“පංතියේ ළමයි වැඩ කරන්නේ නැතිනම්, මොනිටර් මාරු කරලා වැඩක් නෑ” – මාලිංග

90

ශ්‍රී ලංකා විස්සයි විස්ස කණ්ඩායමේ පරාජයන්ට හේතුව තමන්ගේ නායකත්වය නම්, නායකත්වයෙන් ඉවත්වීමට තමන් සූදානම් බව ශ්‍රී ලංකා විස්සයි විස්ස කණ්ඩායම් නායක ලසිත් මාලිංග පවසා ඇත. 

නාලන්දා විද්‍යාලය ගුරුකුල හමුවේ සිය අණසක පතුරුවයි

දකුණතින් පිතිකරණයේ නිරත වන නායක අවිශ්ක පෙරේරා සහ දකුණතින් පා දඟපන්දු යවන රවීන් ද සිල්වාගේ දස්කම්…..

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවති තරග තුනකින් සමන්විත විස්සයි විස්ස තරගාවලිය තරග 2-0 ක් ලෙස අවසන් කරමින් පසුගිය සෙනසුරාදා (11) රාත්‍රියේ ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථාවේ දී මාලිංග ඒ බව මාධ්‍ය වෙත පැවසීය. 

ඉන්දීය සංචාරයේ දී ශී‍්‍ර ලංකා කණ්ඩායමේ වූ පසුබෑමට හේතු වූ කරුණු සම්බන්ධයෙන් ද ලසිත් මාලිංග සිය අදහස් පළ කළේය. 

“(ඉන්දියානු සංචාරයේදී) අපේ කණ්ඩායම සෑම අංශයකින්ම හොඳට සෙල්ලම් කළේ නෑ. ඒ වගේ හොඳ විස්සයි විස්ස කණ්ඩායමක් පරාජය කරන්න අපි මීට වඩා හොඳ තනි පුද්ගල දක්‍ෂතා දක්වන්න ඕනේ. අපි තරගාවලිය පුරාම ලබා ගත්තේ එක අර්ධ ශතකය යි. මේ තරගාවලියේ දී පන්දු යවන්නෙක් ලෙස බැලුවොත් මමත් අසාර්ථකයි.” 

“පොඩ්ඩක් හරි හොඳට පන්දු යැව්වේ (ලක්ෂාන්) සඳකැන් සහ වනිඳු හසරංග. ඒක ක්‍රිකට් ක්‍රීඩාවේ අනාගතයට ඉතාමත් හොඳයි. ඒත් තරගාවලියක් ජයග්‍රහණය කරන්න මම කියන්නේ අපි මුලින් පන්දු යැව්වොත්, අපි ඒ (ඉන්දියාව) වගේ හොඳ කණ්ඩායමක් ලකුණු 180 ක් 190 ක් අතර ප්‍රමාණයකට නවත්ත ගන්න ඕනේ.” යැයි එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මාලිංග පවසන ලදි. 

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ අවසන් විස්සයි විස්ස තරග 10න් ශ්‍රී ලංකාව ජයගෙන ඇත්තේ තරග 4 ක් පමණි. මෙම තරග 10 දීම ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 170 සීමාව පසුකර ගොස් ඇත්තේ පාකිස්තානයට එරෙහිව ලාහෝරයේ දී පැවති දෙවන විස්සයි විස්ස තරගයේ දී පමණි. 

“පන්තියේ ළමයි වැඩ කරන්නේ නැත්නම් එකට මොනිටර් (පන්ති නායකයා) මාරු කරලා හරි යන්නේ නැහැ. ඒත් ඒක විසඳුමක් නම් මම ඒකටත් ලෑස්තියි.” යැයි මාලිංග පැවසුවේ ඉතාමත් ගැඹුරු දෙයක් සරල බසින්ම පවසමිනි. 

