පන්දු යැවීමේ අංශය ශක්තිමත් කරන්න “නුවන්ලා” සංචිතයට

1142
Kulasekara and Pradeep

දඹුල්ලේ දී හෙට (28) ආරම්භ වීමට නියමිත ශ්‍රී ලංකා-බංග්ලාදේශ දෙවන එක්දින තරගයට පෙරාතුව ශ්‍රී ලංකා පන්දු යවන්නන්ගේ අංශය ශක්තිමත් කිරීම සඳහා නුවන් කුලසේකර සහ නුවන් ප්‍රදීප් කණ්ඩායම වෙත කැඳවීමට ක්‍රිකට් තේරීම් කමිටුව තීරණය කර ඇත.

පළමු තරගය කණපිට හරවන්නට මගක් සොයා සිංහයන් සටනට

බංග්ලාදේශය සමඟ තරග 3කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය ලකුණු 90කින් පරාජය වීමත් සමඟ ශ්‍රී ලංකා කණ්ඩායමට…

පළමු එක්දින තරගයේ දී සිය දකුණු අතෙහි පන්දුව වැදීම හේතුවෙන් ආබාධයකට ලක්වූ සුරංග ලක්මාල් වෙනුවට මේ වෙනස්කම සිදු වනු ඇත. තරගයට පෙර පැවති මාධ්‍ය හමුවේ දී ශ්‍රී ලංකා කණ්ඩායම් කළමනාකරු අසංක ගුරුසිංහ මෙසේ පැවසීය.

“නුවන් කුලසේකර සහ නුවන් ප්‍රදීප්ව අපි සංචිතයට ඇතුළත් කළා. මීට මූලික හේතුව තමයි සුරංග ලක්මාල්ගේ ශාරීරික යෝග්‍යතාවය ගැන අපට සහතිකයක් දීමට නොහැකි වීම. හෙට උදේ හදිසියේ කවුරුවත් කැඳවීමට අපට වුවමනා වුනේ නැහැ. ඉතින් අපි හිතුවා ක්‍රීඩකයන් දෙදෙනෙක් කණ්ඩායමට කැඳවා ගැනීමෙන් අපට විකල්ප කිහිපයක් ලැබේවි කියලා.”

කුලසේකර, ශ්‍රී ලංකාවේ අත්දැකීම් බහුල පන්දු යවන්නන් දෙදෙනා අතුරින් එක් අයෙකු වන අතර ඔහු අවසන් වරට එක්දින තරගයකට ක්‍රීඩා කළේ පසුගිය මාසයේ දකුණු අප්‍රිකාවේ දී ය. පසුගිය නොවැම්බරයේ දී සිම්බාබ්වේ තුන්කොන් සංචාරයට සහභාගී වීමෙන් පසුව නුවන් ප්‍රදීප් එක්දින ජාත්‍යන්තර තරගයක් ක්‍රීඩා කර නැත.

පළමු තරගයේ දී ශ්‍රී ලංකාව කෙරෙන් ලකුණු 324ක් පැහැර ගන්නට බංග්ලාදේශ පිතිකරුවන් සමත් වූ අතර එය මෙතෙක් ඔවුන් ශ්‍රී ලංකාවට එරෙහිව වාර්තා කළ වැඩිම ලකුණු සංඛ්‍යාව සහ ඕනෑම කණ්ඩායමකට එරෙහිව ඔවුන් වාර්තා කළ තෙවැනි වැඩිම ලකුණු සංඛ්‍යාව වේ. තරගාවලියේ ජයග්‍රහණය ගැන බලාපොරොත්තු තබා ගැනීමට නම් ශ්‍රී ලංකාව අනිවාර්යයෙන්ම මීළඟ තරගය ජය ගත යුතු අතර ගුරුසිංහගේ අදහසට අනුව ශ්‍රී ලංකාවට හොඳ අවස්ථාවක් ලැබී ඇත.

“කණ්ඩායම ගොඩක් උද්යෝගයෙන් ඉන්නේ. පළමු තරගය පරාජය වීමෙන් පස්සේ අපට තමයි පීඩනය තියෙන්නේ. අපට ඊට වඩා හොඳින් ක්‍රීඩා කළ හැකි බවට අපට විශ්වාසයක් තියෙනවා. අප කළාට වඩා හොඳින් අපට කළ හැකියි.”

දෙවන තරගයේ දී, ලකුණු අතර සිටින නිරෝෂන් දික්වැල්ලට ද අවස්ථාවක් ලැබෙනු ඇතැයි වාර්තා වේ.

 ක්‍රිකට් පුවත් සඳහා රැඳී සිටින්න – ක්‍රිකට් ක්‍රීඩා පිටුවට සමඟින්