දින දෙකෙන් තරගය නිමා කළ කෝල්ට්ස් අවසන් 4ට

SLC නැගී එන ක්‍රිකට් තරගාවලිය 2019/20

63

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන අන්තර් සමාජ නැගී එන (Major Club Emerging League) ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයේ තරග ඊයේ (12) ආරම්භ වූ අතර එහි දෙවන දිනය තුල කෝල්ට්ස් කණ්ඩායම සිය පූර්ණ ජයග්‍රහණය වාර්තා කරගනිමින් අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබා ගත්තේය. 

කෘෘස්පුල්ලේ – අවිශ්ක පළමු දිනයේම ශතක අතරට

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන අන්තර් සමාජ…..

දකුණතින් පිතිකරණයේ නිරත වන අවිශ්ක ප්‍රනාන්දු ලබා ගත් සුපිරි ශතකයෙන් වර්ණවත් වූ මෙම තරගයේ පළමු දිනය නිමා වන විට තරගයේ වැඩි වාසිය හිමිකර ගැනීමට කෝල්ට්ස් ක්‍රීඩකයෝ සමත් වූහ. 

BRC පිටියේ පැවති මේ තරගයේ කාසියේ වාසිය දිනා ගත් ගුවන් හමුදාව පළමුව පන්දුවට පහර දුන් නමුත් වමතින් දඟපන්දු යවන ප්‍රවීන් ජයවික්‍රමගේ දක්ෂ පන්දු යැවීම හමුවේ ගුවන් හමුදා පළමු ඉනිම ලකුණු 104කට සීමා විය. 

කෙසේ නමුත් සටන්කාමි පිතිකරණයක නිරත වෙමින් ගුවන් හමුදා පළමු ඉනිම යම් මට්ටමකට ඔසවා තැබූ ශාබික් ඉෆ්තාරි ලබා ගත් ලකුණු 47 නොවන්නට කෝල්ට්ස් කණ්ඩායමට මේ තරගයේ තවත් ඉදිරියට ඒමට අවස්ථාව තිබුණි.  

කොල්ට්ස් පළමු ඉනිම ලකුණු 311කට අවසන් වූ පසුව ලකුණු 207ක පළමු ඉනිමේ අවාසියක් සහිතව පිටියට පිවිසි ගුවන් හමුදා දෙවන ඉනිම වෙනුවෙන් කනිෂ්ක මදුශාන් ලකුණු 71ක් ලබා ගත්තේය. කෙසේ නමුත් එය ඉනිමක පරාජයෙන් ගලවා ගැනීමට ඔවුන්ට සවියක් වූයේ නොමැත. 

පන්දු යැවීමේ දී වමතින් දඟපන්දු යවන ප්‍රවීන් ජයවික්‍රම ලබාගත් කඩුලු 9 කෝල්ට්ස් කණ්ඩායමට ඉනිමකින් හා ලකුණු 35කින් මේ තරගය ජය ගැනීමට බොහෝ සෙයින් ඉවහල් විය.

කෝල්ට්ස් – ගුවන් හමුදා තරගය හැරෙන්නට තවත් අර්ධ අවසන් පූර්ව වටයේ තරග තුනක් ක්‍රියාත්මක වූ අතර එම තරග තුනෙන් යුද හමුදාව හා ටැමිල් යූනියන් කණ්ඩායම් දෙක දෙවන දිනය අවසන් වන විට තරගයේ වැඩි වාසිය තමන් සතු කරගෙන සිටියි. 

කෙසේ නමුත් කෝල්ට්ස් පිටියේ පැවැත්වෙන හලාවත මේරියන්ස් සහ එන්. සී. සී තරගයේ දෙවන දිනය ආරම්භ වන විට හලාවත මේරියන්ස් කණ්ඩායම ඉදිරියෙන් සිටි නමුත් නිමේෂ් විමුක්ති ඇතුළු එන්. සී. සී කණ්ඩායම නැවතත් පෙරළිකාර ලෙස තරගයට අවතීර්ණ වීම නිසා මේ තරගය ඉතාමත් උණුසුම් ස්ථානයකට පැමිණ ඇත.

