නීල හරිත සටනේ මුල් දිනයේ වාසිය ලුම්බිණි විද්‍යාලයට

428
Lumbini College v Bandaranayake College

සිව්වැනි වරටත් ක්‍රියාත්මක වන කොළඹ ලුම්බිණි විද්‍යාලය සහ ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලය අතර නීල හරිත සටන අද (20) කොළඹ කෝල්ට්ස් පිටියේ දී ආරම්භ විය. දින දෙකකින් සමන්විත මෙම තරගයේ ප්‍රථම දිනය නිමා වන විට තරගයේ වැඩි ගෞරවය අත්පත් කර ගන්නට කොළඹ ලුම්බිණි විද්‍යාලය සමත්කම් දැක්වීය.

කුසල් ජනිත්ගෙන් පිට පිටම ශතක දෙකක්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් දිස්ත්‍රික් සීමිත පන්දුවාර තරගාවලියේ තවත් තරග 6ක් අද (19) ක්‍රීඩාංගණ 6කදී ක්‍රියාත්මක විය. එහි දී දිස්ත්‍රික්ක 12ක් කරට කර සටනක නියැලුණු අතර කුසල් පෙරේරා, යශෝධ ලංකා සහ හර්ෂ කුරේ අද ශතක වාර්තා කරමින් තම දිස්ත්‍රික්කය ජයග්‍රහණය කරා ගෙන ගිය ක්‍රීඩකයින් බවට පත්වූහ.

තණතිල්ල මැද දී දෙපිළේම නායකයින් දෙදෙනා අතරින් ඉහළ නැගුණු කාසිය බණ්ඩාරනායක විද්‍යාලයට වාසිය හිමි කර දෙමින් පෙරලී යද්දී ඔවුන්ගේ තීරණය බවට පත්වූයේ ප්‍රථමයෙන් පන්දු යවමින් ප්‍රතිවාදී ලුම්බිණි විද්‍යාලය අඩු ලකුණකට සීමා කිරීමයි. නමුත් එම අරමුණ යථාර්ථයක් බවට පත්කර ගැනීමට ඉඩ නොදුන් ලුම්බිණි විද්‍යාලයීය පිතිකරුවන් ලකුණු 247ක් තම ප්‍රථම ඉනිම වෙනුවෙන් රැස්කර ගැනීමට සමත් වූහ.

ලුම්බිණි විද්‍යාලය වෙනුවෙන් අගනා ඉනිමක් දියත් කල කවීන් පීරිස් ඉනිමේ වැඩිම ලකුණු ලාභියා ලෙස ලකුණු 80ක් වාර්තා කර ගන්නට සමත් විය. ලුම්බිණි ඉනිම පුරාවට දැවැන්ත ලකුණු සබඳතා දක්නට නොලැබුණු අතර අමිත දාබරේ (30) සහ රවිඳු සංජීව (29) කවීන් දමාදුන් අඩිතාලම යටතේ ලකුණු 247ක් කරා විද්‍යාලය මෙහෙයවීමට සහය දැක්වූහ. පන්දු යැවීමේ දී බණ්ඩාරනායක විද්‍යාලය වෙනුවෙන් වැඩි දස්කම් දැක්වූ හිමත් හංසන සහ ජනිඳු ජයවර්ධන කඩුලු 3 බැගින් බිඳ හෙලීමට සමත් වූහ.

දෙදින ක්‍රිකට් තරගයක දී සාර්ථක ලකුණු සංඛ්‍යාවක් ලෙස හැඳින්විය හැකි ලකුණු 247 තම ප්‍රථම ඉනිමේ අභියෝගය බවට හරවා ගත් බණ්ඩාරනායකයන් සන්ධ්‍යා කාලයේ දී තම හඹා යාම ආරම්භ කලත් ඔවුන්ට අද දිනය එතරම් වාසනාවන්ත එකක් නොවූ බව පෙනෙන්නට තිබුණි. ඒ ලකුණු 52ක් තුල දී ඔවුන්ගේ මුල්පෙළ පිතිකරුවන් සිව් දෙනෙකුටම නැවතත් ක්‍රීඩාගාරය වෙතට හැරී යන්නට සිදුවූ බැවිනි. සාර්ථක පන්දු යැවීමක නිරත වුනු පසිඳු නදුන් ලකුණු ලකුණු 37ක් ලබා දී බණ්ඩාරනායක කඩුලු 3කට හිමිකම් කීවේය. එබැවින් හෙට දිනයේ දී ප්‍රතිවාදී ලුම්බිණි ඉනිම අභිබවා ගොස් මෙම තරගයේ වැඩි ගෞරවයක් අත්පත් කර ගැනීම සඳහා බණ්ඩාරනායක විද්‍යාලයට තවත් ඉතිරිව ඇත්තේ කඩුලු 6ක් පමණි.

ප්‍රථම දිනයේ දී වැඩි දක්ෂතා ප්‍රකට කල ලුම්බිණි ක්‍රීඩකයින් මේ වන විටත් ප්‍රථම ඉනිමේ ලකුණු 195ක ඉදිරියෙන් පසු වන නිසා හෙට දිනයේ දී පන්දු රකින්නන් පිතිකරුවන් අසලට ගෙන එමින් ආක්‍රමණශීලී ක්‍රීඩා රටාවක් අනුගමනය කිරීමට ඔවුන් වැඩි උත්සාහයක් දරනු ඇත. එබැවින් ප්‍රථම ඉනිමේ දී තම කඩුලු ආරක්ෂා කර ගනිමින් තරගය බේරා ගැනීම මේ වන විට බණ්ඩාරනායක විද්‍යාලයේ ප්‍රධානතම අභියෝගය බවට පත්ව ඇත.

කොළඹ ලුම්බිණි විද්‍යාලය – සියල්ලන්ම දැවී ලකුණු 247 (පන්දුවාර 57.4): කවීන් පීරිස් 80, අමිත දාබරේ 30, රවිඳු සංජීව 29, කණිෂ්ක මධුවන්ත 21, හිමත් හංසන 3/57, ජනිඳු ජයවර්ධන 3/62.

ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලය – කඩුලු 4ක් දැවී ලකුණු 52 (පන්දුවාර 11.1): පසිඳු නදුන් 3/37.

තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න  ක්‍රිකට්  ක්‍රීඩා පිටුවට