් කුමාර 80, හිමාෂ ලියනගේ 20, සවිඳු පීරිස් 5/65, සතික නිමල්ෂ 2/27.

නාවික හමුදාව ; දෙවැනි ඉනිම කඩුලු 6ක් දැවී 119 (22) ලලිත් ප්‍රනාන්දු 30, තරුෂ කාවින්ද නොදැවී 28, නවෝද් සමරකෝන් 23, කවිඳු ගිම්හාන 21, ගිහාන් කොරලගේ 4/24, හංස ද සිල්වා 2/30.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<