අර්ධ ශතකයක් සමඟින් වීරයා අජන්ත මෙන්ඩිස්

665

ලාස්ට් මෑන් ස්ටෑන්ඩ් රේස් ටු චෙස්ටර් 2018 ක්‍රිකට් තරගාවලියේ දිස්ත්‍රික් තරග වටය යටතේ කළුතර දිස්ත්‍රික් ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට ලයන්ස් වෝරියර් කණ්ඩායම සමත් විය.

නවතම ආකාරයේ විස්සයි විස්ස තරගාවලියක් ලෙසින් පැවැත්වෙන මෙම තරගාවලියේ දරුසලම් කණ්ඩායමට එරෙහිව පැවති එම අවසන් මහ තරගයේ දී ලකුණු 120ක දැවැන්ත ජයක් වාර්තා කළ ලයන්ස් වෝරියර්ස් ක්‍රීඩකයෝ ලබන මස කොළඹ දී පැවැත්වීමට නියමිත ජාතික මට්ටමේ තරගාවලියට සෘජුවම සුදුසුකම් ලබා ගත්හ.

ලාස්ට් මෑන් ස්ටෑන්ඩ් දිස්ත්‍රික් තරගාවලිය මැයි මාසයේ

ලෝකය තුළ ඉතා ශීඝ්‍රයෙන් ජනප්‍රියත්වයට පත්ව තිබෙන ලාස්ට් මෑන් ස්ටෑන්ඩ් ක්‍රිකට් ආකෘතියේ 2018 …

කණ්ඩායම් තුනකගේ සහභාගිත්වයෙන් පැවති කළුතර දිස්ත්‍රික් තරගාවලියේ දී අවසන් මහ තරග වරම් දිනා ගත් ලයන්ස් වෝරියර්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 දී කඩුලු 7ක් දැවී ලකුණු 214ක දැවැන්ත ඉලක්කයක් දරුසලම් කණ්ඩායම හමුවේ තැබූව ද ඔවුන්ට රැස්කරගත හැකි වූයේ පන්දුවාර 15.4ක දී ලකුණු 74ක් පමණි.

ලයන්ස් වෝරියර්ස් කණ්ඩායම වෙනුවෙන් කැපී පෙනෙන පිතිහරඹයක් දියත් කළ ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක අජන්ත මෙන්ඩිස් පන්දු 42ක දී ලකුණු 72ක් ලබා ගනිමින් තරගයේ වීරයා සම්මානයෙන් පිදුම් ලැබීය. ඔහුට අමතරව කැපී පෙනෙන දස්කම් දැක්වූ එම කණ්ඩායමේ නලීන් පෙරේරා ලකුණු 18කට කඩුලු 4ක‍් බිඳ හෙළීය.

මෙම තරගාවලිය යටතේ අනුරාධපුර දිස්ත්‍රික් ක්‍රිකට් තරගාවලිය ලබන මැයි 19 සහ 20 අනුරාධපුරයේ දී ද, මැයි 26 සහ 27 කුරුණෑගල දී ද සහ ජුනි මස 2 සහ 3 කොළඹ ද දිස්ත්‍රික් මට්ටමේ තරග ක්‍රියාත්මක වන අතර එ් සඳහා සහභාගී වීමට කැමති කණ්ඩායම් වෙතොත් 0770 514549 හෝ 0778 117333 යන දුරකථන අංක ඇමතීමෙන් ලබාගත හැක.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<