ගුවන් හමුදා ක්‍රීඩා සමාජය හා කෝල්ට්ස් ක්‍රීඩා සමාජය 

Photos: Colts SC vs Air Force SC | QF 2 | SLC Major Emerging Tournament 2019/20

ගුවන් හමුදාව – 104 (44.1): ශාබික් ඉෆ්තාරි 47, ප්‍රවීන් ජයවික්‍රම 5/30, මහීෂ තීක්ෂණ 2/07, නිපුන් මාලිංග 2/16. සහ 176 (57): කනිෂ්ක මදුශාන් 71, නුස්කි අහමඩ් 25*, ප්‍රවීන් ජයවික්‍රම 4/81, මහීෂ තීක්ෂණ 2/51.

කෝල්ට්ස් පළමු ඉනිම – 311 (63.3): අවිශ්ක ප්‍රනාන්දු 120, හේෂාන් දනුෂ්ක 47*, සන්තුෂ් ගුණතිලක 39, විශාද් රන්දික 35*, සුමින්ද ලක්ෂාන් 3/105.

කෝල්ට්ස් කණ්ඩායමට ඉනිමක හා ලකුණු 31ක ජයක්


යුද හමුදා ක්‍රීඩා සමාජය හා නාවික හමුදා ක්‍රීඩා සමාජය 

Photos: Navy Sports Club vs Army Sports Club – QF 1 | SLC Major Emerging Tournament 2019/20

යුද හමුදාව – 139 (66): ගිහාන් කෝරලගේ 31, හිමාෂ ලියනගේ 27, සවිඳු පීරිස් 3/41, හෂාන් දිල්මින් 2/19, සතික් නිමල්ෂ 2/27. සහ 117/6 (48): ගිහාන් කෝරලගේ 42, සවිඳු පීරිස් 4/42. 

නාවික හමුදා පළමු ඉනිම – 93 (47.2): කවිඳු කුලරත්න 6/17, හංස ද සිල්වා 4/23


හලාවත මේරියන්ස් ක්‍රිකට් සමාජය හා එන්. සී. සී ක්‍රිකට් සමාජය 

Photos – Chilaw MCC vs NCC | Quarter Finals – 03 | SLC Major Emerging Tournament 2019/20

හලාවත මේරියන්ස් – 323 (67.1): ලසිත් කෘෘස්පුල්ලේ 134, රිෂිත උපමාල් 56, ඩිල්ශාන් සංජීව 55, ලසිත් ඇඹුල්දෙණිය 4/86, රවිඳු ප්‍රනාන්දු 3/88. සහ 95/8 (27): ලසිත් කෘෘස්පුල්ලේ 60*

එන්. සී. සී  – 221 (85.5): රවිඳු ප්‍රනාන්දු 77, චමෝද් සඳරු 43, තිවංක කැකුලුවල 27, නිමේෂ් විමුක්ති 3/57, ලසිත් කෘෘස්පුල්ලේ 2/29, නවීන් ගුණවර්ධන 2/44.


එස්. එස්. සී හා ටැමිල් යූනියන් ක්‍රීඩා සමාජය 

Photos: SSC vs Tamil Union C & A – SLC Major Emerging Tournament 2019/20

එස්. එස්. සී – 121 (36.1): සොහාන් ඩි ලිවේරා 28, ක්‍රිෂාන් සංජුල 22, පසිඳු සූරියබණ්ඩාර 21, සසිත් මනුරංග 18*, සුපුන් කාවින්ද 4/22, දමිත සිල්වා 4/31, සුපුන් වරාගොඩ 2/29. සහ 314 (66.3): ක්‍රිෂාන් සංජුල 102, සොහාන් ඩි ලිවේරා 92, තිලින ප්‍රශාන් 75, සදීෂ පතිරගේ 5/59, දමිත සිල්වා 2/68.

ටැමිල් යූනියන් – 152 (45.5): යොහාන් මෙන්ඩිස් 63, දමිත සිල්වා 24, ආකාෂ් සේනාරත්න 4/42, ටනීෂ වීරකෝන් 3/32, සඳරුවන් චින්තක 2/44. 96/1 (19): කමේෂ් නිර්මාල් 59*, රන්මිත් ජයසේන 36*

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<