මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයට තරග තුනක්

1116

මේ වසරේ ජූලි මස දී පැවැත්වෙන සිම්බාබ්වේ – ශ්‍රී ලංකා එක්දින තරග තුන සඳහා හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණය යොදා ගැනීමට තීරණය වී ඇතැයි වාර්තා වේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ආබාධ නිවාරණයට දැනුම දෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ඊයේ (19) රෝග නිවාරණය..

2015 ජනවාරියේ පැවැත්වුණු ජනාධිපතිවරණයෙන් පසු මෙම ක්‍රීඩා පිටිය ජාත්‍යන්තර තරග සඳහා යොදා ගෙන ඇත්තේ එක්වරක් පමණක් වන අතර ඒ 2015 ජූලි මාසයේ දී පැවති පකිස්තාන – ශ්‍රී ලංකා එක්දින තරගයක් සඳහායි. 2011 වසරේ දී නිර්මාපිත ක්‍රීඩාංගණය ඒ වසරේ දී ම පැවති ලෝක කුසලාන තරග කිහිපයක් සහ 2012 විස්සයි-විස්ස ලෝක කුසලානයේ තරග කිහිපයක් පැවැත්වීම සඳහා යෝදා ගැනුණි.

“එක්දින තරග 3ක් දිවා තරග වශයෙන් පැවැත්වීමෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ආසන්න වශයෙන් රු. මිලියන 10ක් පමණ ඉතිරි වෙන අතරම ඒ මුදල් මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණය නවීකරණය සඳහා භාවිතා කරනවා. උපායමාර්ගික සංවර්ධනයක් සහ ආයෝජනයක් සිදු කිරීම මඟින් මෙම ක්‍රීඩාංගණයේ පහසුකම් දියුණු කිරීමෙන් දකුණු පළාතේ පළමු පෙළ ක්‍රීඩාංගණය වශයෙන් මෙය යොදා ගත්තහම ලාභය ලැබෙන්නේ ක්‍රිකට් ක්‍රීඩාවටයි.” ශ්‍රී ලංකා ක්‍රිකට් වාර්තාවේ එසේ සඳහන් විණි.

ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල මහතාගේ ඉල්ලීමකට අනුව ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ උපදෙස් පරිදි යුධ හමුදා ප්‍රධානී ක්‍රිශාන්ත ද සිල්වා මහතාට ක්‍රීඩාංගණයේ ආරක්ෂාව සහ පාලනය භාරව ඇත.

ශ්‍රී ලංකා – සිම්බාබ්වේ එක්දින තරගාවලිය ඇරඹීමට නියමිතව ඇත්තේ එළඹෙන ජූනි 27 වනදා යි. ජූලි 6, 8 සහ 10 යන දිනයන්වල දී හම්බන්තොට තරග පැවැත්වේ.  

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට්  ක්‍රීඩා පිටුවට <<