වේගපන්දු යවන්නෝ දෙදෙනෙකුට ඕස්ට්‍රේලියානු ටෙස්ට් සංචාරය අහිමි වේ

893

ශ්‍රී ලංකා වේගපන්දු යවන ක්‍රීඩක ලහිරු කුමාර පාදයේ ආබාධයක් නිසා ඕස්ට්‍රේලියාව සමඟින් පැවැත්වෙන තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය අහිමි වන බව වාර්තා වේ. එම තරගාවලියේ පළමු තරගයේ තෙවන දිනය (26) මේ වන විට ක්‍රියාත්මකයි.

අසරණ වූ ශ්‍රී ලංකා පිළට ලක්මාල්ගෙන් සහනයක්

සුරංග ලක්මාල්ගේ විශිෂ්ට පන්දු යැවීම නිසා ඕස්ට්‍රේලියානු ප්‍රථම ඉනිම ලකුණු 323කට නිමා…

දෙවන දිනය අවසානයේ ඔහු පිටියට නොපැමිණි අතර ඕස්ට්‍රේලියානු පළමු ඉනිමේ දී ඔහු පන්දුවාර 14ක් ක්‍රියාත්මක කිරීමට සමත් විය. එහි දී පදයේ කලව ආශ්‍රිත ආබාධයකට ලක් වූ ඔහු පිටියෙන් ඉවත් විය.

අද උදෑසන ඔහු දකුණු පදයේ වෙළුම් සහිතව සිටි අතර මාධ්‍ය වාර්තා කර තිබූ අතර ඊයේ ලහිරු කුමාර ස්කෑන් පරීක්ෂණයකට ද ලක් කර තිබුණි. ඒ අනුව ඒ වාර්තා අනුව ඔහුට මෙම තරගාවලියේ ඉදිරියට පැවැත්වෙන තරග සඳහා සහභාගී විය නොහැකි බව වෛද්‍යවරුන් දැනුම් දී තිබුණි..

විසි එක් හැවිරිදි ලහිරු කුමාර ශ්‍රී ලංකාව සතු වේගවත්ම පන්දු යවන්නෙක් වන අතර ඔහු එළඹෙන ලෝක කුසලානයේ ශ්‍රී ලංකාවේ ප්‍රධානතම බලාපොරොත්තුවකි. ඔහුගේ අහිමි වීම ශ්‍රී ලංකාවට වඩාත්ම දැනෙනුයේ තරගාවලිය ආරම්භ වීමට පෙරම නුවන් ප්‍රදීප් ද ආබාධයක් නිසා තරගාවලියෙන් ඉවත් වූ නිසාවෙන්.

දික්වැල්ල ජාමෙ බේරයි; දිනය නිමා වෙද්දී කැන්ගරුවන් ඉදිරියෙන්!

ටෙස්ට් තරග දෙකකින් පමණක් සමන්විත ඕස්ට්‍රේලියානු තරග සංචාරය අරඹමින් අද (24) පළමු දිවා – රාත්‍රි …

කුමාරට අමතරව දුෂ්මන්ත චමීර ද දෙවන දිනය අතරතුර ආබාධයක් නිසා පිටියෙන් ඉවත් වූ බව වාර්තා වූ නමුත් පසුව ඔහු දිනය අවසානයේ පන්දු යැවීමේ නිරත වනු දක්නට ලැබුණි.

කෙසේ වෙතත් චමීරගේ තත්වය තවමත් ස්ථිරව සඳහන් කර නැති අතර ටෙස්ට් නායක දිනේෂ් චන්දිමාල්ගෙන් මේ පිළිබඳ අදහස් විමසීමෙන් අනතුරුව ඔහු මෙසේ අදහස් දක්වා සිටියා.

“ලහිරු කුමාර හට සති හතරක් හෝ හයක් විවේක ගැනීමට සිදුවේවි, එම නිසා ඔහු මීළඟ තරගයට සහභාගී වෙන්නේ නැහැ, ඒ වගේම දුෂ්මන්ත චමීරත් ආබාධයකට ලක්වුනා, එම නිසා අපිට තවත් වේගපන්දු යවන්නන් දෙදෙනක් ගෙන්වා ගැනීමට අවශ්‍ය වෙයි.”

විසි එක් හැවිරිදි ලහිරු කුමාර හා දුෂ්මන්ත චමීර වරින් වර දක්ෂතා අතරට පිවිසුනත් නිරන්තරයෙන් ආබාධවලට ලක් වීම නිසා ඔවුන්ට දිගින් දිගටම කණ්ඩායමේ රැඳී සිටීම ඉතා අපහසු විය. මොවුන් දෙදෙනාගේ පාඩුව ශ්‍රී ලංකා කණ්ඩායමට හොඳින්ම දැනෙන්නේ ඇන්ජෙලෝ මැතිව්ස් හා නුවන් ප්‍රදීප්ගෙන් පිරී ගිය ආබාධ ලැයිස්තුවට ඔවුන් දෙදෙනාත් ඇතුළු වන නිසාවෙනි.

කසුන් රාජිත හා විශ්ව ප්‍රනාන්දු ශ්‍රී ලංකා සංචිතයේ දැනට සිටින අනෙක් වේගපන්දු යවන්නන් දෙදෙනා වේ.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<