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පැවති තරග 3 කින් සමන්විත විස්සයි විස්ස තරගාවලියේ දී පළමු තරගය වර්ෂාවට සේදී ගිය නමුත් ඉතිරි තරග දෙකම ශ්‍රී ලංකා කණ්ඩායම පරාජය විය. 

නවෝද් පරණවිතාන පළමු තරගය ගොඩ දමයි

අයි. සී. සී. වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලාන තරගාවලියට සහභාගී වීමට දකුණු අප්‍රිකාව බලා ගිය ශ්‍රී ලංකා යොවුන්…..

ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පසුගිය සැප්තැම්බරයේ මහනුවර පල්ලෙකැළේ දී පැවති තෙවන සහ අවසන් විස්සයි තරගය ලසිත් මාලිංගගේ නායකත්වය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායමක් ජයගත් අවසන් විස්සයි විස්ස තරගය යි. එම තරගයේ දී පිට පිට පන්දු 4 කින් කඩුලු 4 ක් දවා ගත් ලසිත් මාලිංග ලකුණු 126 ක පහසු ඉලක්කයක් හඹා යමින් සිටි නවසීලන්ත ඉනිම ලකුණු 88 කට සීමා කිරීමට සමත් විය. 

ආරක්‍ෂක හේතූන් නිසා ශ්‍රී ලංකා ප්‍රබල ක්‍රිකට් ක්‍රීඩකයින් පාකිස්තානයේ සංචාරය කිරීමට අකමැති වූ හෙයින් එම තරගාවලියේ දී ශ්‍රී ලංකා විස්සයි විස්ස පිලේ නායකත්වය දසුන් ශානක වෙත පැවරිනි. දසුන් ශානක යටතේ පාකිස්තානයට ගියේ නවක කණ්ඩායමක් වුවත් එහිදී වත්මන් ජාත්‍යන්තර විස්සයි විස්ස ශ්‍රේණිගත කිරීමේ අංක 1 සිටින පාකිස්තානය පරදවා තරග 3-0 ක තරගාවලි ජයක් අත්කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. 

කෙසේ වෙතත් කණ්ඩායමේ නිත්‍ය නායකයා මාලිංග වන හෙයින් ඕස්ට්‍රේලියානු තරග සංචාරයේ දී මාලිංග නැවතත් නායකත්වයට පත්කරන ලදි. නමුත් එම තරගාවලියේ දී ශ්‍රී ලංකා පිලට උරුම වූයේ තරග 3-0 ක දැවැන්ත පරාජයකි. මාලිංගගේ නායකත්වය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම අවසන් වරට සහභාගී වූ විස්සයි විස්ස තරගාවලි දෙකක දී, තරග හයෙන් 5 ක්ම පරාජය වී තිබේ. අනෙක් තරගය වර්ෂාවට සේදී ගියේය. 

ශ්‍රී ලංකා ක්‍රිකට් ගොඩගන්න මූඩි ශ්‍රී ලංකාවට?

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ විශේෂඥ උපදේශකවරයකු ලෙස හිටපු පුහුණුකරු ටොම් මූඩි බඳවා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට්…..

මේ අතර ඉන්දීය කණ්ඩායම හමුවේ ලද විස්සයි විස්ස තරගාවලි පරාජයෙන් පසු ශී‍්‍ර ලංකා පිල විස්සයි විස්ස ශ්‍රේණිගත කිරීම් සටහනේ 8 වන ස්ථානය දක්වා පහත බැස තිබේ. තරගාවලියට පෙර ශී‍්‍ර ලංකා කණ්ඩායම එම සටහනේ පසු වූයේ  7 වන ස්ථානයේ යි. 

ඒ අනුව ශී‍්‍ර ලංකාව පසුකරමින් ඇෆ්ගනිස්ථානය විස්සයි විස්ස ශ්‍රේණිගත කිරීම් සටහනේ 7 වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණීම විශේෂත්වයක්.  

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<