මැකාවු ක්‍රීඩකයන්ගෙන් අමුතුම විරෝධතාවක්

1824

2022 FIFA ලෝක කුසලාන පාපන්දු තරගාවලියට ආසියානු සුදුස්සන් තේරීමේ තරගාවලිය පසුගිය දා ආරම්භ විය. එහි ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි වූ පළමු තරගය මැකාවු කණ්ඩායම සමඟින් මැකාවු හිදී පැවති අතර එම තරගය ගෝල 1-0ක් ලෙස ජයග්‍රහණය කිරීමට මැකාවු කණ්ඩායම සමත් විය.

මැකාවු කණ්ඩායම සමඟ පැවැත්වෙන දෙවන වටය පසුගිය ජුනි 11 වැනිදා කොළඹ දී පැවැත්වීමට නියමිතව තිබුණ නමුත් පසුගිය අප්‍රේල් 21 වැනිදා ශ්‍රී ලංකාවට එල්ල වූ මරාගෙන මැරෙන ත්‍රස්ත ප්‍රහාරය නිසා තම ක්‍රීඩකයන්ට කොළඹ පැවැත්වෙන තරගය සඳහා සහභාගි විය නොහැකි බව එරට පාපන්දු සම්මේලනය මගින් පවසා තිබුණි. එම තීරණයට මැකාවු ජාතික කණ්ඩායමේ ක්‍රීඩකයන් සියලු දෙනාම පාහේ විරුද්ධත්වය පල කර තිබූ නමුත් පසුව එම තරගය අවලංගු කිරීමට ජාත්‍යන්තර පාපන්දු සංගමය විසින් තීරණය කරන ලදි.

නවකයන්ගෙන් යන්න පුළුවන් උපරිම දුර යනවා – පකීර් අලී

2022 FIFA ලෝක කුසලාන පාපන්දු තරගාවලිය ………

පසුගිය දා මැකාවු පාපන්දු සම්මේලනය විසින් පවත්වන ලද එරට දේශීය තරගයක දී එම තීරණයට විරෝධය දැක්වීමට එයට සහභාගි වූ කණ්ඩායම් දෙකෙම ක්‍රීඩකයන් ක්‍රියා කර තිබුණි. ඒ අපූරු ආකාරයකටය. එම තරගයේ දී කණ්ඩායම් දෙක විසින් ගෝල 39ක් වාර්තා කර තිබේ. එක් කණ්ඩායමක් විසින් ගෝල 21ක් ද, තවත් කණ්ඩායමක් විසින් ගෝල 18ක් ද වාර්තා කරමිනි.

කා අයි හා හැන්ග් සායි යන කණ්ඩායම් දෙක මෙලෙස විරෝධය පල කර ඇති අතර ක්‍රීඩකයන් කිසිදු ක්‍රීඩාශීලී බවකින් තොරව පන්දුව ‍රැගෙන යමින් ගෝල වාර්තා කරන ආකාරයක් දක්නට ලැබුණි. එක් ගෝල රකින ක්‍රීඩකයෙක් ද ගෝලයක් වාර්තා කර තිබේ. එලෙස ගෝල වාර්තා කිරීමෙන් අනතුරුව කණ්ඩායම් දෙකේම ක්‍රීඩකයන් අත්පොළසන් දෙමින් සහයෝගය පලකිරීම විශේෂත්වයකි.

තරගය ලින් ෆොන්ග් ක්‍රීඩාංගණයේ පැවති අතර තරගය අවසන් වන විට ලකුණු පුවරුවේ ගෝල 21-17ක් ලෙස සටහන්ව තිබුණ ද සැබැවින්ම ඔවුන් ගෝල 21ක් හා 18ක් වාර්තා කර තිබුණි. තරගයෙන් අනතුරුව හැන්ග් සායි පවසා සිටියේ එම තරගය මගින් තමන් බලධාරීන්ට පැමිණිල්ලක් කළ බවයි.

>> පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<